කොමර්ෂල් බැංකුව සිය Cash Recycler යන්ත‍්‍ර මගින් බිල්පත් ගෙවීමට අවස්ථාව ලබාදෙයි

Utility-bill-payments-via-CRMs-1

 




 

 

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික සේවා සමාගම්, ජංගම දුරකතන සමාගම් සහ රක්ෂණ සමාගම් සමග ඒකාබද්ධ වී සිය අති නවීන Cash Recycler Machine (CRM) යන්ත‍්‍ර ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වාදී තිබේ.

දිවයින පුරා බැංකුවට අයත් CRM යන්ත‍්‍ර 265 ක් පිහිටුවා තිබෙන බවත් ඒවා දිනයේ පැය 24 පුරා පාරිභෝගිකයින්ට ඉතාමත් ඉහළ බැංකු සේවා මාලාවක් පහසුවෙන් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මෙම යන්ත‍්‍ර ගනුදෙනුකරුවන්ට එදිනෙදා අවශ්‍ය බැංකු සේවා ලබාදෙන කුඩා බැංකු බවට පත්වී තිබෙන බවද බැංකුව සඳහන් කරයි.

මෙහිදී, ඉතාමත් සරලව පියවර තුනකින් මෙම යන්ත‍්‍ර තුළින් මිනිත්තු කිහිපයකින් ඉතාමත් පහසුවෙන් බිල්පත් ගෙවිය හැකිබව බැංකුව පවසයි. මේ සඳහා පාරිභෝගිකයින් CRM යන්ත‍්‍ර තිරයේ දිස්වන Cardless Deposit යන විකල්පය තෝරාගෙන එහි තිබෙන ‘බිල්පත් ගෙවීම’ (Bill Payment) යන්න තෝරාගත යුතුවේ. මෙම පද්ධතිය මගින් ඇතුළත් කළ බිල්පතේ අංකය වලංගු යැයි හඳුනාගැනීමෙන් පසුව පාරිභෝගිකයාට රුපියල් 100 ගුණාකාර වලින් මුදල් තැන්පත් කිරීමට හැකිබව බැංකුව සඳහන් කරයි. කොමර්ෂල් බැංකුව මෙම ආයතන සමග කෙලින්ම සම්බන්ධ වී ඇති හෙයින් පාරිභෝගිකයා බිල්පත ගෙවූ සැණින්ම එම බිල්පත ගෙවූ බවට යාවත්කාලීන වේ. එසේම, මෙම බිල්පත සාර්ථකව ගෙවූ පසුව CRM යන්ත‍්‍රය මගින් එම බිල ගෙවූ බවට සනාථ කරන receipt පතක් නිකුත් කරනු ලබයි.

මේ අනුව, එයාර්ටෙල්, ලංකා විදුලි බල මණ්ඩලය, ඩයලොග්, ඩයලොග් ටී.වී, හච්, ලංකා බෙල්, ලෙකෝ, මොබිටෙල්, ජාතික ජල සම්පාදන සහ ජලාප‍්‍රවාහන මණ්ඩලය, පියෝ ටී.වී, ශ‍්‍රී ලංකා ටෙලිකොම් බිල්පත් මෙම වැඩිදියුණු කළ CRM යන්ත‍්‍ර මගින් ගෙවිය හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

පාරිභෝගිකයා විසින් ඇතුළත් කරන බිල්පත් අංකයේ වලංගුභාවය පරීක්ෂා කිරීම මෙම සේවාවේ තිබෙන සුවිශේෂීතාවය බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මෙම වලංගුභාවය පරීක්ෂා කිරීම නිසා පාරිභෝගිකයා විසින් ගෙවන මුදල් අදාළ සමාගමේ පද්ධතිය තුළ නිවැරදිව යාවත්කාලීන වනබව තහවුරු කරයි. මේ නිසා, පාරිභෝගිකයින් විසින් සිදුකරන වලංගු නොවන තැන්පතු නිරාකරණය කිරීමට අදාළ සමාගම් වලට අමතර කාලයක් වැය කිරීමට සිදු නොවේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව