තුන් වෙනි වරටත් “JAT පින්තාරු අභිමන්” වැඩසටහන JAT Holdings සමාගම දියත් කරයි.

Pintharu Abhiman 2024 (LBN)

JAT Holdings සමාගම විසින් දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ අරමුණින් තුන්වන “JAT පින්තාරු අභිමන්” වැඩසටහන දියත් කරයි. මෙම වැඩසටහන 2025 අගෝස්තු දෙවන සතියේ ආරම්භ වන අතර, මාස තුනක කාලය තුළ නගර අටකදී පැවැත්වේ. දිවයින පුරා දැව පින්තාරු ශිල්පීන් 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වය මේ සදහා අපේක්ෂා කරයි.

 



 

“JAT පින්තාරු අභිමන්”, ජාතික මට්ටමින් දැව පින්තාරු ශිල්පය දිරිගන්වන සහ ශිල්පීන් සවිබලගන්වන වැඩසටහනකි. මෙමඟින් ශිල්පීන් සදහා ප්‍රායෝගික පුහුණුව හා න්‍යායාත්මක පුහුණුව ලබාදෙන අතර, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබා ගැනීම සදහා ද මඟ පෙන්වයි.

පසුගිය වසර දෙක තුළ වැඩමුළු 16ක් පවත්වමින් දැව පින්තාරු ශිල්පීන් 1700කට අධීක පිරිසරකට පුහුණුව ලබාදීමට කටයුතු කළ අතර, මෙම වැඩසටහන මඟින් 2025 දී ද දැව පින්තාරු ශිල්පීන්ගේ න්‍යායත්මක සහ ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීමට නියමිතය. මෙයට සමගාමීව, මෙම වසරේදීත් සෑම කළාපයකම හොඳම දැව පින්තාරු නිමවුම් ශිල්පියා තේරීමේ තරගයක්ද සංවිධානය කර ඇත.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය හෙවත් NAITA සමඟ JAT Holding සමාගම හවුල්ව දැව පින්තාරු ශිල්පීන් 700 කට වැඩි පිරිසකට NVQ සහතික ලබා දී, විධිමත් පිළිගැනීමක් සහ වෘත්තීය අවස්ථා හිමිකර දී ඇත. පසුගිය වසරයන්හී NVQ සහතික ලාභීන්ගේ ප්‍රතිපෝෂණවලින් වැඩසටහනේ සාර්ථකත්වය මෙලෙස  තහවුරු වේ,

​•​90%ක් ඔවුන්ගේ කුසලතා පිලිබදව විශ්වාසය වැඩි වූ බව පවසති.

​•​61% ක් රැකියා අවස්ථාවන් වැඩි වී ඇත.

​•​51% ක් ඔවුන්ගේ සේවාවන් සදහා ඉහළ මිලක් අය කළ හැකි වී ඇත.

​•​ සෑම සහතිකපත් ලාභීන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් සාර්ථකව ඔහුගේම ව්‍යාපාරක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන NVQ Level 4 සහතික ලබා ගැනීමට සහය වන අතර, සෑම වැඩමුළුවකම NAITA නියෝජිතයෙකුගේ විශේෂ සැසියක් ද ඇතුළත් වෙයි. මේ සදහා නිල මාධ්‍ය අනුග්‍රහකයන් වශයෙන්, MTV/MBC Network මාධ්‍ය නැවතත් එක්වෙයි.

මෙම වැඩසටහන දියත් කිරීම සම්බන්ධයෙන්, JAT Holdings  සමාගමේහි අධ්‍යක්ෂ – අලෙවිකරණ, දිල්ශාන් රොද්‍රිගෝ මහතා පවසන්නේ, ‘JAT පින්තාරු අභිමන්’ යනු පුහුණුවක් පමණක් ම නොවේ. ශිල්පීන්ගේ දායකත්වයට ගෞරව කරමින්, ඔවුන්ගේ කුසලතා හා අභිලාෂයන්  වර්ධනය කරමින් , සාර්ථක දැව පින්තාරු ක්ශේත්‍රයේ වෘත්තිකයන් ලෙස ගොඩනැංවීමට අපි දරන උත්සාහයේ  ප්‍රතිඵලයක් බවයි.

“JAT පින්තාරු අභිමන්” වැඩසටහන තුන්වන වසරට පිවිසෙන විට, JAT Holdings සමාගම ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පයේ ප්‍රමිතීන් ඉහළ නංවමින්, පින්තාරු ශිල්පීන්ට ගෞරවයක් හා සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන ජාතික තලයේ වැඩසටහනක් බවට පත්ව තිබේ.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව