කොමර්ෂල් බැංකුව කෑගල්ල ශික්ෂණ රෝහලට දැඩි සත්කාර ඒකක ඇඳන් පරිත්‍යාග කරයි

ICU beds donation to Kegalle Hospital (1)

 




 

 

වාර්ෂිකව රෝගීන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වන සහ රෝගීන් 350,000 කට වැඩි සංඛ්‍යාවක් සායන වලට පැමිණෙන කෑගල්ල ශික්ෂණ රෝහලට කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා දැඩි සත්කාර ඒකක ඇඳන් 03 ක් පරිත්‍යාග කරන ලදී. රෝහල විසින් බැංකුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකළ අතර කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ රෝගීන්ට මෙන්ම වෙනත් රෝගාබාධ වලට ගොදුරු වූ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට මෙමගින් සහයෝගයක් හිමිවේ.

කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය මේ වනවිට රජයේ රෝහල් 16 ක් වෙත අවශ්‍ය පුද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල (PPE), මුහුණු ආවරණ, සර්ජිකල් මුහුණු ආවරණ, අත් සේදුම් විෂබීජ නාශක දියර, Slit ලෑම්ප් උපකරණ, පල්ස් ඔක්සිමීටර්, මල්ටිපැරා මොනිටර් සහ ඔක්සිජන් කන්සන්ටේ‍්රටර් ඇතුළු උපකරණ පරිත්‍යාග කර තිබේ. එසේම, රජය විසින් පසුගිය වසරේදී ආරම්භ කළ ජාතික කොවිඞ්-19 සෞඛ්‍යාරක්ෂක සහ සමාජ ආරක්ෂණ අරමුදලට කොමර්ෂල් බැංකුව මුදලින්ද ආධාර කළේය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව