කොමර්ෂල් බැංකුව මස්කෙලි ඔයේ ඉවුරු වල නැවත වනවගා කිරීමේ WNPS PLANT ව්‍යාපෘතියට සහාය දක්වයි

Maskeli Oya reforestation project (LBN)

තිරසාරත්වය සඳහා වූ විශාල පරාසයක තම කැපවීම පුළුල් කරමින් කොමර්ෂල් බැංකුව කැලණි ගඟෙහි ප්‍රධාන අතු ගංඟාවක් වන මස්කෙලි ඔයෙහි කිලෝමීටර් නවයක් වූ ඉවුරු කොටසක නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියට සහාය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) මුලපිරීමක් ලෙස ඉඩම් සහ සොබාදහම සංරක්ෂණය කිරීම සඳහා වන සීමාසහිත PLANT සමාගම සමඟ බැංකුව විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් මගින් කොමර්ෂල් බැංකුව විසින් මස්කෙලි ඔය ජල මාර්ගයට සමාන්තර ගොඩබිම් තීරුවල පැල 3,650ක් සිටුවීම සඳහා අරමුදල් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය කාබන් විමෝචනය, වන කොරිඩෝව නිර්මාණය, පාංශු ඛාදනය වැළැක්වීම සහ දේශීය සත්ත්ව විශේෂ සඳහා තිරසාර වාසස්ථානයක් නිර්මාණය කිරීම ඇතුළු පරිසර සංරක්ෂණ කටයුතු සඳහා දායක වීමට සිදු කරන ලද්දකි.
 



 
නිර්මාණය කිරීමට නියමිත වනාන්තර කොරිඩෝව තෙල් කීන, කුඩු දවුල, ගල් වෙරළු සහ කැන්ද ඇතුළු දේශීය ගස් විශේෂ කිහිපයකින් සමන්විත වන අතර එම ස්ථානයේ ජෛව විවිධත්වය ඉහළ නැංවීමට ද මෙය උපකාරී වනු ඇත.

පරිසර සංරක්ෂණය පමණක් නොව ප්‍රාදේශීය ප්‍රජාවන් මත පවතින ධනාත්මක බලපෑම් ද සැලකිල්ලට ගනිමින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය පාරිසරික සහ සමාජීය බලපෑම් යන දෙවර්ගයම ආමන්ත්‍රණය කරන බවත් තිරසාරභාවය සඳහා වූ පරිපූර්ණ ප්‍රවේශයක් වන බවත් බැංකුව පැවසීය.

මස්කෙලි ඔය නැවත වනවගා කිරීමේ මෙම ව්‍යාපෘතිය කොමර්ෂල් බැංකුව දැනට පවත්වාගෙන යන ‘තුරු පිරි රටක්’ නම් රට පුරා ගස් 100,000 ක් සිටුවීමේ ව්‍යාපාරයට සම්බන්ධ වේ. මීට අමතරව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක පරිහානියට පත්වූ වනාන්තර බිමක නැවත වනවගා කිරීමේ ව්‍යාපෘතියක් ද කොමර්ෂල් බැංකුව විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව