කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරටත් කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රහය

combank-01

 




 

 

ශ‍්‍රී ලංකා වන ජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය (WORC) විසින් සිදුකරන ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපන සහ සංරක්ෂණ ව්‍යාපෘතිය’ සඳහා යළිත් සහයෝගය දක්වමින් කොමර්ෂල් බැංකුව කොග්ගල ජලාශයේ පිහිටි කත්දුව වටා තවත් කඩොලාන පැලෑටි 3,750 ක ආරක්ෂාකාරී වැටක් වගාකිරීම සඳහා අරමුදල් ලබාදී තිබේ.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර මේ ආකාරයෙන් ආරම්භ කර තිබෙන්නේ පළමු අදියර මගින් ලැබූ ඉතාමත් ඉහළ ප‍්‍රගතිය සැලකිල්ලට ගනිමිනි. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාර්ටින් වික‍්‍රමසිංහ මහතා විසින් රචිත ‘මඩොල් දුව’ නවකතාවේ සඳහන් දුපතට ආසන්නයේ පිහිටි හබරාදුවේ පිහිටි අක්කර 13.5 කින් සමන්විත මෙම දුපතේ කඩොලාන පැලෑටි 2000 ක් සහ දුපත අවට පරිවාර පැලෑටි 750 ක් සහ වෙනත් පැලෑටි 500 ක් වගා කිරීමට කොමර්ෂල් බැංකුව විසින් අරමුදල් සපයන ලදී. බැරල් යොදාගනිමින් පැලෑටි වගාකිරීම පළමු අදියරේදී සාර්ථක වූ නිසා දෙවන අදියරේදීද එම ක‍්‍රමයම භාවිතා කරන අතර මේ තුළින් ඉලක්ක කර තිබෙන්නේ දුපත ඉවුරේ පාංශු ඛාදනය වැලැක්වීමටයි.

බැංකුව සඳහන් කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය බ්ලූ චාටර් ඇක්ෂන් ගෲප් හි, මහ ලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් මෙනෙවිය 2019 වසරේදී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ තිබෙන කඩොලන වගාකළ හොඳම පරිශ‍්‍රය ලෙසින් මෙම ව්‍යාපෘතිය අගය කළ බවයි. ශ‍්‍රී ලංකා වන ජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය විසින් පොරොන්දු වූ පරිදිම සංරක්ෂණ සහ සතුන්ගේ වාසභූමි ආරක්ෂා කරමින් මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට වසර දෙකක කාලයක් ගතවිය.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු වන්නේ දැනට විනාශ වෙමින් පවතින පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීමේ සංස්කෘතියක් සහ භාරකාරත්වයක් ප‍්‍රදේශවාසීන් තුළ ඇති කිරීමටයි.

ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 7.27 කින් සමන්විත කොග්ගල කළපුවේ තිබෙන ජෛව විවිධත්වය නිසා ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගැනීමට සමත්වී තිබේ. කඩොලාන වැවුණු කුඩා දුපත් සමූහයකින් මෙම කළපුව සමන්විත වේ. පසුගිය දශක කිහිපයේදී මිනිස් ක‍්‍රියාකාරකම් නිසා කළපු ඉවුර දැඩි ඛාදනයකට ලක්වූ අතර කඩොලාන සහිත පාරිසරික පද්ධතියද විනාශවෙමින් තිබේ. මෙම ගැටලූව විසඳීමේ එක් කොටසක් ලෙස ‘කත්දුව’ පාදක කර ගනිමින් කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 887 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව