කොමර්ෂල් බැංකුව ‘අරුණළු සිත්තම්’ ජයග‍්‍රහාකයින්ගේ චිත‍්‍ර සඳහා ඊ-ප‍්‍රදර්ශනයක් දියත් කරයි

Commercial-Bank

 



 

 

කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ‘අරුණළු සිත්තම්’ 2022 ළමා චිත‍්‍ර තරගයේ ජයග‍්‍රහාකයින්ගේ විශිෂ්ට චිත‍්‍ර නිර්මාණ ඇතුළත් අද්විතීය ‘ඊ-ප‍්‍රදර්ශනයක්’ (විද්්‍යුත් ප‍්‍රදර්ශනයක්) දියත් කර ඇත. ඉදිරිපත් කිරීම් 11,000කට අධික සංඛ්‍යාවකින් තෝරාගත් සිත් ඇදගන්නා චිත‍්‍ර නිර්මාණ රාශියක් දැන් කලා ලෝලීන්ට සහ රසිකයින්ට www.arunalusiththam.lk  යන වෙබ් අඩවිය හරහා අගය කළ හැකිය.

මෙම අද්විතීය ඩිජිටල් ප‍්‍ර‍්‍රදර්ශනය තරුණ ශ‍්‍රී ලාංකිකයන් විසින් ප‍්‍රදර්ශනය කරන ලද සුවිශේෂී කලා කුසලතා සඳහා වේදිකාවක් ලෙස ක‍්‍රියා කරයි. මුදල් ත්‍යාග සහ කුසලතා සම්මාන දිනාගත් ජයග‍්‍රාහී චිත‍්‍ර අතථ්‍ය ගැලරියේ ප‍්‍රධාන තැනක් ගන්නා අතර, මෙම දක්‍ෂ දරුවන්ගේ නිර්මාණශීලිත්වය සහ පරිකල්පනය පිළිබඳ දර්ශනයක් ලබා දෙයි. කොමර්ෂල් බැංකුවේ මුලපිරීම මෙම තරුණ කලාකරුවන්ගේ විශිෂ්ට ජයග‍්‍රහණවලට ගෞරව කිරීමක් පමණක් නොව, බැංකුව විසින් සංවිධානය කරනු ලබන අනාගත චිත‍්‍ර තරග සඳහා වැඩි පිරිසක් සහභාගී වීමට ළමුන් දිරිමත් කිරීම අරමුණු කර ගනියි.

ජයග‍්‍රහාකයින් 137 දෙනෙකුට රුපියල් මිලියන 03ක මුදල් ත්‍යාග පිරිනමමින් ‘අරුණළු සිත්තම්’ තරඟයේ තුන්වැනි අදියර මෙම මස මුලදී පැවැත්වුණි.

ප‍්‍රාථමික, පශ්චාත් ප‍්‍රාථමික, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩවල ප‍්‍රථම ත්‍යාගලාභී කලා කෘති (දක්‍ෂිණාවර්තව) ඡයාරූපයෙන් දැක්වෙයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව