එංගලන්තයේ Europe Business Assembly වෙතින් කොමර්ෂල් බැංකුව යුරෝපීය තත්ව සම්මානය දිනාගනී

European Quality Award - Logo

 




 

 

ගෝලීය මට්ටමින් ආර්ථික සහ සමාජ සංවර්ධනයන් දිරිමත් කරන ජාත්‍යන්තර ආයතනයක් වන එංගලන්තයේ Europe Business Assembly විසින් කොමර්ෂල් බැංකුවට යුරෝපීය තත්ව සම්මානය (European Quality Award) ප‍්‍රදානය කර තිබේ.

තම පාරිභෝගිකයින්, සේවකයින් සහ අනිකුත් පාර්ශවකරුවන් සතුටට පත්වන ආකාරයට ගුණාත්මක කළමනාකරණය සහ සමස්ත ගුණාත්මක කළමනාකරණය වෙනුවෙන් වන ප‍්‍රවේශය සම්බන්ධයෙන් විශිෂ්ටත්වය ප‍්‍රදර්ශනය කරන කළාපීය සමාගම් සඳහා මෙම ගෞරවණීය, ජාත්‍යන්තර සම්මානය ප‍්‍රදානය කරයි.

කොමර්ෂල් බැංකුවේ බැංකු සේවාවල තිබෙන ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වය ගෞරවයට ලක්කරමින් මෙම තත්ව සම්මානය ප‍්‍රදානය කර තිබෙන අතර මෙම සම්මානය ලැබීමත් සමග යුරෝපීය සහ ලෝක වෙළෙඳපොළ තුළ කොමර්ෂල් බැංකුවට තිබෙන තරඟකාරී ධාරිතාවය ඉහළ නංවා ගැනීම තුලින් බැංකුවට වැඩි වාසියක් අත්වී ඇතැයි බැංකුව සඳහන් කරයි.

මෙම සම්මානයට නිර්දේශිත නාමයන් Europe Business Assembly හි, වෘත්තීය සමීක්ෂණ කණ්ඩායම විසින් ඉතාමත් සුපරික්ෂාකාරී ලෙස තෝරා ගන්නා අතර මාධ්‍ය, සමාජ ජාලා, අන්තර්ජාලය, ප‍්‍රවෘත්ති සහ විවෘත සංඛ්‍යා දත්ත විශ්ලේෂණයන් සහ අධිකාරීන්ගේ නිර්දේශයන්, සමාජ සංවිධාන, ආයතන, වාණිජ මණ්ඩල, ශාඛා සංගම් සහ වෘත්තීය සමිති, අධ්‍යාපන ආයතන සහ විශේෂඥ සමීක්ෂණ ඇතුළත්ව සිදුකරන වර්ගීකරණ සමීක්ෂණයක් මගින් ජයග‍්‍රාහකයින් තෝරාපත් කරගනී.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 932 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව