තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Alumex PLC විසින් Aluminum Stewardship Initiative ( ASI ) සහතිකය හිමි කරගනියි.

Image 01 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන ආයතනය වන Alumex PLC විසින් පසුගියදා ASI කාර්ය  සාධන ප්‍රමිතී සහතිකය ( Performance Standards Certification ) ලබාගැනීමට සමත්විය. මේ සමඟ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකය ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට Alumex PLC පත් වේ.



මේ තුළින් ලොව පුරා ඇලුමිනියම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ආචාර ධර්ම පිළිබඳ විශිෂ්ඨත්වය, පාරිසරික, සමාජීය සහ පාලන ( ESG ) පිළිවෙත් අනුගමනය කරන ඇලුමිනියම් නිෂ්පාදකයන් අතරට Alumex PLC ද එකතු වේ. මෙම සහතිකය ලැබූ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති එකම ඇලුමිනියම් නිෂ්පාදන සමාගම Alumex PLC වීමද විශේෂත්වයකි.    තවද ජුනි 11 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම සහතිකය Alumex PLC වෙත ප්‍රදානය කර ඇති අතර එමඟින් Alumex PLC සමාගම ASI සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු ඇලුමිනියම් නිෂ්පාදන නිපැයුම්කරුවා බවට පත්වීම සුවිශේෂී ජයග්‍රහණයකි.

වගකිවයුතු ඇලුමිනියම් සැපයුම් මූලාශ්‍ර, ( Responsible Sourcing ) නිෂ්පාදනය සහ ජීවන චක්‍ර කළමනාකරණය ( Life Cycle Assessment ) පෙන්නුම් කරන සමාගම්  ASI කාර්ය සාධන ප්‍රමිතිය ( ASI- Performance Standards ) මඟින් හඳුනා ගනියි. අභ්‍යන්තර ප්‍රමිති නියාමනයක්, ASI – සහතික කළ ආයතනයක් මඟින් සිදු කරන ලද ස්වාධීන තෙවන පාර්ශවීය විගණනයක් සහ දැඩි ESG නිර්ණායකයන්ට අනුකූලව ක්‍රියාත්මක කල ඇගයීම් ක්‍රියාවලියකින් පසුව Alumex PLC වෙත මෙම සහතිකය ප්‍රදානය කරන ලදී.

මේ සම්බන්ධව අදහස් දක්වමින් Alumex PLC හි කළමණාකර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කලේය. ‘ ASI සහතිකය හිමි කර ගැනීම Alumex PLC වෙත මෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයටද සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. මෙම සහතිකරණය ලබාගැනීම තුලින් වගකීම්සහගත සහ තිරසාර ඇලුමිනියම් නිෂ්පාදනය කෙරෙහි අපගේ ඇති කැපවීම නැවතත් තහවුරු කරන අතර ජාත්‍යන්තර තලයේ තරඟකාරීත්වය වර්ධනය කිරීම සඳහා ඇලුමෙක්ස් ආයතනය ගෝලීය තිරසාරත්ව සම්මතයන්ට ඇති අනුකූලත්වය තහවුරු කරයි.’

පුළුල් වෙලඳපල ප්‍රවේශය සහ වැඩිදියුණු කළ විශ්වසනීයත්වය සහ අවදානම් කළමනාකරණය ඇතුළු ප්‍රතිලාභ රැසක්  Aluminum Stewardship Initiative ( ASI ) කාර්ය සාධන ප්‍රමිතීන් සහතිකය මඟින් පිරිනමයි. එමඟින් ස්වාධීන ලෙස ESG කාර්ය සාධනය වලංගු කිරීම, කොටස්කරුවන් සහ පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සහ තිරසාරභාවය කේන්ද්‍ර කරගත් වෙලඳපළ අවස්ථා විවෘත කිරීම සිදුකෙරේ. එසේම මෙම කාර්ය සාධන ප්‍රමිති සහතිකය හරහා ගෝලීය වශයෙන් නියාමනය සිදු කරනු ලබන ඉල්ලීම සඳහා මෙන්ම කාලානුරූපව වෙනස් වන පාරිභෝගික අපේක්ෂාවන්ට සාර්ථකව මුහුණදීම සඳහා සමාගම් සවිබලගන්වනු ලබයි.

ආයතනික වගකීම කෙරෙහි Alumex PLC දක්වන පුළුල් කැපවීම සම්බන්ධව මෙම ජයග්‍රහණය මනා සාක්ශියකි. සිය නිෂ්පාදනයන් පාරිසරික මෙන්ම සදාචාරාත්මක ගුණාත්මකභාවයෙන් යුතුව නිෂ්පාදනය කර ඇති බව Alumex PLC විසින් පාරිභෝගික ජනතාව වෙත සහතික කරයි. එමෙන්ම ආරක්ෂාව, අන්තර්ග්‍රහණයන් කිරීම සහ පාරිසරික භාරකරත්වය පිළිබඳ සමාගමේ තිරසාර ප්‍රතිපත්ති සමඟ ආයතනයේ සේවක මහත්ම මහත්මීන්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු අභ්‍යන්තර පාර්ශ්වකරුවන්ද ප්‍රතිලාභ ලබයි.

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව