කොමර්ෂල් බැංකුව කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනෙහි සාර්ථකත්වය සමරයි

Harvest ceremony at Mahilankadu (LBN)

කොමර්ෂල් බැංකුව පවත්වනු ලැබූ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනෙ හි සාර්ථකත්වය සැමරීම සඳහා පසුගියදා කිලිනොච්චියේ මහිලාන්කාඩු ප්‍රදේශයේ අස්වනු නෙළීමේ උත්සවයට බැංකුව සහභාගී විය.

රටෙහි කෘෂිකාර්මික ප්‍රදේශයන්හි කෘෂිකර්මික තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා බැංකුව විසින් දියත් කරන ලද අභිලාෂකාමී මෙහෙයුමෙ හි මූලාකෘතිය මහිලාන්කාඩු වනු ඇත.

කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මහිලන්කාඩු ප්‍රදේශයේ පැවති අස්වනු නෙලීමේ උත්සවයට සහභාගී වූ අතර කිලිනොච්චිය දිසාපති එස්. මුරලිදරන් මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ. පකීරතන් මහතා සහ මහ බැංකුවේ ප්‍රාදේශීය කළමණාකාර එස්. පහේරති මහතා, සහ සහකාර ගොවිජන සේවා කොමසාරිස් බී. තේවාදරන් මහතා යන අය ද මේ සඳහා සහභාගි විය.
 



 
සරු අස්වැන්නක් උදෙසා වන සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කිරීම, වැඩසටහන හරහා හඳුන්වා දුන් නවීන අස්වනු නෙලීමේ ක්‍රම කිහිපයක ආදර්ශන භාවිතය, අනෙකුත් කලාප සඳහා ආදර්ශයක් ලෙස වැඩසටහනේ ප්‍රගතිය සහ විභවය පිළිබඳ ප්‍රධාන පාර්ශවකරුවන් විසින් කථා පැවැත්වීම, වැඩසටහන මඟින් ගොවීන්ගේ ක්‍රියාකාරකම් සහ ආදායම් ධනාත්මක ලෙස වෙනස් කර ඇති ආකාරය පිළිබඳව අනුමත කිරීම් සහ යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ප්‍රජා පුහුණු වැඩසටහන් සඳහා බහු කැපුම් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම උත්සවයේ සුවිශේෂී අවස්ථා අතර විය.

“කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ හුදු රැකියාවක් පමණක් නොව, එය අපේ ජාතියේ හද ගැස්මයි. නවෝත්පාදනය, එකමුතුකම සහ අධිෂ්ඨානය තුළින් අපට අපගේ ගොවීන් සවිබල ගැන්වීමත්, ජීවනෝපායන් නඟා සිටුවීම සහ අනාගත පරපුරට සෞභාග්‍යමත් අනාගතයක් සුරක්ෂිත කළ හැකියි,” යැයි උත්සවය අමතමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව