වර්තමානය වන විට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්රය හා බැඳුනු ව්‍යාපාරයන්හි නිෂ්පාදන සහ සේවා සඳහා ලොව පුරා ඉහළ ඉල්ලුමක් සහ කැමැත්තක් පවතින අතර, මෙම වර්ධනය වන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම සඳහා අවශ්‍ය ශ්‍රම බලකායේ අවශ්‍යතාවන්ද වර්ධනය වෙමින් පවතී.
ගෝලීයව විලාසිතා නිර්මාණකරන ක්ෂේත්රය හා සම්බන්ධ දත්ත පරීක්ෂා කිරීමේදී දැක ගත හැකි වුයේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 03ක එනම් ලෝකයේ මුළු දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට වර්තමාන විලාසිතා ක්ෂේත්රය හිමිකම් කියනු ලබන බවයි. මෙහිදී කාන්තාවන් හා බැඳුනු විලාසිතා ක්ෂේත්රය ඇමරිකානු ඩොලර් බිලියන 621ක වටිනාකමකින් යුතුව ඉදිරියෙන්ම සිටින අතර, පිරිමි සහ ළමයින් හා සම්බන්ධ ක්ෂේත්‍ර පිළිවෙලින් දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන හිමි කර ගනී.
ගෝලීය විලාසිතා නිර්මාණ ක්ෂේත්රය දිනෙන් දෙන වෙනස් වන අතර නිර්මාණශීලිත්ව හැකියාවන්ගෙන් පිරිපුන් පරපුරක් බිහි කිරීම උදෙසා ක්ෂේත්රය විසින් අවස්ථා රැසක් නිර්මාණය කරමින් පවතී. තවද සමාජ මාධ්‍යන්හි වූ දියුණුවත් සමග මිනිසුන්ගේ තීරණ ගැනීමේ යාන්ත්රණයට බාහිර පාර්ශවයන්ගේ බලපෑම් එක් වීමත් සමග සිදුවී ඇති වර්ධනය මෙහිදී සුවිශේෂී වේ. මිනිසුන් සිය ඇඳුම් පැළදුම් භාවිතයේදී සහ මිලදී ගැනීමේදී අන් අය අනුකරණය සහ අනුගමනය කිරීම, අධි අපේක්ෂාවන් පවත්වා ගැනීම ක්ෂේත්රය උදෙසා අභියෝග රැසක් නිර්මාණය කරමින් පවතී.
අතීත ලක්දිව වංශකථා අනුව විජය කුමරු ලක්දිවට ගොඩ බසින විට කුවේණිය කපු කටිමින් සිටි බවට පැහැදිළි සාක්ෂ්යන් හමු වී ඇත. මීට අමතරව අතීතයේදී ස්වභාවික වර්ණක යොදා ගනිමින් භික්ෂූන් වහන්සේලාගේ සිවුරු වර්ණ ගැන්වූ තාක්ෂණය පොළොන්නරු යුගයෙන් හමු වී ඇත. ඇගළුම් ක්ෂේත්රය පිළිබඳව ලාංකිකයින් ලෙස අප සතු දැනුම අනාදිමත් කලක සිට පැවත එන්නක් බවට ඔප්පු කිරීමට මේවා කදිම නිදසුන් වේ.
වර්තමානය වන විට ලෝකය පුරා විසිරුණු ඉතා විශ්වාසනීය සහ ප්‍රසිද්ධ ඇගළුම් අයිතමයන් නිෂ්පාදනය කර අපනයනය කරන රාජ්‍යක් වශයෙන් ශ්‍රී ලංකාව අති විශාල ප්‍රසිද්ධියක් ද උසුලයි. මෙම සාර්ථකත්වය පිටුපස සිටිනුයේ දක්ෂ සහ නිර්මාණශිලිත්ව හැකියාවන් රැසකින් පිරිපුන් ශ්‍රම බලකායක් වන අතර ඔවුන් තුළ වූ දක්ෂතා තව දුරටත් ඔපනැංවීම සහ නවකයින් ක්ෂේත්රය තුළට ආකර්ෂණය කර ගැනීම උදෙසා කටයුතු කිරීම අනිවාර්ය වේ. දිනෙන් දින වෙනස් වන මානව අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ විශිෂ්ට නිර්මාණයන් ඉදිරිපත් කිරීම තුළින් එම කර්මාන්තයේ ස්ථාවරය පවත්වාගෙන යෑම සඳහා මෙය අනිවාර්ය කරුණකි.
ඕනෑම රටකට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමෙහිලා එරට සතු ඇඟළුම් හා විලාසිතා නිර්මාණ ක්ෂේත්රය විශාල දායකත්වයක් සපයයි. බොහෝ සංචාරකයින් විසින් වෙනත් රටවල් සඳහා සංචාරය කිරීමේ ප්‍රධානතම අරමුණක් වනුයේද ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමයි. උදාහරණයක් ලෙස නිව්යෝර්ක් නගරයෙහි පමණක් 900 කට අධික විලාසිතා ක්ෂේත්රය හා බැඳුනු ව්‍යාපාරයන් රැසක් ස්ථාපිත කර ඇති අතර එම කර්මාන්තයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 98ක් ලෙස ගණන් බලා ඇත. එහි අදායමෙන් ඩොලර් බිලියන 2ක් බදු අදායම් ලෙස රජයට ලැබෙන අතර, 180,000 කට අධික පිරිසකට රැකියා අවස්ථාවන්ද උදා කර ඇත.
මෙලෙසම ලෝකයේ බොහෝ රටවල් සතු ඇඟලුම් ක්ෂේත්රය සහ විලාසිතා නිර්මාණ ක්ෂේත්රයන් එම රාජ්‍යන්හි ආර්ථික ස්ථායිතාව වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දේ. ශ්‍රී ලාංකික ආර්ථිකයට සෘජු වශයෙන් දායකත්වයක් ලබා දෙමින්, රටේ ආර්ථික තත්ත්වය ඉහළ මට්ටමින් පවත්වා ගැනීමටද විලාසිතා නිර්මාණකරණය හා බැඳුනු ව්‍යාපාරයන් හට හැකියාව පවතින බැවින්, දිනෙන් දින වෙනස් වන ක්ෂේත්රයට ගැලපෙන මානව සම්පත් වර්ධනය කිරීම විශාල අභියෝගයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි නිර්මාණශීලි හැකියාවන් වලින් පිරිපුන් පිරිසක් සිටින රටක එම සම්පත් වලින් ප්‍රයෝජන ගෙන ලෝකය ජයග්‍රහණය කළ හැකි ව්‍යවසායකයන් පිරිසක් බිහි කිරීම සඳහා විශාල වගකීමක් සියලුම පාර්ශ්වකරුවන් වෙත පැවරී ඇති අතර මෙම සුවිසල් සමාජ වගකීම පිළිබඳ අවබෝධ කරගත් දේශීය ආයතනයක් ලෙස සිංගර් ෆැෂන් ඇකඩමිය නම් දරා ඇත.
ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ ක්ෂේත්රය තුළ ව්‍යවසායකයින් වීමේ බලාපොරොත්තුවෙන් බොහෝ පිරිසක් සිටිති. ඔවුනට එම ඉලක්කය සඳහා යාමට මුල්‍ය මෙන්ම මුල්‍ය නොවන දුෂ්කරතා රැසක් පවතින යුගයක සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සපයන අත්වැල අගය කල යුතුය. ලොවට මැහුම් කලාව දායාද කල සිංගර් හි අනුබද්ධිත ආයතයක් මෙන්ම 60 වසර කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර වෘත්තීය ගමන්මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය මෙරට ශ්‍රම බලකාය සඳහා වටිනාකමක් එක් කරමින් සුවිසල් ජාතික මෙහෙවරක් ඉටු කරයි.
විලාසිතා නිර්මාණකරණයට පමණක් සීමා නොවූ විෂය නිර්දේශයන් සමගින් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම, කුසලතා සහ නිර්මාණශිලිත්ව හැකියාවන් වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරම් ඔස්සේ සිසුන්ට ඔවුන් විසින් තෝරා ගත යුතු මග පිළිබඳ මනා අවබෝධයක් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් ලබා දේ. විලාසිතා නිර්මාණකරණයෙන් ඔබ්බට ගොස් නව පරපුර තුල වූ හැකියාවන් සහ කාලීන අවශ්‍යතාවන් එකිනෙක සම්මිශ්‍රණය කරමින් ආකර්ශනීය පාඨමාලා රැසක් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් හඳුන්වා දී ඇත. උදාහරණයක් ලෙස මෑත කාලීනව සංචාරක කර්මාන්තය ඇතුළු බොහෝ පිරිසකගේ ආකර්ෂණයට ලක් වූ පාඨමාලාවක් ලෙස අභ්‍යන්තර අලංකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව (Certificate in Interior Décor) හැඳින්විය හැක. මේ තුළින් හෝටල් සහ අවන්හල් තුළ වූ, වඩාත් අත්‍යවශ්‍යම අංගයක් වන අලංකරණ ක්‍රියාවලින් සඳහා අවශ්‍ය ශ්‍රම සම්පතක් බිහි වනු ඇත. රට තුලට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමෙහිලා මෙන්ම දෙස් විදෙස් රට වල රැකියා ජනනය සඳහා මෙවැනි පාඨමාලා රුකුලක් වනු නොඅනුමානය. තවද ශ්‍රී ලංකාවේ ඇගලුම් ක්ෂේත්රයේ අභිවෘධිය පිණිස ද සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සිය දායකත්වය ලබා දේ. කුසලතා වලින් පරිපුර්ණ යන්ත්‍ර මෙහෙයුම් කරුවන් ඇතුළු පුළුල් පරාසයක විහිදුණු රැකියා අවස්ථා රැසක් නිර්මාණය කිරීම තුලින් දේශීය ආර්ථිකය පණ ගැන්වීමෙහිලා සිංගර් ෆැෂන් ඇකඩමිය කැපවී සිටි.
දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශණාගාර වලට අනුබද්ධිතව පිහිටුවන ලද ෆැෂන් ඇකඩමි 62 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිසු සිසුවියන්ට පහසුවෙන් ළගා විය හැකි නගර වලදී සිය කුසලතාවන් වර්ධනය කරගැනීමේ අවස්ථාව සිංගර් ෆැෂන් ඇකඩමි තුළින් හිමිවෙයි. වඩා ආරක්ෂාකාරී වටපිටාවකදී අධ්‍යයන කටයුතු නිමා කරලීම සඳහා සිසුන්ට අවස්ථාව හිමිවන අතර ප්‍රායෝගික හැදෑරීම් රැසකට සම්බන්ධ වීමටද එහිදී ඇඳුම් නිර්මාණය සහ ඇඳුම් මැසීම පිළිබඳව සියලු අංශ සහ විවිධ මැහුම් අත්කම් ක්‍රම ද හැදෑරීමට අවස්ථාව හිමිවෙයි.
සිංගර් ෆැෂන් ඇකඩමිය හරහා ඔබට ඩිප්ලෝමා පාඨමාලා 3ක්, සහතික පත්‍ර පාඨමාලා 8ක් සහ කෙටි කාලීන පාඨමාලා 11ක් ඇතුළු පාඨමාලා 20 කට අධික ප්‍රමාණයක් හැදෑරීමේ අවස්ථාවන් හිමි වේ. ඉතා පහසු සහ දැරිය හැකි පිරිවැයකට මෙම පාඨමාලා සදහා ඕනෑම වයස් කාණ්ඩයක අයකුට ලියාපදිංචි විය හැකි අතර පාඨමාලා සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් පවත්වනු ලබන පාඨමාලා හයක් වෙනුවෙන් එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ (Chartered Society of Designers-UK) CSD Validation තත්වය හිමි වී ඇති අතර එම සංගමයෙන් ඇගයීමට පාත්‍ර වූ මෙරට ප්‍රථම ආයතනය බවට පත්වී ඇත්තේ සිංගර් ෆැෂන් ඇකඩමියයි. විලාසිතා නිර්මාණකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව,විද්‍යාත්මක ඇඳුම් නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ ඩිප්ලෝමාව, මූලික ඇඳුම් නිර්මාණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව, මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව සහ සාරි බ්ලවුස් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව මේ සඳහා ඇතුළත් වේ. ඒ අනුව එවැනි වලංගුතා තත්ත්වයක් සහිත පාඨමාලාවක් හැදෑරීම මගින් කීර්තිමත් එක්සත් රාජධානියේ CSD සහතිකය මෙන්ම මෙරට ප්රමුඛ සිංගර් ෆැෂන් ඇකඩමියේ සහතිකය ද යන සහතික දෙකම එකවර හිමිකර ගැනීමේ අවස්ථාව සිසුන්ට හිමිවේ. මෑත කාලීනව ඔස්ට්‍රේලියාව වැනි රටවල් තුලින් මෙවැනි සුදුසුකම් ලත් පිරිස් සඳහා විශාල ඉල්ලුමක් පවතින හෙයින් සිංගර් ෆැෂන් ඇකඩමි හා එක් වීම ඔවුන්ගේ නිර්මාණශිලිත්ව හැකියාවන් ජාත්‍යන්තර තලයට රැගෙන යාමට තෝතැන්නක් සපයයි. තවද වර්තමානයේ මෙම ක්ෂේත්රය තුළ දේශීය හා විදේශීය වශයෙන් විශාල රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් නිර්මාණය වී ඇත.
වෙනස් වන සමාජයට උචිත පාඨමාලා අවම පිරිවැයකින් අවසන් කිරීමේ හැකියාව ලබා දෙන පුරෝගාමී ආයතනය වනුයේ සිංගර් ෆැෂන් ඇකඩමියයි.සිසුන් සඳහාම කැපවූ දක්ෂ, පළපුරුදු, සුහදශීලී උපදේශිකාවන් පිරිසක් සිංගර් ෆැෂන් ඇකඩමිය හා අත්වැල් බැදගෙන සිටී. ශාස්ත්‍රීය හා වෘත්තීය දැනුම සම්මිශ්‍රණය වූ ඉහළ ගුණාත්මක බවකින් යුත් අධ්‍යාපනයක් ලබා දීම සඳහාත්, ඒ සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කිරිමත් සිංගර් ෆැෂන් ඇකඩමියෙහි ඒකායන අභිලාෂය වේ. පුළුල් පරාසයක විහිදුණු ප්‍රයෝගික ක්‍රියාකාරම් තුළින් අනාගත ලොව ජයගැනීමට හැකි පිරිසක් බිහි කිරීමට සිංගර් ෆැෂන් ඇකඩමිය නිරතුරුවම කැප වෙමින් සිටි.