කොමර්ෂල් බැංකුවේ හරිත බැඳුම්කර වැඩසටහනට Sustainable Fitch වෙතින් සහතිකයක්

FItch SPO for Green Bond Framework (LBN)

පාරිසරික, සමාජයීය, සහ යහපාලනය (ESG) යන අංශ වලට අදාළ ශ්‍රේණිගත කිරීම් ලබා දෙන Fitch Solutions සමූහයේ Sustainable Fitch සමාගම වෙතින් කොමර්ෂල් බැංකුවේ තිරසාර බැඳුම්කර රාමුව සඳහා ගෝලීය වශයෙන් පිළිගැනෙන දෙවන පාර්ශවීය සහතිකයක් (Second-Party Opinion – SPO) ලැබී ඇත.

 




 

මෙම සහතිකය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපල සංගමය (ICMA) විසින් 2021 දී නිකුත් කළ හරිත බැඳුම්කර මූලධර්ම වලට අනුකූල වූ තෙවන පාර්ශවීය තහවුරු කිරීමකි. SPO ලැබීමෙන් ස්ත්‍රී පුරුෂ සාධාරණත්වයට හා සමානාත්මතාවයට සහය දක්වන වැඩසටහන් ඇතුළු බහුවිධ පාරිසරික සහ සමාජයීය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස්කර ගැනීමට බැංකුවට හැකියාව ලැබේ.

බැංකුවේ හරිත බැඳුම්කර රාමුව සඳහා ලැබුණු මෙම SPO සහතිකය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “තිරසාරබව පිළිබඳව අවධානය දැන් අපගේ සෑම මෙහෙයුම් අංශයක් ම ආවරණය කරන අතර හරිත බැඳුම්කරයක් නිකුත් කිරීම බැංකුවේ තිරසාරභාවය කරා යන ගමනේ මීලඟ සන්ධිස්ථානය සනිටුහන් කරනු ඇත. මෙම කාර්යයයේ දී ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇති බැඳුම්කර රාමුවකින් සන්නද්ධ වීමට හැකිවීම ගැන අපි සතුටු වන අතර අපගේ තිරසර ගමනට GGGI ආයතනය හා Sustainable Fitch වෙතින් ලබා දෙන සහය හා දායකත්වය වෙනුවෙන් කෘතඥ වෙමු.”

කොමර්ෂල් බැංකුවේ මෙම රාමුවට අනුව සුදුසුකම් ලත් හරිත ව්‍යාපෘති අතරට පුනර්ජනනීය බලශක්ති ජනනය, හරිත ගොඩනැගිලි, පිරිසිදු ප්‍රවාහනය, ජීවී සම්පත් හා ඉඩම් භාවිතය පිළිබඳ පාරිසරික තිරසාර කළමණාකරණය, ජලය හා අපජලය පිළිබඳ තිරසාර කළමණාකරණය, දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම, බලශක්ති භාවිතයේ කාර්යක්ෂමතාවය, පරිසර දූෂණය පාලනය කිරීම හා වැළැක්වීම, චක්‍රීය ආර්ථිකය මගින් අනුවර්තනය කරන ලද නිෂ්පාදන, නිෂ්පාදන තාක්ෂණයන් හා ක්‍රියාවලි යනාදී ව්‍යාපෘති ඇතුළත් වේ.

සුදුසුකම් ලත් සමාජයීය ව්‍යාපෘති අතරට මූලික යටිතල පහසුකම් සළසා දීම, අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රවේශය, නිවාස අවශ්‍යතා සඳහා ආධාර කිරීම, රැකියා උත්පාදනය හා විරැකියාව තුරන් කිරීම, ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර ආහාර පද්ධති යනාදී ව්‍යාපෘති ඇතුළත් වේ. සමාජයීය ව්‍යාපෘති දියත් කෙරෙන්නේ අඩු ආදායම් හා මධ්‍යස්ථ ආදායම් ලබන පිරිස් වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව