කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම SME බැංකුව ලෙස තුන්වන වසරටත් ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ලබයි

GF Best SME Bank Sri Lanka 2025 (LBN)

ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2025 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇති අතර, ජාත්‍යන්තර වේදිකාවේ  බැංකුව අඛණ්ඩ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන වසර මෙය වේ.

මෙම සම්මාන සඳාහා නවතම ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරමින්, ග්ලෝබල් ෆයිනෑන්ස් පැවසුවේ, ඔවුන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් හොඳම සේවාවන් සපයන බැංකු සහ මූල්‍ය සේවා සමාගම බවත් සඟරාවේ කතුවරුන් විසින් විෂයානුබද්ධ සහ න්‍යයාත්මක සාධක පදනම් කර ගනිමින් 2025 වර්ෂයේ ලෝකයේ හොඳම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකු තෝරා ගත් බවයි.
 



 
කොමර්ෂල් බැංකුව සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ Bank of America¦ එක්සත් රාජධානියේ Lloyds බැංකුව; ජර්මනියේ Commerzbank¦ ප්‍රංශයේ Credit Agricole¦ ජපානයේ Sumitomo Mitsui Financial Group¦ සිංගප්පූරුවේ DBS¦ හොංකොං හි HSBC¦ ඉන්දියාව හි HDFC¦ සහ බංග්ලාදේශයේ Dutch-Bangla බැංකුව හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකු ලෙස ඔවුන්ගේ රටවල පිළිගැනීමට ලක්වූ ආයතන අතර විය.

කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට ලබා දෙන ණය කැපී පෙනෙන ලෙස වර්ධනය කර ඇති අතර මෙම වර්ධනයට එම අංශයේ විවිධාංගීකරණය සහ බැංකුව විසින් පිරිනමනු ලබන නිෂ්පාදන සහ සේවාවන් උපකාරී වි ඇත.

ඊට අමතරව කොමර්ෂල් බැංකුව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා මෑතකාලීනව කළ මුලපිරීම් අතරට; ව්‍යාපාර වලට ගෝලීය වෙළඳපොළට පිවිසීම පහසු කිරීම අරමුණු කර ගනිමින් ‘Commercial Bank LEAP GlobalLinker’ සහ ‘ComBank Trade Club’ යන දියත් කිරීම් සිදු කරන ලදි.

මේ අතර කොමර්ෂල් බැංකුව විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා දියත් කර ඇති Biz Club  වැඩසටහන මෙරට ප්‍රථම වරට ක්‍රියාත්මක වූවක් වන අතර ඒ  තුළින් නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීම සඳහා සහ ණය ලබා දීමෙන් ඔබ්බට ගොස් සහය ලබා දීම සඳහාත්, අධ්‍යාපනය සහ ජාලකරණය මෙන්ම අදාළ බලධාරීන්ගෙන් විශේෂඥ උපදෙස් ලබා ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් එක්රැස් කරයි. මේ වන විට ව්‍යවසායකයින් 6250 කට වැඩි සංඛ්‍යාවක් කොමර්ෂල් බැංකුවේ Biz Club හි සාමාජිකත්වය ලබා ඇත.

මේ සියලු මූලාරම්භයන්ට අමතරව, කොමර්ෂල් බැංකුව විසින් 2200 කට අධික මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් පවත්වා ඇති අතර, එමඟින් බැංකුවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ගනුදෙනුකරුවන් 15000 පමණ ප්‍රතිලාභ ලබා ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව