ආර්පිකෝ රක්ෂණ සමාගම Sri Lanka TAGS Awards 2023 සම්මානයෙන් පිදුම් ලබයි

1- Arpico Insurance award (LBN)

දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක්වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, නව්‍ය සහ විශ්වාසනීය ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, පසුගියදා පැවැති TAGS Awards 2023 සම්මාන උළෙලේදී ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ (ලිඛිත වාරිකය රුපියල් බිලියන 10ට දක්වා කාණ්ඩයේ) හොඳම වාර්ෂික වාර්තාව (Annual Report) සඳහාවන ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත්විය. සමාගම මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් දෙවැනි වසර මෙය වීම ද විශේෂත්වයකි.

 



 

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන TAGS Awards, Transparency (පාරදෘශ්‍යභාවය), Accountability (වගවීම), Governance (පරිපාලනය) සහ Sustainability (තිරසරභාවය) යන ප්‍රධාන කුළුණු හතරෙහි නියෝජනයක් ලෙස නම් කර තිබේ. ඒ අනුව, ‘Strides for Multifaceted Growth’ යනුවෙන් නම් කරන ලද ආර්පිකෝ රක්ෂණ සමාගමේ වාර්ෂික වාර්තාවේ මූල්‍ය, පාරිසරික, සමාජයීය සහ පරිපාලන වාර්තාකරණයේ නිකැළැල් බවට ලද සහතිකයක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැක.

ආර්පිකෝ රක්ෂණ සමාගමට අමතරව ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ සමාගම්, බහුජාතික සමාගම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී ආයතන රැසක් සිය මූල්‍ය සහ මූල්‍ය නොවන වාර්තාකරණය වෙනුවෙන් මෙහිදී සම්මාන දිනාගත්හ. ″නියාමන අවශ්‍යතාවලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට යමින් අපගේ සදාචාරාත්මක, පරිපාලන, පාරිසරික සහ අනෙකුත් කැපවීම් වෙනුවෙන් අප ගත් වෙහෙස මෙසේ ඇගයීමට ලක්වීම විශාල සතුටක්″, යනුවෙන් ආර්පිකෝ රක්ෂණ සමාගමේ සභාපති රමල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

″මෙය පාරදෘශ්‍යභාවය සහ සාර්ථකත්වය සඳහා අප සමාගමේ අඛණ්ඩ කැපවීම වෙනුවෙන් ලද සහතිකයක් ලෙස හැඳින්විය හැකියි. මේ අප මෙම ගෞරවනීය සම්මානය අඛණ්ඩව දිනාගත් දෙවැනි අවස්ථාවයි. අපේ සෑම පියවරකදීම අවංකත්වය, විශිෂ්ටත්වය සහ සහයෝගීතාව වෙනුවෙන් අප සතු කැපවීම මේ සම්මානය හරහා පෙන්නුම් කෙරෙනවා. අපගේ  කාර්යමණ්ඩලයේ කැපවීම මෙම සම්මානය දිනාගැනීමට තීරණාත්මක සාධකයක් බවට පත්වුණා″, යනුවෙන් ආර්පිකෝ රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලුම් සේනානායක මහතා පැවසුවේය.

අපගේ 2022 වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර්ෂික වාර්තා ඇගයීම් උළෙලක සම්මානයට පාත්‍ර වීම විශාල ගෞරවයක්. ඒ් වගේම මෙම සම්මානය ඉලක්කම් අගයන්වලින් ඔබ්බට ගොස් සමාගමේ පාරිසරික, තිරසර සහ පරිපාලන (ESG) ක්‍රියාරාමුවට ලැබුණු ඇගයීමක්. ESG ක්‍රියාරාමුව වෙනුවෙන් අප සමාගම සතු කැපවීමත් මෙම සම්මානය පිරිනැමීමේදී CA Sri Lanka සැළකිල්ලට ගනු ලැබුවා, යනුවෙන් ආර්පිකෝ රක්ෂණ සමාගමේ මූල්‍ය පරිපාලක එස්. එච්. දුලන්ජිත් කවීෂ මහතා පැවසුවේය.

මීට අමතරව, ආර්පිකෝ රක්ෂණ සමාගම, Indian Chamber of Commerce විසින් සංවිධානය කරන ලද ඉන්දියාවේ පැවැති Emerging Asia Insurance Conclave and Awards 2023 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාප්තිය වෙනුවෙන් අනුගමනය කළ හොඳම ක්‍රමෝපාය සඳහාවන සම්මානය දිනාගැනීමට ද සමත්විය.

ආර්පිකෝ රක්ෂණ සමාගම පරිත්‍යාග, සෞඛ්‍ය, කාලීන, සමූහ, ණය රක්ෂණය හා අධ්‍යාපන, ආයෝජන, විශ්‍රාම සහ සහන සැලසුම් වැනි රක්‍ෂණ විසඳුම් රැසක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ වඩාත් විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක්වන වසර 90ක ඉතිහාසයක් ඇති Richard Pieris & Company PLC හි අනුබද්ධිත ආයතනයක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම යනු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන මෙරට ප්‍රධානම ජීවිත රක්‍ෂණකරුවන් අතර සිටින ගෞරවනීය ජීවිත රක්‍ෂණ සමාගමකි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව