කොමර්ෂල් බැංකුව LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙසින් කිරුළු පළදියි

Technnovation Awards 2023 (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන එකම ගෙවීම් තාක්ෂණික නවෝත්පාදන සම්මාන ප‍්‍රදානෝත්සවය වන LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුකරණ ආයතන වලට ලබාදෙන සමස්ත සම්මානය ඇතුළුව සම්මාන හතක් ජයග‍්‍රහණය කිරීමට කොමර්ෂල් බැංකුව සමත් විය.

මෙම සම්මාන ගොන්නට බැංකුකරණ ආයතන සඳහා ලබාදෙන අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම් සඳහා වන සමස්ත විශිෂ්ටතා සම්මානය, පාරිභෝගික බැංකු ගෙවීම් සඳහා හොඳම බැංකුව, ලංකා QR තුළින් පාරිභෝගික බැංකු ගෙවීම් කටයුතු සඳහා භාවිතා කරන හොඳම ජංගම දුරකතන අයදුම, වසරේ හොඳම නව්‍ය බැංකුව යන  රන් සම්මාන හතරක් ඇතුළත් වී තිබේ. එසේම, හොඳම ඩිජිටල් ගෙවීම් උපාය මාර්ගය සඳහා වසරේ මූල්‍ය ආයතනය සහ වසරේ හොඳම ලංකාපේ කාඞ්පත් ක‍්‍රියාත්මක කරන්නා යන අංශ දෙක සඳහා රීදි සම්මානද තවත් කුසලතා සම්මානයක්ද මෙහිදී කොමර්ෂල් බැංකුව හිමිකර ගන්නා ලදී.

‘බැංකුකරණ කර්මාන්තයේ නවෝත්පාදන අංශයේ සහ තාක්ෂණික වැඩිදියුණු කිරීම්වල පැහැදිලි නායකයෙකු ලෙස බැංකුව පිළිගැනීමට ලක්වීම විශිෂ්ට ජයග‍්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. මේ මගින් පහසුව වැඩිකිරීම සඳහා ඩිජිටල් පරිවර්තනය සහ තාක්ෂණික නවෝත්පාදනය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සිදුකරන කැපවීම විදහා දක්වනවා.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා ප‍්‍රකාශ කළේය. ‘අපගේ ප‍්‍රවේශයන් ගනුදෙනුකරුවන් සමග මනාව ගැලපෙන බවත් ඔවුන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම් සඳහා අප විසින් ධනාත්මක බලපෑමක් සිදුකර තිබෙන බවත් මෙම සම්මාන මගින් යළි තහවුරු කරනවා. මෙම ඇගයීම මගින් පසුගිය වසර වලදී අපගේ උපායමාර්ගික වැඩසටහන් වලින් ලැබූ සාර්ථකත්වයත් පිළිඹිබු වෙනවා.’

2023 LankaPay Technnovation සම්මාන ප‍්‍රදානයේ විනිශ්චය ක‍්‍රමවේදයේදී 2021 අපේ‍්‍රල් 01 වනදා සිට 2022 මාර්තු 31 වෙනිදා දක්වා අන්තර් බැංකු ගනුදෙනු සැලකිල්ලට ගෙන තිබේ. මීට වසර පහකට පෙර  LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භ කළදා පටන් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව ජයග‍්‍රහණ වාර්තා කරගැනීමට සමත්වීම මෙහිදී කැපී පෙනේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 270 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව