කොමර්ෂල් බැංකුව දරුවන් වෙනුවෙන් ‘අරුණළු’ විදේශීය මුදල් ඉතිරි කිරීමේ ගිණුම අරඹයි

02_Arunalu_ENG

 



 

 

 

දරුවන් වෙනුවෙන් විදේශ මුදලින් ඉතිරි කිරීම කාලීන අවස්ථාවක් ලෙස පෙනෙන්නට තිබෙන හෙයින් කොමර්ෂල් බැංකුව එම අවස්ථාව ලබාදෙමින් ‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුම හඳුන්වා දී තිබේ.

මේ අනුව, ශ‍්‍රී ලංකාවේ වාසය කරන මෙරට පුරවැසියන් වන දරුවන් සඳහාත් විදේශයක වාසය කරන ශ‍්‍රී ලංකාවේ උපත ලියාපදිංචි කර තිබෙන දරුවන් සඳහා මෙම විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුමේ විදේශීය මුදල් වර්ග හතරකින් මුදල් තැන්පත් කළ හැකි බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුමක් ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකින් අවුරුදු 15 කට අඩු දරුවෙකු වෙනුවෙන් ඩොලර් 50 මූලික තැන්පතුවක් මගින් හෝ ඩොලර් 50 කට සමාන වන ස්ටර්ලිං පවුම්, යූරෝ සහ  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් තැන්පත් කිරීම මගින් දෙමව්පියන්ට, නීත්‍යානුකූල භාරකරුවන්ට හෝ දරුවන්ගේ දෙමව්පියන්ගේ දෙමව්පියන්ට විවෘත කළ හැකිවේ. දරුවා අවුරුදු 18 උපන් දිනය සමරන අවස්ථාවේ හෝ එයට පසුව මෙම ගිණුමේ තිබෙන සම්පූර්ණ මුදල් ප‍්‍රමාණය දරුවාට ලබාගත හැකි බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුව විසින් මෙම විශේෂ යෝජනා ක‍්‍රමය හඳුන්වා දී තිබෙන්නේ විශේෂයෙන්ම දරුවන් අනාගතයේදී විදේශීය අධ්‍යාපනය සඳහා ඇතුළු අනාගත වියදම් වෙනුවෙන් දෙමව්පියන් කලින්ම ඉතිරිකිරීම සඳහා යොමු කිරීමටයි. බැංකුව සඳහන් කරන්නේ රුපියල අවප‍්‍රමාණය වීමෙන් ඇතිවන අහිතකර ප‍්‍රතිඵල වලින් මිදී එවිට අදාළ වියදම් කිරීමට අවස්ථාව හිමිවන බවයි.

මෙම ගිණුමට දෙමව්පියන්ට, දෙම්පියන්ගේ දෙමව්පියන්ට සහ නීත්‍යානුකූල භාරකරුවන්ට ඔවුන්ගේ පුද්ගලික විදේශීය ගිණුම් (PFCA)වලින් තැන්පතු ලෙස පේ‍්‍රෂණ මුදල් එවිය හැකිවේ.

මෙම මුදල් තැන්පතුව හිමි දරුවාට අවුරුදු 18 ක් පිරුණු විට බැංකුව විසින් ඉතිරි කළ මුදල රුපියල් වලින් ලබාදෙන අතර විදේශීය අධ්‍යාපන කටයුතු, විදේශීය රටවලින් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ කටයුතු වැනි අවංක උත්සාහයන් වෙනුවෙන් අවශ්‍ය වුවහොත් විදේශීය මුදල් ලබාදීමට කටයුතු කරන බව බැංකුව සඳහන් කරයි. මීට අමතරව, බැංකුවේ අධීක්ෂණය යටතේ කල් පිරීමට පෙර විශේෂ කාරණා සඳහා මුදල් මෙමගින් ලබාගත හැකි බවද බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍%  තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව