එස්.එස්.සී. බස්නාහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශුරතාවලිය ඔක්තෝබර් 7 දා සිට

ssc-Open-Badminton-Championship (LBN)

 



 

 

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ (WPBA) අනුබද්ධිත SSC ක්‍රීඩා සමාජය සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලබන  SSC / WPBA සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ඔක්තෝබර් මස 7 වැනිදා සිට 15 දින දක්වා එස්.එස්.සී.ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ වෙළෙඳසේවා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ට හා පළඟ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන SSC / WPBA සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ට තරග කාණ්ඩයට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ බාලක ඒකල හා යුගල සහ බාලිකා ඒකල සහ යුගල තරග ඉසව් ඇතුළත් වන අතර, ජ්‍යෙෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ සහ අවුරුදු 70න් ඉහළ පිරිමි ඒකල හා යුගල, කාන්තා ඒකල හා යුගල සමඟ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත් වේ.

පිරිමි හා කාන්තා ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග විවෘත තරග කාණ්ඩයට ඇතුළත් වන අතර, කාන්තා හා පිරිමි විවෘත ඒකල අවසන් පූර්ව වටයේ පරාජිතයන් අතර පළඟ කාණ්ඩයේ තරග ඉසව් පැවැත් වේ.
ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනයක ත්‍යාග මුදල් පිරිනැමෙන මේ ශූරතාවලියේ ශූරයන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතික පත් සහ කුසලාන පිරිනැමීමට නියමිතය.

SSC / WPBA සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය Mcfoil, Mobil, Li-Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වයෙන් යුතුව පැවැත්වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව