අමානා බැංකුව සිය මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට සමගාමීව මේ වනවිට සුවිශේෂී නිවාස මූල්‍ය පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, එම පහසුකමට අදාළ මුදල නියමිත කාලයට පෙර ආපසු ගෙවා අවසන් කිරීමේදී ඒ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීම ය. මෙය ශ්‍රී ලංකාවේ නිවාස මූල්‍ය පහසුකම් සම්ප්‍රදායේ පෙරළියක් ඇතිකරනු ඇත.
ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, ඔවුන්ට ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වන ආකාරයට අමානා බැංකුවේ නිවාස මූල්‍ය පහසුකම සැලසුම් කර තිබේ. ඉඩමක් මිලදී ගැනීම, නිවසක් හෝ මහල් නිවසක් ඉදිකිරීම, නිවසකට අලුතින් කොටසක් එක්කිරීම, වෙනත් මූල්‍ය ආයතනයකින් ලබාගෙන ඇති නිවාස මූල්‍ය පහසුකමක් අමානා බැංකුව වෙත මාරු කිරීම හෝ, නිවසක් මිලදී ගැනීමේදී හෝ ඉදිකිරීමේදී වැය වූ පිරිවැය ප්‍රතිමූල්‍යකරණය කිරීම ආදිය සඳහා අමානා බැංකුවේ නිවාස මූල්‍ය පහසුකම භාවිතා කළ හැකි වේ.
“අපගේ නිවාස මූල්‍ය පහසුකම සැලසුම් කර ඇත්තේ ගනුදෙනුකරුවන්ට හුදෙක් මූල්‍යමය අත්වැලක් ලබාදීමට පමණක් නොවෙයි. එය නිවාස හිමිකාරීත්වය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් දකින සිහින සැබෑ කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී සේවාවක්. අපගේ ගනුදෙනුකරුවන්ට මූල්‍යමය නම්‍යශීලීත්වයේ පහසුව අත්විඳීමට අවස්ථාව සලසා දීම ඉලක්ක කරගෙන අප මෙය සැලසුම් කර තිබෙනවා. එම නිසා පුද්ගලයන්ටත් පවුල්වලටත්, සැඟවුණු ගාස්තු පිළිබඳ බියකින් තොරව අවශ්‍ය නම් අදාළ මුදල කල්තබා ගෙවා අවසන් කිරීමට පුළුවන්.” අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා පැවසී ය.
මෙම ප්‍රධාන ප්‍රතිලාභයට අමතරව, දින 3 ක් වැනි කෙටි කාලයක් ඇතුළත අනුමැතිය හිමි වීම සහ ආපසු ගෙවීම සඳහා වසර 20 ක් දක්වා කාලය හිමි වීම වැනි තවත් ප්‍රතිලාභ රැසක්ද අමානා බැංකුවේ නිවාස මූල්‍ය පහසුකම් ලබාගන්නා ගනුදෙනුකරුවන් වෙත හිමි වේ. www.amanabank.lk වෙත පිවිසීම මගින් ගනුදෙනුකරුවන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමටත්, තමන්ට අවශ්‍ය පරිදි නිවාස මූල්‍ය පහසුකම සැලසුම් කරගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත. තම අවශ්‍යතාවන් සම්බන්ධ සරල තොරතුරු කිහිපයක් ඇතුළත් කිරීමෙන් අනතුරුව ගනුදෙනුකරුවන්ට තමන් කැමති නිවාස මූල්‍ය සැලසුම තෝරාගැනීමට හැකි වන අතර, ඉන් අනතුරුව ඔවුන්ට එම පහසුකම සම්බන්ධ තොරතුරුවල සාරාංශයක් සහ ඔවුන් සමග ගනුදෙනු කරන සම්බන්ධතා කළමනාකරුගේ තොරතුරු ඇතුළත් විද්‍යුත් ලිපියක් ලැබෙනු ඇත.
අමානා බැංකුවේ නිවාස මූල්‍ය පහසුකම පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා නරඹන්න: www.youtube.com/watch?v=U-oT9fsRd_8
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.