කොමර්ෂල් බැංකුව 14 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා විසින් කිරුළු පළඳවයි

FinanceAsia Best Bank award 2025

ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රයක් වන ෆයිනෑන්ස් ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ.

හොංකොං වල කොන්රඩ් හෝටලයෙහි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී බැංකුවට හිමි සම්මානය බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා විසින් පිළිගන්නා ලදී.

“ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු බොහෝ බාහිර සාධක වල බලපෑම් කළමනාකරණය කිරීමට සිදු වූ වර්ෂයක් තුළදී බැංකුව පෙන්වූ කාර්යසාධනය මත මෙම සම්මානය පදනම් වීම විශේෂිතයි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසුවේය. “බාහිර අභියෝග හමුවේ මූලික බැංකුකරණ කටහුතු කළමනාකරණය කිරීම සඳහා වූ බැංකුවේ විචක්ෂණශීලී ප්‍රවේශයට මෙන් ම දුෂ්කර කාලයන්වල මෙහෙයුම් ශක්තිමත්ව පවත්වාගෙන යාමේ හැකියාවට, 2024 දී අප වාර්තා කළ සුවිශේෂී මූල්‍ය ප්‍රතිඵල සාක්ෂි දරයි. ෆයිනෑන්ස් ඒෂියා සම්මානය සඳහා එම සාධක සලකා බලනු ලැබුවා.”
 



 

මෙම වසරේ ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව සමඟින් ඔවුන් ඔවුන්ගේ රටවල්වල හොඳම බැංකු ලෙස ශ්‍රේණිගත කරන ලද අනෙකුත් ෆයිනෑන්ස් ඒෂියා සම්මානලාභීන් වූයේ, සිටි බෑන්ක් (බංග්ලාදේශය), ඇලයිඩ් බෑන්ක් (පකිස්ථානය), බෑන්ක් ඔෆ් චයිනා (හොංකොං), BDO බෑන්ක් මන්ඩිරි (ඉන්දුනීසියාව), BDO යුනිබෑන්ක් (පිලිපීනය), ටෙක්කොම්බෑන්ක් (වියට්නාමය) සහ යුනයිටඩ් ඕවර්සීස් බැංකුව (සිංගප්පූරුව) යන බැංකුය.

2024 දෙසැම්බර් 31 වන දින වන විට රුපියල් ට්‍රිලියන 2.876 ක සමූහ වත්කම්, රුපියල් ට්‍රිලියන  2.31 ක තැන්පතු, රුපියල් ට්‍රිලියන  1.53 ක ණය පොත් අගයක් සහ රුපියල් බිලියන 274.976 ක දළ ආදායමක් සහිත ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, 2024 දීත් අඛණ්ඩව සිව්වන වරටත් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය සම්පාදනය කරන්නා ලෙස ද ශ්‍රේණිගත කරන ලදී. තැන්පතු, ණය, මුළු වත්කම්, වෙළඳපල ප්‍රාග්ධනීකරණය, දළ ආදායම සහ මුළු ප්‍රාග්ධන පදනම අනුව පුද්ගලික අංශයේ බැංකු අතර ඉහළම වෙළඳපල කොටස් හිමිව ඇති, ශ්‍රී ලංකාවේ මිණුම් ලකුණක් බඳු වන පුද්ගලික බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව දිගටම පැවතුනි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව