දකුණු ආසියා කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් 7ක්, රිදී 5ක් සහ ලෝකඩ 3ක්

1692851935751 (LBN)

 



 

 

දකුණු ආසියානු කලාපයේ අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. නේපාලයේ කත්මණ්ඩු නුවරදී පසුගියදා නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 15න් පහළ කාන්තා ඒකල ශුරතාව සහ අනුශූරතාව, අවුරුදු 17න් පහළ කාන්තා ඒකල ශූරතාව සහ අනුශූරතාව, අවුරුදු 15න් පහළ මිශ්‍ර යුගල ශූරතාව සහ අනුශූරතාව, අවුරුදු 17න් පහළ මිශ්‍ර යුගල ශූරතාව සහ අනුශූරතාව, අවුරුදු 15න් පහළ පිරිමි යුගල ශූරතාව, අවුරුදු 15න් පහළ කාන්තා යුගල ශූරතාව, අවුරුදු 17න් පහළ කාන්තා යුගල ශූරතාව, අවුරුදු 17න් පහළ පිරිමි ඒකල අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවුරුදු 15න් පහළ කාන්තා ඒකල අවසන් මහා තරගයේදී සිතුලි රණසිංහ ලකුණු 21-13ක් සහ 21-10ක් ලෙස පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට නෙත්මි රත්නායක සමත් වූ අතර, අවුරුදු 17න් පහළ කාන්තා ඒකල අවසන් මහා තරගයේදී රනිත්මා ලියනගේ ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-6ක් සහ 21-8ක් ලෙස රනුමි මානගේ පරාජයට පත් කරමිනි.

අවුරුදු 15න් පහළ මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී ලකුණු 21-20ක් සහ 21-12ක් ලෙස කෙනෙත් අරුක්ගොඩ සහ සිතුලි රණසිංහ පරාජය කිරීමට සෙනුත් සෙත්මිණ පෙරේරා සහ නෙත්මි රත්නායක සමත් වූ අතර, අවුරුදු 17න් පහළ මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී හිරුක අලුත් පටබැඳිගේ සහ රනුමි මානගේ ලකුණු 21-14ක් සහ 21-16ක් ලෙස පරාජය කිරීමට තිඩස වේරගොඩ සහ රනිත්මා ලියනගේ සමත් වූහ.

මේ අතර අවුරුදු 15න් පහළ පිරිමි මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී බංග්ලාදේශයේ මොස්ටාකින් හොසේන් සහ වාලි උල්ලා ලකුණු 21-15ක්, 19-21ක් සහ 23-21ක් ලෙස පරාජය කිරීමට කෙනෙත් අරුක්ගොඩ සහ සෙනුත් සෙත්මිණ පෙරේරා සමත් වූ අතර, අවුරුදු 15න් පහළ කාන්තා යුගල අවසන් මහා තරගයේදී ලකුණු 21-12ක් සහ 21-4ක් ලෙස නේපාලයේ ඩිලේෂා රානා සහ රිහානා ෂෙර්චන් පරාජය කිරීමට සිතුලි රණසිංහ සහ නෙත්මි රත්නායක සමත්වූහ.

අවුරුදු 17න් පහළ කාන්තා යුගල අවසන් මහා තරගයේදී රනුමි මානගේ සහ රනිත්මා ලියනගේ ජයග්‍රහණය අත්කර ගනු ලැබුවේ ලකුණු 21-6ක් සහ 21-1ක් ලෙස අසාත් සෝයා හොසේන් සහ මොහොමඩ් ෂරීෆ් ෂයිබා පරාජයට පත් කරමිනි.

අවුරුදු 17න් පහළ පිරිමි ඒකල අනුශූරතාව දිනා ගැනීමට තිඩස වේරගොඩ සමත් වූ අතර, අවුරුදු 15න් පහළ පිරිමි ඒකල තරග ඉසව්වේ තුන්වැනි ස්ථානය කෙනෙත් අරුක්ගොඩට හිමි වූ අතර, හිරුක අලුත් පටබැඳිගේ අවුරුදු 17න් පහළ පිරිමි ඒකල තරග ඉසව්වේ තුන්වැනි ස්ථානයට පත් විය. අවුරුදු 17න් පහළ පිරිමි යුගල ශුරතා තරග ඉසව්වේ තුන්වැනි ස්ථානය හිරුක අලුත් පටබැඳිගේ සහ තිඩස වේරගොඩ දිනාගත්හ.

දකුණු ආසියානු කලාපයේ අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ ඒකල, යුගල හා මිශ්‍ර තරග ඉසව්වලදී ජයග්‍රහණ අත්කර ගැනීමෙන් දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එම වයස් කාණ්ඩ ද්විත්වයේදීම මිශ්‍ර කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව