දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික මෙහෙවරට උර දීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි.

BG MN 1.png (LBN)

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම අතර මේ හවුල්කාරීත්ව ගිවිසුම කොළඹ දී පසුගියදා අත්සන් තැබිණි.

සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා සහ කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් අතර අත්සන් තැබුණු මේ හවුල්කාරීත්ව ගිවිසුම තුළින් මෙරට කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික කර්තව්‍යයට සුවිශේෂී දායකත්වයක් දැක්වීමට අපේක්ෂා කෙරේ.
 



 

මේ වන විටත් දේශීය ගොවීන් ශක්තිමත් කරමින් සිය නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් මෙරට කෘෂි ආර්ථිකයට සැළකිය යුතු දායකත්වයක් සලසාලන සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම පසුගිය 2018 වසරේ සිට ජම්බෝ රටකජු වගාකරුවන් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබිණි. එම ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානීය සළකුණක් සටහන් කරමින් රජයේ ආයතන හා හවුල්කාරීත්වයෙන් ගිවිසුම් ගත වීම පසුගියදා සිදු විය.

ආනයන ආදේශකයක්, විදේශ විනිමය ඉතිරි කිරීමේ මාර්ගයක් හා අගය එකතු කළ නිෂ්පාදන දාමයක් ලෙස දේශීය ගොවීන්ගේ අස්වැන්නට වෙළඳපොළ වටිනාකමක් නිර්මාණය කිරීම මෙහි මුඛ්‍ය අරමුණය. ඒ ඔස්සේ ගොවි මහතුන් හා ගොවි සංවිධාන නඟා සිටුවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත. මෙයට අමතරව මේ ව්‍යාපෘතිය හා බැඳී සිටින ගොවි පවුල්වල ජීවනෝපාය වැඩිදියුණු කරමින් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටද ස්කෑන් ‘දරු දිරිය‘ ව්‍යාපෘතිය යටතේ අපේක්ෂා කෙරේ.

බත්තරමුල්ල, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘති කාර්යාලයේදී මේ හවුල්කාරීත්ව ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවේදී සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා පැමිණ සිටි පිරිස අමතමින් සඳහන් කළේ දේශීය ජම්බෝ පීනට් ඉල්ලුම සඳහා විදේශයන්ගෙන් ආනයනය නොකොට දේශීය වගාකරුවන් අතරින් ම එම අවශ්‍යතාවය සපුරාලීමට හැකි වපසරියක් නිර්මාණය කිරීම තුළින් ජාතික ආර්ථිකය නගා සිටුවීම තම මුඛ්‍ය පරමාර්ථය බවයි. එමෙන්ම ගෝලීය තරගකාරීත්වයට අනුගත වෙමින් අපනයන ප්‍රවර්ධනය තුළින් ආදායම් උත්පාදනය කිරීමට මෙමඟින් හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය. අතරමැදියන් සම්බන්ධ කර නොගෙන ගොවීන් හා සෘජුවම ගනුදෙනු කිරීමට ඇති හැකියාව නිසා තම අස්වැන්නට හොද මිලක් ලබා ගැනීමට මේ ව්‍යපෘතියෙන් ගොවි පවුල්වලට ඉඩ ලැබෙන බවද මංගල පෙරේරා මහතා පැවැසිය. මේ ව්‍යාපෘතිය ඔස්සේ ගොවීන්, ගොවි සංවිධාන මෙන්ම කෘෂි කාර්මික ක්ෂේත්‍රය හා ඒ සමඟ බැඳුණු ආර්ථිකයද තිරසර කිරීම තම අභිලාෂය බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ හවුල්කාරීත්ව ගිවිසුම තුළින් මෙරට ජම්බෝ රටකජු වගාව නවීකරණය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ පරිවර්තනීය වෙනසක් නිර්මාණය කරනු ඇත. එය නවෝත්පාදනය, තිරසර කෘෂිකාර්මික භාවිතාවන් සහ ඉහළ නිෂ්පාදන ඵලදායිතාවයක් සඳහා පදනම සකසයි. ඒ තුළින් මෙරට කෘෂිකර්මාන්තයට මෙන්ම වගාකරුවන්ටද වඩාත් සමෘද්ධිමත් අනාගතයක් උදාකරලනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ස්කෑන් ජම්බෝ පීනට් මේ වන විටත් ශ්‍රී ලංකාවේ රටකජු වෙළෙඳ පොළ තුළ සියයට 70කට අධික වෙළෙද පොළ කොටස් ප්‍රතිශතයකට හිමිකම් කියමින් වෙළෙඳ පොළ ප්‍රමුඛයා ලෙස වැජඹෙයි. විසි පස් වසරකට අධික කාලයක් තිස්සේ සියලු දෙනාගේම අංක එකේ තේරීම බවට පත්ව ඇති ස්කෑන් ජම්බෝ පීනට් මේ වන විට නිෂ්පාදනය කෙරෙනුයේ දේශීය ගොවි බිම්වල වගා කෙරෙන රසයෙන් සහ ගුණයෙන් උසස් ‘ලංකා ජම්බෝ පීනට්‘ ප්‍රභේදයෙනි. කිලිනොච්චිය හා මුලතිව් ආදී උතුරු පළාතේ ජම්බෝ රටකජු වගා කරන ගොවි මහතුන් මෙන්ම තන්තිරිමලේ, අනුරාධපුර, රිදීමාලියද්ද, ඔක්කම්පිටිය, වැල්ලවාය, ලුණුගම්වෙහෙර, හම්බන්තොට හා සෙවනගල ආදී ප්‍රදේශවල ගොවි ප්‍රජාවද මේ හා එක්ව සිටිති.

මේ ව්‍යාපෘතියට සමගාමීව සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම අති නවීන යන්ත්‍ර සුත්‍රවලින් හා උසස් තාක්ෂණයකින් යුත් ජම්බෝ පීනට් සැකසුම් කර්මාන්ත ශාලාවක් හොරණ ප්‍රදේශයේ ස්ථාපිත කෙරිණි. එය මෙරට ශ්‍රමික ප්‍රජාවට නව රැකියා අවස්ථා සැලසීමක් පමණක් නොව  අගය එකතු කළ සිය නිෂ්පාදන දාමය දේශීයව සහ අන්තර්ජාතික වශයෙන් වඩාත් පුළුල්ව නව මානයකට රැගෙන යාමටද  අවකාශය සලසන්නකි. නව්‍යකරණය හා විශිෂ්ටත්වය මුසු වූ ස්නැක් නිෂ්පාදනාගාරය තුළින් ‘ස්කෑන් ජම්බෝ පීනට්‘ දේශීය සන්නාමය අන්තර්ජාතික වශයෙන් සවිමත් කිරීමට මෙන්ම මෙරට ගොවි පරපුර නඟා සිටුවමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නංවමින් නව වෙළෙඳ සංස්කෘතියක් බිහි කරනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව