ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් 3ක්

IMG-20221229-WA0070 (LBN)

 



 

 

ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ රන් පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා නුවර පැවැති මේ ශූරතාවලියේ පිරිමි ඒකල රන් පදක්කම දිනා ගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ පුලින වෙල්ලාලගේ සමත් වූ අතර, ඔහු එම විදුහලේම ශෙනුක් සමරරත්න සමඟ එක්ව පිරිමි යුගල ශූරතාවට ද හිමිකම් කීවේය. තරගාවලියේ කාන්තා තරග අංශයේ ඒකල රන් පදක්කම දිනා ගැනීමට ලුම්බිණි විදුහලේ වරංගනා ජයවර්ධන සමත් වූවාය.

බාලක ඒකල අවසන් මහා තරගයේදී ඉරාන ක්‍රීඩක ආදිල් සවුරාති ලකුණු 21-18ක් සහ 21-9ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට පුලින සමත් වූ අතර, බාලිකා ඒකල අවසන් මහා තරගයේදී වාරංගනා ජයවර්ධන විසින් ලකුණු 21-13ක් සහ 21-16ක් ලෙස ඉරාන ක්‍රීඩිකාව අයිඩා එනයාටි පරාජය කරමින් රන් පදක්කම දිනා ගත්තාය.

බාලක යුගල අවසන් මහා තරගයේදී ඉරාන ක්‍රීඩකයන් වන ආදිල් සවුරාති සහ සෙයිඩ් මොහොමඩ් ලකුණු 21-13ක් සහ 21-16ක් ලෙස පරාජය කිරීමට පුලින වෙල්ලාලගේ සහ ශෙනුක් සමරරත්න සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිනිය සහ ක්‍රීඩිකාව භාර නිලධාරිනිය ලෙස චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය සංචාරයට එක්වූවාය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව