ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනයි

American Plastics

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී තත්ත්ව පාලනය පිළිබඳ රන් සම්මානයකුත්, 2024 නොවැම්බර් මස පැවැත්වුණු තත්ත්ව පාලනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නව්‍යකරණය සඳහා ජාත්‍යන්තර රන් සම්මානයකුත් දිනා ගත්තේය. 2022 සැප්තැම්බර් මස ආරම්භ වූ ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම 2023 නොවැම්බර් මස අංක 273, පුත්තලම පාර, කුරුණෑගල යන ස්ථානයේ දැවැන්ත ශාඛාවක්ද විවෘත කර තිබේ. ෆ්‍රැන්චයිස් පදනම මත දිවයින පුරා තවත් එවැනි අලෙවිසැල් රැසක් පිහිටුවීමට ඔවුන් සැළැසුම් කර ඇත. Injection, Blow සහ Parison ඇතුළු ප්ලාස්ටික් නිෂ්පාදන යන්ත්‍ර මාදිලි රැසක් එම සමාගමට අයත් ආටිගල පානළුව පිහිටි කර්මාන්තශාලාවේ ක්‍රියාත්මක වේ. ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම සිය පාරිභෝගිකයන්ට ආකර්ෂණීය වර්ණ රැසකින් යුතු උසස් තත්ත්වයේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන රැසක් සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව