කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියට ඇමරිකාවේ වෙබ් මාර්කටිං ඇසෝසියේෂන් වෙතින් ගෝලීය සම්මානයක්

Rear,View,Of,High,School,Girl,Using,Laptop,For,Doing

 



 

 

ඇමරිකාව පදනම් කරගත් වෙබ් මාර්කටිං ඇසෝසියේෂන් (WMA) විසින් ක්ෂේත‍්‍ර 86 ක ලෝකයේ හොඳම වෙබ් අඩවි ගෞරවාදරයට පාත‍්‍ර කරන 2022 WebAwards සම්මාන ප‍්‍රදානයේදී කොමර්ෂල් බැංකුව ‘Bank Standard of Excellence’ නම් කීර්තිමත් සම්මානය දිනා ගන්නා ලදී.

කීර්තිමත් ස්වාධීන අන්තර්ජාල වෘත්තිකයින් කණ්ඩායමක් විසින් මෙම සම්මානය සඳහා කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ තිබෙන නිර්මාණශීලි විශිෂ්ටත්වය, නව්‍යබව, අන්තර්ගතය, තාක්ෂණය, සංවාදශීලි ලෙස අදහස් හුවමාරුව, හිමිකම් ඇවිරීම සහ පහසුවෙන් භාවිතාකිරීමට හැකිවීම යන කරුණු ඇගයීමට ලක් කෙරුණි. මෙම විනිශ්චය මණ්ඩලයට මාධ්‍ය, වෙළඳ ප‍්‍රචාරණය, වෙබ් අඩවි නිර්මාණය, නිර්මාණශීලී අධ්‍යක්ෂණය, ආයතනික අලෙවිකරණය, අන්තර්ගත සම්පාදනය සහ වෙබ්මාස්ටර්ස් යන ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් සාමාජිකයින් ඇතුළත් විය.

‘වාණිජ අරමුණු වෙනුවෙන් වෙබ් අඩවි භාවිතා කිරීමේ සහ නිර්මාණය කිරීමේ ලොව ප‍්‍රමුඛතම අධිකාරියක් විසින් අපගේ වෙබ් අඩවිය සම්මානයට පාත‍්‍ර කිරීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා පැවසීය. ‘මේ වනවිට බැංකුකරණය සඳහා වෙබ් අඩවි ඉතාමත් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී තිබෙනවා. මේ නිසා, අපි කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ භාවිතා කිරීමේ පහසුව වර්ධනය කිරීම සඳහා අඛණ්ඩවම නවෝත්පාදනයන් සිදුකරනවා. මෙම සම්මානය මගින් අපි නිවැරදි දිශාවට ගමන් කරන අතරම එම ගමන් කිරීම ලෝක තත්ත්වයේ තිබෙන බව සහතික කරනවා.’

කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේදී www.combank.lk වෙබ් අඩවිය භාෂා තුනෙන්ම අන්තර්ගතයන් ඇතුළත් කරමින් ඉතාමත් පහසුවෙන් භාවිතා කිරීමට හැකි ලෙස බොහෝ තොරතුරු සහිතව නැවත එළි දැක්වූ අතර එහි පෙනුම සහ අංගද මෙහිදී වැඩිදියුණු කරන ලදී.

නවතම වෙබ් සංඛ්‍යා දත්ත වලට අනුව මෙම වෙබ් අඩවියට වසරකට පැමිණීම් මිලියන 6.4 ක් පමණ වාර්තා වන අතර අන්තර්ගතයන් මිලියන 4.5 ක් නිදහසේ හුවමාරු (organic searches) වෙයි. එසේම, මෙම වෙබ් අඩවියට වසරකට මිලියන 10 ක පමණ පේජ් වීව්ස් තිබේ. මෙය ශ‍්‍රී ලංකාවේ බැංකුවක් සතු වැඩිම පිරිසක් පැමිණෙන ආයතනික වෙබ් අඩවිය වේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව