අමානා බැංකුව විසින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරි ගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ‘අභිමාන’ සම්මාන උළෙල

amana

 



 

 

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ආරම්භ කර ඇති අමානා බැංකුවේ  ‘Business Plus’ සේවාව විසින් අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව සංවිධානය කළ  ‘අභිමාන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්මාන උළෙල’ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වූ ව්‍යාපාර රැසක් මෙහිදී ඇගයීමට ලක්කරන ලදි. මෙහිදී මහා පරිමාණ, මධ්‍ය  පරිමාණ සහ සුළු පරිමාණ ලෙස කාණ්ඩයන් ත්‍රිත්වයක් යටතේ සම්මාන පිරිනැමුණු අතර, කාන්තා සහ තරුණ ව්‍යවසායකයින් ද ඒ අතර විශේෂ ඇගයීමට ලක් විය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු ලලිත් යූ. ගමගේ, මහනුවර දිස්ත්‍රික් ලේකම්/දිසාපති චන්දන තෙන්නකෝන්, අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ, අමානා බැංකුවේ මහනුවර ව්‍යාපාර ප්‍රධානී අසාම් අමීර් සහ අමානා බැංකුවේ අකුරණ ශාඛාවේ කළමනාකරු මින්සාර් හමීඩ් යන මහත්ම මහත්මීන් සමග මහනුවර දිස්ත්‍රිකයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කලාපීය වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්, රජයේ සේවකයන්, ව්‍යවසායකයන්, පාසල් සිසුන්, වෙළඳ සංගම් නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ඒ අනුව 2022 – අභිමාන සම්මාන උළෙලේ සුළු පරිමාණ කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානය ‘RVS ප්‍රඩක්ට්ස්’ වෙත හිමි වූ අතර එහි දෙවැනි ස්ථානය ‘අමරසේකර ඉන්ඩස්ට්‍රීස්’ වෙත හිමි විය. මධ්‍ය පරිමාණ කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානය ‘අමෝර් අයිස්ක්‍රීම්’ වෙත හිමි වූ අතර, එහි දෙවැනි ස්ථානය හිමි කරගන්නා ලද්දේ ‘ඉසුර බතික් ක්‍රියේෂන්ස්’ විසිනි. මහා පරිමාණ කාණ්ඩයේ සම්මානය ‘මිලානෝ ෆුඩ්ස්’ වෙතත්, එහි දෙවැනි ස්ථානය ‘ඔන්ලයින් ගාමන්ට්ස්’ වෙතත් හිමි විය. සම්මාන උළෙලේ නැගී එන තරුණ ව්‍යවසායකයා සම්මානය ‘නිව්සිස් සිලෝන්’ විසින්ද, වසරේ නැගී එන ව්‍යවසායිකාව සම්මානය ‘ඉමාති අන්තුරියම්’ විසින්ද දිනාගන්නා ලදි. සම්මාන උළෙලේ විශේෂ ඇගයුම් සම්මානය ලෙස්ලි එදිරිසිංහ වෙත හිමි වූ අතර, තවත් ව්‍යවසායක ව්‍යවසායිකාවන් 55 දෙනෙක් මෙහිදී ඇගයීමට ලක්වූහ..

“කලාපීය ආර්ථිකයේ ජීවනාලිය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයයි. අභිමාන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්මාන උළෙල යනු එම ව්‍යාපාර ඇගයීමට ලක්කිරීමට ලැබුණු අගනා අවස්ථාවක්. සම්මානලාභීන් සියලුම දෙනාට උණුසුම් සුභපැතුම් පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම වෙළඳපොළ තුළ පවතින දුෂ්කරතා හමුවේ පවා මේ ආකාරයට ප්‍රදේශයේ කටයුතුවලට සහය ලබාදීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මා අමානා බැංකුවට ස්තූතිවන්ත වන අතර, ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීමට අමානා බැංකුවේ සහය ඉදිරියටත් අප වෙත ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.” එම අවස්ථාවට සහභාගී වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු ලලිත් යූ. ගමගේ මහතා එසේ තම අදහස් දැක්වී ය.

“අද දින ඇගයුමට ලක් වූ සියලු ව්‍යවසායකයින්ට මගේ සුභපැතුම් එක්කරන අතරම, මේ ආකාරයට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මා අමානා බැංකුවට ස්තූතිවන්ත වනවා. මෙය මුළුමහත් රටටම වැදගත් වන සුභ පණිවිඩයක්. මේ ආකාරයට ඉදිරියටත් විවිධ වැඩසටහන් ඔස්සේ අමානා බැංකුව සමග එක් වී මෙම පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය සහයෝගය ලබාදීමට අප බලාපොරොත්තු වනවා.” එම අවස්ථාවට සහභාගී වූ මහනුවර දිස්ත්‍රික් ලේකම්/දිසාපති චන්දන තෙන්නකෝන් මහතා පැවසී ය.

“මෙය රටේ ව්‍යවසායකයන් සවිබලගන්වමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අප ගන්නා උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම අරමුණ වෙනුවෙන්ම ආරම්භ කළ ‘Business Plus’ පුද්ගලික බැංකුකරණ සේවාව ඔස්සේ අප මෙම කාණ්ඩයේ ව්‍යාපාර වෙනුවෙන්ම පත් කළ සම්බන්ධීකරණ කළමනාකාරවරයෙකු අනියුක්ත කිරීමටත්, ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ සේවාවන් ලබාදීමටත්, අන්තර්ජාල බැංකුකරණ පහසුකම් සහ වැටුප් සේවාවන් ඇතුළු සේවාවන් රාශියක් ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන්ට අමානා බැංකුව වෙතින් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම්, කාරක ප්‍රාග්ධන මූල්‍ය පහසුකම්, ආනයන හා අපනයන මූල්‍ය පහසුකම්, ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ සේවාවන්, යන්ත්‍රෝපකරණ කල්බදු සේවාවන්, නිත්‍ය බැංකු අයිරා පහසුකම්, චෙක්පත් වට්ටම්කරණ සේවාවන්, මුදල් එකතු කිරීමේ සේවාවන් සහ ආයෝජන සේවාවන් ඇතුළු තවත් සේවාවන් රාශියක් ලබාගැනීමට පුළුවන්. ඉදිරියටත් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල දියුණුව උදෙසා කැපවෙමින්, රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කරන විසඳුම් හා සේවාවන් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.” අමානා බැංකුවේ මහනුවර දිස්ත්‍රික් ව්‍යාපාර ප්‍රධානී අසාම් අමීර් මහතා එසේ තම අදහස් දැක්වී ය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව