කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර කාන්තා මාසය වෙනුවෙන් කාන්තා ව්‍යවසායකයින්ට වැඩසටහනක් පවත්වයි

Women's Day Programme 2023 - Composite (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව විසින් ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් 100කට අධික සංඛ්‍යාවක් සඳහා මෑතකදී විශේෂ වැඩසටහනක් පවත්වනු ලැබූ අතර, ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම බෙදා ගැනීම උදෙසා ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ අත්දැකීම් ඇති කාන්තා ව්‍යවසායිකාවන් ද පැමිණ සිටියහ.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් බැංකුවේ ක‍්‍රියාකාරකම්වල කොටසක් ලෙස මෙම උත්සවය සංවිධානය කර ඇති බවත්, ඊට සමගාමීව කාන්තා ව්‍යවසායකත්වයට සහාය වීම සහ ගොඩනැගීම කෙරෙහි බැංකුව අවධානය යොමු කරන බවත් බැංකුව පවසයි.

මෙම වැඩසටහනේ එක් ප‍්‍රධාන විශේෂත්වයක් වූයේ, කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ඒකකය විසින් ඉදිරිපත් කරන ලද ‘ඩිජිටල් බැංකු නිෂ්පාදන’ ගැනවූ සුවිශේෂී සැසියකි.

තවද මෙම විශේෂ වැඩමුළුවේදී කාන්තාවන් සඳහා වන බැංකු නිෂ්පාදන සහ සේවා පිළිබඳ සැසියක් සහ කාන්තා ව්‍යවසායකයින් මෙන්ම අපනයනකරුවන් සඳහා, බැංකුවේ කොළඹ කලාපයේ කලමනාකරුවන් විසින් පවත්වන ලද සැසියක්ද අන්තර්ගත විය. එසේම අපනයන සංවර්ධන මණ්ඩලයේ, අපනයන ප‍්‍රවර්ධන නිලධාරිනියක වන නිපුනී මාරසිංහ මහත්මිය විසින් මෙහෙයවන ලද අපනයනය පිළිබඳ සැසියක්ද පැවැත්විණි.

කාන්තාවන් අතර මූල්‍ය හා ඩිජිටල් බැංකුකරණ සාක්ෂරතාවය ප‍්‍රවර්ධනය කිරීම සහ ව්‍යවසායකත්වයේ ක‍්‍රියාකාරී භූමිකාවක් ගැනීමට ඔවුන් දිරිමත් කිරීම සඳහා මෙම උත්සවය සැලසුම් කර ඇති අතර, කොළඔ පදනම් වූ කර්මාන්ත වල නියැලී සිටින කාන්තා ව්‍යවසායකයින්, ප‍්‍රමුඛ පෙළේ සමාගම් වල බැංකුවේ ආයතනික ගනුදෙනුකරුවන් සහ බැංකුවේ ආයතනික හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයින් සහභාගි විය.

ව්‍යවසායිකාවක් සහ සංසාර ගාමන්ට් නිර්මාතෘ ඈන් ගුණසේකර මහත්මිය, කෙන්ට් සමූහ

ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ආලීන් සපරමාදු මහත්මිය, Women Empowered Global හි නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරිනි සෙනෙලා ජයසූරිය මහත්මිය සහ DAD Global Trading Pvt Ltd. සහ DAD Freight Forwarding Pvt Ltd. හි නිර්මාතෘ/අධ්‍යක්ෂිකා දර්ශනී ජයසිංහ මහත්මිය සමඟ විද්වත් සාකච්ඡාවක් ද පැවැත්විණි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 270 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව