‘ග්ලෝබල් බ‍්‍රෑන්ඞ්ස්’ විසින් ‘2021 ශ‍්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගනී

ComBank Logo

 




 

 

ලෝකය පුරා සන්නාම පිළිබඳ මත සහ ප‍්‍රවෘත්ති ලබාදෙන ලෝකයේ විශාලතම සන්නාම ප‍්‍රකාශනයක් වන එංගලන්තය පදනම් කරගත් ‘ග්ලෝබල් බ‍්‍රෑන්ඞ්ස්’ සඟරාව විසින් බැංකුකරණ සහ මූල්‍ය සම්මාන අංශය යටතේ ‘2021 ශ‍්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව සම්මානයට පාත‍්‍රකර තිබේ.

ග්ලෝබල් බ‍්‍රෑන්ඞ්ස් විසින් මෙම සම්මාන ලබාදීමේදී ඒ පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා බාහිර පර්යේෂණ ආයතනයක් පත්කර තිබෙන අතර කොමර්ෂල් බැංකුවද එම ආයතනය විසින් ඇගයීමට ලක්කරන ලදී. මෙම ආයතනය විසින් ප‍්‍රසිද්ධියට පත්ව තිබෙන දත්ත භාවිතා කරමින් විවිධ අංශ යටතේ සම්මාන ලබාදිය යුතු සමාගම් පිළිබඳ තොරතුරු ග්ලෝබල් පබ්ලිකේෂන්ස් ලිමිටඞ් වෙත යවනු ලබයි.

බැංකුකරණ අංශයේ සුවිශේෂී සහ අතිවිශිෂ්ට සේවාවක් ලබාදුන් බැංකු සමූහයක් අතුරින් මෙම සම්මානය සඳහා කොමර්ෂල් බැංකුව තෝරා ගෙන තිබීම කැපී පෙනේ. මෙහිදී, කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ශක්තිමත් මූල්‍ය සන්නාමයක් බවට පත්වීමට සිදුකළ නවෝත්පාදනය, ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම, ඉහළ සන්නාමකරණ ක‍්‍රියාකාරකම්, ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පාරිභෝගික සේවා ලබාදීම් මෙම සම්මානය මගින් ඇගයීමට ලක්කර තිබේ.

බැංකුකරණ සහ මූල්‍ය අංශය යටතේ ග්ලෝබල් බ‍්‍රෑන්ඞ්ස් විසින් සම්මාන ලබාදුන් අනිකුත් ප‍්‍රධානතම සන්නාම අතර සුප‍්‍රසිද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වන Morgan Stanley, DBS, සහ JP Morgan මෙන්ම ස්විට්සර්ලන්තය සඳහා UBS Group AG සහ ඇමරිකාව සඳහා Bank of America  ඇතුළත් වේ.

2018 වසරේදී ග්ලෝබල් බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකාවේ ‘වඩාත්ම නවෝත්පාදක පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගන්නා ලදී.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 890 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව