කොමර්ල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් ඒකාබද්ධව තවත් ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කරයි

ComBank Logo

 




 

 

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් සමාගම අතර තිබෙන ඒකාබද්ධතාවය යළිත් අළුත් කිරීම හේතුවෙන් කෘෂි කාර්මික කටයුතුවල යෙදන සහ ඒ වෙනුවෙන් උනන්දුවක් දක්වන කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ‘ඇග‍්‍රි ලීසිං’ පහසුකම තුළින් නැවත වරක් කෘෂි කාර්මික යන්ත‍්‍ර සහ ට‍්‍රැක්ටර් මාලාවක් සාධාරණ වාරික මුදලක් ගෙවමින් නම්‍යශීලී ගෙවීම් සැලසුම් යටතේ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ.

ගොවීන්ට ඉතාමත් ආකර්ශනීය වට්ටම් ලබාදෙමින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ යන්ත‍්‍රසූත‍්‍ර සහ ට‍්‍රැක්ටර් අලෙවිකර වගා කටයුතුවල කාර්යක්ෂමතාවය ඇති කිරීම සඳහා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන නිර්මාණය කර ඇත. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ හේලීස් ඇග‍්‍රිකල්චර් වෙතින් කුබෝටා, ඇග්‍රෝටෙක් සහ ෆාර්ම්ට‍්‍රැක් කෘෂිකාර්මික උපකරණ මිලදීගැනීමට අවස්ථාව හිමිවේ. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2021 වසර අවසන් වනතුරු බලපැවැත්වෙන අතර නම්‍යශීලී ලීසිං පැකේජ, කන්නයට අනුව ගෙවීමේ සැලසුම්, විශේෂ වාරික මුදල් සහ අනිකුත් ප‍්‍රතිලාභ මෙමගින් හිමිවන බව බැංකුව සඳහන් කරයි.

මෙහිදී, ගොවීන්ට කන්නයෙන් කන්නයට ලැබෙන ආදායම් ප‍්‍රමාණය සහ වගාකරන මාස වැනි සාධක සැලකිල්ලට ගනිමින් මෙම නම්‍යශීලී ගෙවීම් සැලසුම් සකස් කර තිබීම කැපී පෙනෙන බව බැංකුව සඳහන් කරයි. මේ නිසා, ගනුදෙනුකරුවන්ට තමන්ගේ ලීසිං පහසුකම මනාව සැලසුම් කරගැනීමේ හැකියාව ලැබේ.

පසුගිය වසර ගණනාව මුළුල්ලේ මේ ආකාරයේ ඒකාබද්ධ ප‍්‍රවර්ධන වැඩසටහන් කොමර්ෂල් බැංකුව විසින් සිදුකළ අතර මෙමගින් කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් සමාගම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකරන කැපවීම පිළිඹිබු කරයි.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව