කොමර්ෂල් බැංකුවේ රන් ණය පාරිභෝගික දිරි දීමනා වැඩසටහනේ ජයග්‍රාහකයින්ට රුපියල් 25,000/- ක් වටිනා වවුචර්පත්

Gold Loans promo winners - Aug 2025 (LBN)

කොමර්ෂල් බැංකුව දියත් කර ඇති රන් ණය පාරිභෝගික දිරි දීමනා වැඩසටහනේ දිනුම් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 8 දෙනෙකුට ත්‍යාග වශයෙන් රු.25,000/-ක් වටිනා කාගිල්ස් ෆුඩ් සිටි වවුචර් පත් 8ක් ප්‍රදානය කිරීම පසුගියදා පැවැත්විය. මෙම අවස්ථාව සඳහා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා, සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය කපිල ලියනගේ මහතා සහ ප්‍රධාන කළමනාකරු – පාරිභෝගික බැංකු නිෂ්පාදන දුෂ්මන්ත ජයසූරිය මහතා ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහභාගී විය.
 



 
2025 සැප්තැම්බර් 30 වන දින දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් අදාල කාල සීමාවේදී කොමර්ෂල් බැංකුවෙන් නව රන් ණය පහසුකම් ලබාගන්නා පාරිභෝගිකයින් අතරින් වාසනාවන්ත ජයග්‍රාහකයින් 252 දෙනෙක් තෝරා රු.25,000/-ක් වටිනා කාගිල්ස් ෆුඩ් සිටි තෑගි වවුචර් පත් ප්‍රදානය කරනු ලැබේ. පාරිභෝගිකයින් අතර රන් ණය පහසුකම පිළිබඳ ඇති දැනුවත්භාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන දියත් කර ඇති මෙම ප්‍රවර්ධන  වැඩසටහන සඳහා බැංකුව විසින් වෙන්කර ඇති මුළු ත්‍යාග මුදල රුපියල් මිලියන 6.3ක් වේ.

මෙම වවුචර් පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී ජයග්‍රාහකයින්ට බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව හිමි වූ අතර, එමගින් බැංකුව සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් ගනුදෙනුකරුවන් අගය කිරීම සඳහා කොමර්ෂල්  බැංකුවේ කැපවීම පෙන්නුම් කළේය.

කොමර්ෂල් බැංකුවේ රන් ණය පාරිභෝගික දිරි දීමනා වැඩසටහනේ වාසනාවන්ත ජයග්‍රාහකයින් 8 දෙනා සමඟ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකාරිත්වයේ නියෝජිතයින් සේයාරුවෙන් දැක්වෙයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව