අමානා බැංකුව ‘වසරේ විශිෂ්ටතම සමාගම’ ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබයි

SLIBFI-Awards-2020 (1)

SLIBFI සම්මාන උළෙලේදී  වැඩිම සම්මාන දිනූ සමාගම බවටද පත්වේ

පසුගියදා පැවති 2020 SLIBFI සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම සමාගම’ සඳහා වන සම්මානය ඇතුළුව රන් සම්මාන 3 කින් පිදුම් ලැබීමට අමානා බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙලෙහි  අයදුම්පත් විනිශ්චය කරන ලද්දේ KPMG ආයතනය විසිනි.

නැවත වරක් මෙම සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය දිනාගැනීමට සමත් වීමට අමතරව අමානා බැංකුවට තවත් රන් සම්මාන දෙකක් සහ කුසලතා සම්මානයක් හිමි වූ අතර, ඒ අනුව මෙවර SLIBFI සම්මාන උළෙලේදී වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ සමාගම බවටද පත් විය. මෙහිදී අමනා බැංකුවේ OrphanCare වැඩසටහනට ‘වසරේ විශිෂ්ටතම සමාජ අභිවෘද්ධි ව්‍යාපෘතිය’ සඳහා වන සම්මානය හිමිවූ අතර, අමානා ඉතුරුම් සැලසුම සඳහා වසරේ විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන සඳහා වන සම්මානය පිරිනැමිණි. ‘වසරේ විශිෂ්ටතම නව සේවා පිරිනැමීම’ යන කාණ්ඩය යටතේ අමනා බැංකුවේ ‘බිස්නස් ප්ලස්’ ගිණුමට කුසලතා සම්මානයක් හිමි විය.

 




 

 

මෙම සම්මාන පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “යළිත් වරක් SLIBFI සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම සමාගම’ ලෙස සම්මාන දිනාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටු වනවා. ආර්ථික අභියෝග හමුවේ සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක් උදෙසා, ශ්‍රී ලංකාව තුළ පොලී රහිත බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට මෙන්ම එම ක්ෂේත්‍රය දියුණුව කරා රැගෙන යාමට අප දරන උත්සාහය හා කැපවීමට මෙය මනා සාක්ෂියක්. මෙම සම්මාන වල ගෞරවය, අප වෙත තැබූ අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් අපගේ සියලුම ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ අනෙකුත් හවුල්කරුවන් වෙත හිමි විය යුතුයි.”

වසරේ විශිෂ්ටතම සමාජ අභිවෘද්ධි ව්‍යාපෘතිය වෙනුවෙන් රන් සම්මානය හිමිවීම පිළිබඳව අස්මීර් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “මෙම සම්මානය, අනත් දරුවන්ට සිය අනාගතය සම්බන්ධයෙන් යහපත් තෝරාගැනීම් සිදුකිරීමට අවස්ථාව ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින් සිටින OrphanCare වැඩසටහන තවදුරටත් දිරිගැන්වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. අප වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් එම වැඩසටහනේ භාරකරුවන්, අරමුදල් දායකයන් සහ හවුල්කරුවන් ඇතුළු සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

රටපුරා විසිරී සිටින, රැකවරණය අහිමි දරුවන් 2,800 කට ආසන්න පිරිසකට OrphanCare වැඩසටහන මගින් දැනටමත් සෙත සැලසෙන අතර මෙම වැඩසටහන හරහා  මේ වනවිට අරමුදල් බෙදාදීම් වාර 5 ක් සම්පූර්ණ කර තිබේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව