කොමර්ෂල් බැංකුව සහ PAYable වෙතින් ස්මාර්ට් දුරකතනයෙන් කාඞ් ගෙවීම් පිළිගැනීම සඳහා ක‍්‍රමවේදයක්

Image 02 (LBN Fill)

 



 

 

වෙළෙඳුන්ට ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් කාඞ් ගෙවීම් ගනුදෙනු පිළිගැනීම සඳහා පහසුකම් සලසමින් ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ජංගම දුරකතන තුළින් කාඞ් පිළිගැනීමේ ක‍්‍රමවේදය හඳුන්වාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. මෙම අඩු පිරිවැය නවීන තාක්ෂණය මගින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් කර්මාන්තය දැවැන්ත සංවර්ධනයකට ලක්වනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් විසඳුම් සම්පාදකයෙකු වන PAYable ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම සමග ඒකාබද්ධ වෙමින් මෙම පහසුකම බැංකුව විසින් ලබාදෙන බවත් ගෙවීම් පද්ධතිය PAYableSoftPOS හෙවත් PAYableTAP සමග ඒකාබද්ධ කර තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මෙම පද්ධතිය මූල්‍ය අංශයේ ඩිජිටල් ගෙවීම් පද්ධති සම්පාදනය කරන තාක්ෂණික සමාගමක් වන Worldline සහ Mastercard ඒකාබද්ධව සංවර්ධනය කර ඇත.

මෙම විසඳුම මගින්  ඕනෑම NFC – සක‍්‍රීය ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් දුරකතනයක්ම ගෙවීම් පිළිගන්නා යන්ත‍්‍රයක් බවට පරිවර්තනය කරයි. මෙම පහසුකම ලබාගැනීම සඳහා වෙළෙඳුන් PAYableTAP ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගෙන කොමර්ෂල් බැංකුව සමග ලියාපදිංචි විය යුතු අතර පසුව ජංගම උපකරණයේ තිරයේ ක්‍රෙඩිට් කාඞ්පත හෝ ඩෙබිට් කාඞ්පත ස්පර්ශ කර ඉතාමත් පහසුවෙන් ගනුදෙනුව සම්පූර්ණ කළ හැකිවේ.

PAYableTAP භාෂා ත‍්‍රිත්වය මගින්ම සේවාව ලබාදෙන අතර සෑම ගනුදෙනුවකින්ම පසුව ඩිජිටල් රිසිට් පතක් ලබාදෙන නිසාත් එය කෙටි පණිවුඩයක් හෝ ඊ-මේල් පණිවුඩයක් ලෙස ලබාගත හැකි නිසාත් මුද්‍රණය කළ රිසිට් පතක් නිකුත් කිරීමට අවශ්‍ය නොවේ. මෙම සුරක්ෂිත ගෙවීම් පිළිගැනීමේ ක‍්‍රමවේදය තුළින් බොහෝ ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ප‍්‍රතිලාභ ලබාගත හැකි බවත් ඒ තුළින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය කරගත හැකි බවත් බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව