කොමර්ෂල් බැංකුවේ ‘දිරිශක්ති’ වැඩසටහන වෙතින් බණ්ඩාරවෙල සහ දෙණියායේ තේ වගාකරුවන්ට සහයෝගය

Dirishakthi Programme - Bandarawela + Deniyaya

 



 

 

 

කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන නවතම ‘දිරිශක්ති’ අගය දාම සංවර්ධන වැඩසටහන මගින් බණ්ඩාරවෙල සහ දෙණියාය ප‍්‍රදේශවල තේ වගාකරුවන්ගේ සමිති හතරක් නියෝජනය කරන තේ වගාකරුවන් 532 දෙනෙකුට මූල්‍ය සහ තාක්ෂණික සහයෝගය ලබාදී තිබේ.

ග‍්‍රාමීය අගය දාමයේ කාර්යක්ෂමතාවය සහ තිරසාරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නිර්මාණය කර තිබෙන මෙම වැඩසටහන මගින් නව තාක්ෂණය හඳුන්වාදීමට සහ කුඩා තේ ගොවීන්ගේ ව්‍යවසායකත්ව ශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය දැනුම ලබාදීමට මූලිකත්වය ගෙන තිබුණි.

මීට අමතරව, බැංකුවේ බණ්ඩාරවෙල සහ දෙණියාය ශාඛා ඔවුන්ගේ කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක (AMFU) සහ බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව (DCD) සමග ඒකාබද්ධව මෙම ප‍්‍රදේශවල තෝරාගත් තේ වගාකරුවන්ගේ සමිති සඳහා පස හාරන යන්ත‍්‍ර හතරක් පරිත්‍යාග කරන ලදී.

මෙම උපකරණ හිමිවූ සමිති අතර වූ දෙණියායේ PARCIC කාබනික තේ සමිතිය, තමන් නිපදවන කාබනික පොහොර යොදා තේ පැල රෝපනය කරන අතර, එම වගාකරුවන්ගේ තේ දළු කාබනික තේ ක්ෂේත‍්‍රයෙහි පුරෝගාමියෙකු වන මහාචාර්ය පියසේන අබේගුණවර්ධන මහතාට අයත් මොරවක අහිංසා තේ කර්මාන්ත ශාලාවට සපයනු ලැබේ.

කොමර්ෂල් බැංකුවේ ‘දිරිශක්ති’ අගය දාම සංවර්ධන වැඩසටහන මගින් මීට පෙර කොක්කඩිචෝලෙයි සහ මඩකළපුවේ පාරම්පරික සහල් නිෂ්පාදකයින් සහ ගොවීන්, මුලතිව්හි සතුන් ඇතිකිරීමේ සමුපාකාර සමිතියට අනුබද්ධ කිරි ගොවීන්ගේ අගය දාමය සහ මුල්ලියාවලෙයි ප‍්‍රදේශයේ කිරි ගොවීන් කණ්ඩායමක් ප‍්‍රතිලාභ ලැබීය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව