ශ්රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ උග‍්‍ර ආර්ථික අර්බුදය මධ්‍යයේ, කටුපොල් තහනම වහා ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කලාපීය වැවිලි සමාගම් (RPCs) සහ කුඩා පරිමාණයේ කටුපොල් වගාකරුවන් යන දෙපාර්ශවයම ප‍්‍රතිලාභ ලබන කටුපොල් වගාවේ තිරසාර වර්ධනය සඳහා පුළුල් ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.
ශ‍්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අභියෝග හේතුවෙන් බොහෝ ජනතාවට මූල්‍ය දුෂ්කරතා ඇති වී තිබෙන අතර මෙරට දරිද්‍රතා අනුපාතය 2022 දී 25% සිට 2023 දී 28% දක්වා ඉහළ ගියේය. විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල එය 32% දක්වා ඉහළ ගොස් ඇත. කුඩා වතු හිමියන්ට තිරසාර කටුපොල් වගාව සඳහා ඉඩ සැලසීම තුළින් මෙම ගැටලූවලට විසඳුමක් සොයා ගත හැකි බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සේනක අලවත්තේගම මහතා විශ්වාස කරයි. විශේෂයෙන් අයහපත් කාලගුණික තත්වයන් සහ විවිධ රෝග හේතුවෙන් සිය වගාවන් විනාශයට පත් වීම නිසා පීඩාවට පත් කුඩා රබර් වතු හිමියන්ට කටුපොල් වගා කිරීමට අවස්ථා ලබාදීමේ වැදගත්කම ඔහු විශේෂයෙන් අවධාරණය කළේය.
‘‘මෙම තහනම ඉවත් කර ගන්නා ලෙසත් කටුපොල් වගාවේ ඇති වටිනාකම පිළිගන්නා ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම මහජනතාවට සහ කුඩා වතු හිමියන්ට ඔවුන්ගේ ආර්ථික අපහසුතාවන් මගහරවා ගැනීම සඳහා කටුපොල් වගාවේ ඇති හැකියාව පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම සඳහා RPCs සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත්.
‘‘මේ වන විට RPC මගින් කළමනාකරණය කරනු ලබන කටුපොල් වගාවක සේවය කරනු ලබන සේවකයෙකු රුපියල් 100,000 කට වැඩි මුදලක් උපයනවා. අපගේ ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට මෙවැනි අවස්ථාවක් අහිමි කිරීම අසාධාරණයි. ගැටලූව නම් අප ඉදිරියට යා යුතුද යන්න නොව ඉදිරියට යා යුත්තේ කෙසේද යන්නයි. මෙම උත්සාහය පාම් ඔයිල් කර්මාන්තය වෙනසකට ලක් කිරීම පමණක් නොව රට පුරා ග‍්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්වයන් තිරසාර පුනර්ජීවනයක් සඳහා ද වනවා.’’
කුඩා වතු හිමියන් අතර තිරසාර ලෙස කටුපොල් ව්‍යාප්ත කිරීමට ඉඩ සලසන උපාය මාර්ගික සැලසුමක් සකස් කරන ලෙස අලවත්තේගම මහතා රජයෙන් ඉල්ලා සිටී. ඕනෑම නව වගාවක් තහනම් කරමින් සෑම වසරකම RPCs හට කටුපොල් වගාවෙන් 10% ක් අහිමි කරන ගැසට් පත‍්‍රය අවලංගු කිරීමට ධනාත්මක පියවර ගන්නා ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
AEN Oil Mills හි ප‍්‍රධාන විධායක නිලධාරී රුවන් ගුණවර්ධන මහතා පවසන්නේ කළුතර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල කුඩා වතු හිමියන් කටුපොල් වගා කර AEN වෙත විකිණීමට උනන්දුවක් ඇති නමුත් රජයේ තහනම නිසා ඊට බාධා එල්ල වී ඇති බවයි.
‘‘පාම් ඔයිල්වලට එරෙහි සියලූම චෝදනා විද්‍යාත්මකව අසත්‍ය බව ඔප්පු වී තිබෙනවා. මේ බව විද්‍යානුකූලව හොඳින් තහවුරු වී තිබියදීත්, මෙම භෝගයට තවමත් විරෝධයක් පවතිනවා. නමුත් මෙම විරෝධය පාරිසරික ගැටළුවලට සම්බන්ධ එකක් නොවේ, ප‍්‍රධාන වශයෙන් මෙම විරෝධය මතුවන්නේ තේ සහ රබර් මෙන් කුඩා වතු හිමියන්ට කටුපොල් වගා කිරීමට ඉඩ ලබා නොදීම නිසයි. වටිනාකමින් වැදගත් මෙම භෝගයට මෙවැනි විරෝධයක් මතු වීමට ඇති ප‍්‍රධාන හේතුව වන්නේ මෙයයි.’’
‘‘අපි මෙම ගැටලූ පිළිබඳව කුඩා වතු හිමියන්, මහජනතාව සහ ආගමික නායකයින් ඇතුළු අවට ප‍්‍රදේශවාසීන් සමඟ පුළුල් ලෙස සාකච්ඡුා කර තිබෙනවා. කටුපොල් වගාවේ නියැලී සිටින අය වඩාත් හොඳ ජීවන තත්වයක් පවත්වා ගෙන යන බව ඔවුන් දැක තිබෙනවා. කෙසේ වෙතත්, ඔවුන්ට මෙම භෝගයේ ප‍්‍රතිලාභ බෙදා ගැනීමට සාධාරණ අවස්ථාවක් ලැබුණහොත් ඔවුන් වහාම කටුපොල් වගා කිරීම ආරම්භ කිරීමට ඉතා කැමැත්තෙන් සිටිනවා.” යනුවෙන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.
දැනට ශ‍්‍රී ලංකාව පාම් ඔයිල් මෙටි‍්‍රක් ටොන් 264,000ක් පරිභෝජනය කරයි. ශ‍්‍රී ලංකා ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) විසින් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ දේශීය පාම් ඔයිල් නිෂ්පාදනය තුළින් රටට වසරකට ඩොලර් මිලියන 17 ක විදේශ විනිමය ඉතිරි වන බවයි.
ශ‍්‍රී ලංකාවේ ආහාරයට ගතහැකි තෙල් ඉල්ලූමෙන් 74%කට ආසන්න ප‍්‍රමාණයක් සපුරාලන්නේ මිල අධික ආනයන මගිනි. දේශීය පාම් ඔයිල් මෙම ඉල්ලූමෙන් 6%ක් සපයනු ලබයිx ඉතිරිය දේශීය පොල් තෙල් වලින් ලැබෙන අතර එය වාර්ෂික පොල් අස්වැන්න අනුව වෙනස් වේ. පොල්තෙල් විකල්පයක් ලෙස සලකනු ලැබුවද, දැනට පවතින පොල් නිෂ්පාදන ධාරිතාව සම්පූර්ණයෙන්ම පාම් ඔයිල් සඳහා ආදේශ කිරීමට තරම් ප‍්‍රමාණවත් නොවේ.
ශ‍්‍රී ලංකාව තුළ වාණිජමය වශයෙන් භෝග වගා කිරීම සඳහා සීමිත ඉඩම් ප‍්‍රමාණයක් ඇති බැවින් කටුපොල් වගාව රටේ ආහාරයට ගත හැකි තෙල් අවශ්‍යතාව සපුරාලීමට උපකාරී වනු ඇත. එපමණක් නොව, දේශීය පාම් ඔයිල් නිෂ්පාදනය 33,000 කට වැඩි පිරිසකට රැකියා උත්පාදනය කරන අතර රුපියල් බිලියන 23 ක ආයෝජනයක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇත.
‘‘ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් සැලකිය යුතු ගැටලූවක් ඉස්මතු කර තිබෙනවා. එනම් අපි අපනයනය කරනවාට වඩා වැඩි ප‍්‍රමාණයක් අපි ආනයනය කිරීමයි. පාම් ඔයිල් යනු ආහාරවල සිට ෂැම්පු සහ ඖෂධ දක්වා වූ විවිධ නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන විකල්පයක් වන අතර වෙනත් ශාක තෙල් වර්ගයක් වෙත සම්පූර්ණයෙන් මාරුවීම ආර්ථිකමය වශයෙන් සුදුසු නැත.
”තවද, කටුපොල් වේගයෙන් වර්ධනය වන බෝගයක් වුවද, බීජ පැල ආනයනය කිරීමට, අලූත් පැල තවාන් දැමීමට සහ මෙම වගාවන් පරිණත වීමට තවත් වසර 3-4 ක් ගතවනවා. ඒවගේම එහි ඵලදායිතාවයට ළඟා වීමට දශකයක් පමණ කාලයක් ගත වනවා. මෙම ක‍්‍රියාවලීන් වසරේ නිශ්චිත කාලවලදී සිදු වීම හේතුවෙන් ඇති වන සෑම ප‍්‍රමාදයක්ම ශ‍්‍රී ලංකා ආර්ථිකයට සහ ආර්ථිකමය වශයෙන් ප‍්‍රතිලාභ ලබන එහි ජනතාවට සරල හා ඵලදායී විසඳුමක් අහිමි කරනවා. රජය වහාම මෙම තහනම ඉවත් කළ යුතුයි’’ යනුවෙන් අලවත්තේගම මහතා පැවසීය.