
අලෙවිකරුවන් සඳහා වූ ජාතික ආයතනය ලෙස 1970 වසරේ සිට ආරම්භ කරන ලද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ මනා කැපවීමක් සහ වෘත්තීය හැකියාවක් ප්‍රදර්ශනය කළ අලෙවිකරුවන් ඇගයීම සඳහා ජාතික අලෙවි සම්මාන රාත්‍රිය 2025 (NSA 2025) සංවිධානය කර තිබේ. මෙවර මෙම සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ ‘ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා පිටුබලය ලබාදෙන අලෙවිකරුවන්’ යන තේමාව මුල් කරගනිමිනි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සැබෑ විකුණුම් විශිෂ්ටත්වය යනු ඉලක්ක සපුරා ගැනීමෙන් ඔබ්බට විහිදෙන්නක්. අර්ථවත් වටිනාකමක් සේවාදායකයන් වෙනුවෙන් නිර්මාණය කිරීම, ඔවුන්ගේ උපායමාර්ගික අවශ්‍යතාවන් මැනවින් අවබෝධ කර ගැනීම,ව්‍යාපාරික කටයුතු සදාචාරාත්මක ලෙස පවත්වා ගැනීම සහ දිගු කාලීන හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම ආදී කරුණු රාශියක් ඊට ඇතුළත් වෙනවා. අපේ රටේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන්ට තිරසාර ව්‍යාපාර වර්ධනයක් සහිතව විශිෂ්ටත්වය කරා ළඟා වීම සඳහා සුවිශේෂී වේදිකාවක් ජාතික විකුණුම් සම්මාන මඟින් සපයනවා.”
අලෙවිකරුවන් ලබා දෙන දායකත්වය තවත් එක් කාර්යයක් පමණක් නොව, ඔවුන් ඉහළ යන සංඛ්‍යාවන් පිටුපස සිටින සවිමත් සහ ස්ථාවර ගාමක බලවේගයක් බවත්, ව්‍යාපාරය වෙත වටිනාකමක් එක් කිරීම පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සිටින නායකයන් බවත් සිහිපත් කරමින් ඔවුන්ට උසස් ඇගයීමක් ලබාදීමට මෙවර ජාතික අලෙවි සම්මාන උළෙල හරහා අපේක්ෂා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් එකතු කරමින් SLIM හි ඉසව් කළමනාකරණය පිළිබඳ උප සභාපති ඉනොක් පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “ජාතික අලෙවි සම්මාන 2025 ඔස්සේ දිවයින පුරා උපායමාර්ගික ව්‍යාපාරවල සාර්ථකත්වය කෙරෙහි මහඟු මෙහෙවරක් ඉටුකළ අලෙවි වෘත්තිකයන් හඳුනාගනු ලබනවා. මෙම වසරේදී නව සම්මාන කාණ්ඩ කිහිපයක් සහ වැඩි කර්මාන්ත සහභාගීත්වයක් දකින්න තිබෙනවා. සුවිශේෂී දක්ෂතාවන් සඳහා ඇගයීමක් ලබාදීම ඔස්සේ කර්මාන්තවල විශිෂ්ටතා ප්‍රමිතීන් ස්ථාපිත වන අතරම පුද්ගල වෘත්තීය නිපුණතාවයන් ද වර්ධනය කර ගැනීමට මග සකසනවා.ඉහළම කාර්ය සාධනයක් පිළිබිඹු කළ වෘත්තිකයන් මෙම ජාතික ඇගයීම් වැඩසටහන සඳහා නම් කිරීමට අපි එම සමාගම් සහ සංවිධාන දිරිගන්වනවා.”
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අධ්‍යාපන හා පර්යේෂණ උප සභාපති ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා මේ පිළිබඳ මෙසේ සඳහන් කළේය. “මෙරට අලෙවි වෘත්තිකයන් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ව නගා සිටුවීම සඳහා ජාතික අලෙවි සම්මාන උළෙල (NSA) කදිම වේදිකාවක්. එය ඔවුන්ගේ හැකියාවන් වෙනුවෙන් ඇගයීම් පිරිනැමීමෙන් ඔබ්බට විහිදෙන අතර එය අලෙවි වෘත්තිකයන් බලපෑම් සහිත නායකයන් බවට පරිවර්තනය කිරීමට උපකාරී වෙනවා. NSA හරහා, SLIM අඛණ්ඩව දක්ෂතාවන් පෝෂණය කරමින් කාර්ය සාධනය ඉහළ නැංවීම සහ සංඛ්‍යා පිටුපස ඇති බලවේගය සැබවින්ම නියෝජනය කරන අලෙවිකරුවන් සැමරීම සිදුකරනවා. ඇගයීමේ සහ විශිෂ්ටත්වයේ මෙම චාරිකාව හරහා තවත් සුවිශේෂී පුද්ගලයන් රැසක් ඇගයීමට ලැබීම සම්බන්ධයෙන් අපි බෙහෙවින් සතුටු වෙනවා.”
වෘත්තීය වර්ධනය සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ කීර්තිනාමය රැකගනිමින් තරගයේ නිර්ණායකයන් ඉතා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යෑමට දශක දෙකකට වැඩි දිගු කාලයක් පුරාවට සම්මාන උළෙලේ සංවිධායකයන් කටයුතු කර තිබේ.මෙවර සම්මාන උළෙල වෙනුවෙන් ද ක්ෂේත්‍රයේ ගෞරවය දිනාගත් පුද්ගලයන්ගෙන් සමන්විත ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමට පියවර ගෙන ඇත.
මේ පිළිබඳ තවදුරටත් අදහස් එකතු කරමින් 2025 ජාතික අලෙවි සම්මාන උළෙලේ ව්‍යාපෘති සභාපති චන්න ජයසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ආයතනයක වර්ධනය මෙහෙයවමින් සහ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් අවිනිශ්චිත කාලවලදී පවා ප්‍රතිඵල ලබා දෙන අලෙවි වෘත්තිකයන් ඕනෑම ව්‍යාපාරයක සැබෑ තානාපතිවරුන් ලෙස සැලකිය හැකියි. අන් කවරදාටත් වඩා දිනෙන් දින පරිණාමය වෙමින් පවතින වර්තමාන වෙළෙඳපල තුළ මෙම පුද්ගලයන් සවිබල ගැන්වීමේ සහ හඳුනා ගැනීමේ අවශ්‍යතාවය මතු වී තිබෙනවා. සාර්ථක ව්‍යාපාර පසුපස ඇති සැබෑ පිටුබලය ලෙස එම වෘත්තිකයන් ඇගයීම සඳහා 2025 SLIM ජාතික අලෙවි සම්මාන උළෙල ඉතා උපකාරී වෙනවා .”
SLIM හි ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. ” අලෙවි ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් යනු ව්‍යාපාරයේ කටයුතු සඳහා දායක වන තවත් එක් වෘත්තීය කණ්ඩායමක් පමණක් නොවන බව SLIM හි අපි විශ්වාස කරනවා. ඔවුන් ආයතනවල වර්ධනය, පරිවර්තනය සහ ඕනෑම තත්ත්වයකට සාර්ථකව ඔරොත්තු දීමේ හැකියාව සඳහා මනා දිරිගැන්වීමක් සපයන බලවේගයක්. එබැවින් ජාතික අලෙවි සම්මාන 2025 හුදෙක් සම්මාන උළෙලක් නොවේ.එය නවෝත්පාදනයන් සඳහා සටන් කර පාරිභෝගිකයන් සමඟ මනා විශ්වාසයක් ගොඩනඟා ගනිමින් වෙනස් වන වෙළෙඳපල තුළ නිරන්තරයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට උත්සහ දරන වෘත්තිකයන් වෙනුවෙන් පිදෙන ජාතික උපහාරයක්. අලෙවිකරණ වෘත්තියේ කීර්තිය තවත් ශක්තිමත් කිරීම සහ විශ්වාසය, අරමුණු සහගත බව සහ විශිෂ්ටත්වය සමඟ නායකත්වය දැරීම සඳහා වෘත්තිකයන් සවිබල ගැන්වීම අපගේ අරමුණයි.”
SLIM NASCO හි අනිල් කුමාර මීගහගේ මහතා මේ පිළිබඳ අදහස් දැක්වූවේ මෙසේය. ” ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අලෙවි කර්මාන්ත ඇගයීමේ වේදිකාව SLIM NASCO විසින් නියෝජනය කරනවා.ආයතනවල සාර්ථකත්වය කෙරෙහි අලෙවි වෘත්තිකයන්ගේ දායකත්වය ඉතා වැදගත් වන අතර, ඵලදායී ලෙස තරග කිරීම උදෙසා අඛණ්ඩ සංවර්ධනයක් අවශ්‍ය වෙනවා. NASCO මඟින් වෘත්තීය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් සුවිශේෂී ජයග්‍රහණවලට ගෞරව කරනු ලබනවා. පිරිමි වෘත්තිකයන් සමඟ කාන්තා වෘත්තිකයන් ද වැඩි වැඩියෙන් ක්ෂේත්‍රයේ වෘත්තීය කටයුතුවලට සහභාගී වීම අපගේ කර්මාන්තයේ විශිෂ්ටත්වය කරා ළඟාවීමේ ප්‍රගතිය සහ පරිණාමය විදහා දක්වනවා.”
ඉහළ කැපවීමකින් සහ දිරිමත්භාවයෙන් අලෙවි ක්ෂේත්‍රයේ නියලී සිටින වෘත්තිකයන් හඳුනා ගැනීම මෙම NSA 2025 සම්මාන උළෙල මඟින් සිදු කරයි.එය ව්‍යාපාරික මට්ටමෙන් පමණක් නොව ජාතික වශයෙන් ද ගනුදෙනු කටයුතු වඩාත් පරිවර්තනීය ප්‍රතිඵලයක් කරා රැගෙන යාම වෙනුවෙන් උපායමාර්ගිකව ව්‍යාපාර මෙහෙයවන ගෞරවනීය වෘත්තියක් වේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://slim.lkවෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ 0703266988 (ගංගානි)/ 071 841 7591 (අවිශ්ක) දුරකථන අංක වෙත ඇමතුමක් යොමුකිරීමෙන් ලබාගත හැකිය.


