කොමර්ෂල් බැංකුව සහ තන්ත්‍රි ට්‍රේලර්ස් ඒකාබද්ධ වී පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා හරිත මූල්‍යකරණය ප්‍රවර්ධනය කරයි

Leasing promo - Tantri Energy (LBN)

කොමර්ෂල් බැංකුවේ හරිත ණය සහ හරිත ලීසිං පහසුකම් තුළින් පුනර්ජනනීය බලශක්ති විසඳුම් නිර්මාණය කර ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ තන්ත්‍රි  ට්‍රේලර්ස් පුද්ගලික සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Tantri Energy සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

මෙම ගිවිසුමේ අරමුණ වන්නේ සූර්ය බලශක්තිය විශේෂ කර ගනිමින් තිරසාර බලශක්ති පද්ධති සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන රැකියාලාභීන් සහ ස්වයං රැකියාලාභීන් සඳහා ආකර්ෂණීය මූල්‍ය විකල්ප ලබා දීමයි.
 



 

කොමර්ෂල් බැංකුව හරහා ගනුදෙනුකරුවන්ට වසර හතක් දක්වා වරණීය පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව මෙම හවුල්කාරිත්වය මඟින් නිර්මාණය කර ඇත. බැංකුව විසින් හරිත ණය සහ හරිත කල්බදු ලබා දෙන්නේ සූර්ය පැනල මෙන්ම පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාවය, විමෝචනය අඩු කිරීම, ජලය සහ අපජල කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ උපකරණ සහ බලශක්ති කාර්යක්ෂම ගෘහ උපකරණ සහ ආලෝකකරණ පද්ධති මිලදී ගැනීමේ පිරිවැයෙන් කොටසක් මූල්‍යකරණය කිරීම සඳහායි.

2026 මැයි 31 වන දින දක්වා මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන අතර එය කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් අතර පාරිසරික වශයෙන් වගකිවයුතු පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම් වෙනුවෙන් සංවිධානය වූ පුළුල් උත්සාහයේ කොටසක් වෙයි. ශ්‍රී ලාංකික නිවෙස් සහ ව්‍යාපාර වලට තිරසාර තේරීම් දැරිය හැකි මිලකට ලබා දීම පිළිබඳ සැළකිලිමත් වෙමින් බැංකුවේ හරිත මූල්‍යකරණ නිෂ්පාදන සැලසුම් කර ඇත.

Tantri Energy සමඟ සූර්ය පැනල පද්ධති ස්ථාපනය කිරීමට එකඟ වන පාරිභෝගිකයින් හට  කර්මාන්තයේ ප්‍රමුඛ වගකීම් පැකේජයක්, සූර්ය පැනල සඳහා වසර 30 ක වගකීමක්, පැනල සහ ඉන්වර්ටර් යන ද්විත්වයට ම නිෂ්පාදකයාගේ වසර 10 ක නිෂ්පාදන වගකීම් සහ වසර 3 ක පද්ධති වගකීමක් ද හිමි වෙයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කළ කොමර්ෂල් බැංකුව, ඒ සමඟ බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව