ජේ එෆ් පැකේජින් සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා වූ ආයෝජක සමුළුව සාර්ථකව පවත්වයි.

Image - JF Packaging Investor Forum Draws Strong Interest Ahead of IPO

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෙන්ම බහුවිධ සම්මානලාභී නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සැපයුම්කරුවෙකු වන ජේ එෆ් පැකේජින් සමාගම සිය ආයෝජක සමුළුව 2025 ඔක්තෝබර් මස 21 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ ‘ද ස්ටුඩියෝ’ හිදී සාර්ථකව පවත්වන ලදී. ප්‍රබල දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් මෙන්ම මාධ්‍යවේදීන් රැසකගේ  සහභාගීත්වය මෙම අවස්ථාවට හිමි විය.

ඉහළ වත්කම් සහිත පුද්ගලයින්, ව්‍යාපාර ආයෝජකයින්, ආයතනික අරමුදල්, සහ ආයෝජන විශ්ලේෂකයින් රැසක් සහභාගී වූ මෙම සමුළුව මඟින්, සමාගමේ මෙහෙයුම්, වර්ධන උපාය මාර්ග සහ තිරසාරත්වය කේන්ද්‍ර කර ගත් නවෝත්පාදන පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන ලදී.
 



 

සමුළුව අතරතුර, ජේ එෆ් පැකේජින් හි කළමනාකාරීත්වය විසින් සමාගමේ මූල්‍ය කාර්ය සාධනය, තරඟකාරී වාසි, සහ ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත මූලික මහජන කොටස් නිකුතුව (IPO) හරහා රැස් කරන අරමුදල් යෙදවීමට අපේක්ෂිත සැලසුම් ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම, සහභාගී වූවන්ට සමාගමේ කළමනාකාරීත්වය සමඟ සෘජුවම ප්‍රශ්නෝත්තර සැසියකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු අතර, එමඟින් සමාගමේ දැක්ම සහ දිගුකාලීන වර්ධන විභවය පිළිබඳව වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

2025 ඔක්තෝබර් මස 30 වන දිනට මූලික මහජන කොටස් නිකුතුව (IPO) විවෘත කිරීමට නියමිතව ඇති පසුබිමක, මෙම ආයෝජක සමුළුවට ලැබුණු ඉහළ සහභාගීත්වය සහ ධනාත්මක ප්‍රතිචාර, කොටස් නිකුතුව කෙරෙහි වෙළඳපොලේ ඇති ප්‍රබල උනන්දුව පැහැදිලිවම පෙන්නුම් කරන සාධකයක් ලෙස සැලකේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව