අමානා බැංකුවේ ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථාන ජාලය තවදුරටත් පුළුල් කෙරේ

amana bank expands to sainthamaruthu (LBN)

 



 

 

අමානා බැංකුව තම ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කරමින්, සිය 56 වැනි පාරිභෝගික සේවා ස්ථානය ලෙස සයින්දමරුදු ප්‍රදේශයේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. මෙය විවෘත කිරීමේ අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල්, සහකාර උප සභාපති (තැන්පතු සහ ඩිජිටල් නවෝත්පාදන) අර්ශාඩ් ජමාල්දීන්, කල්මුණේ නාගරික කොමසාරිස් ඒ. එල්. එම්. අස්මි සහ අමානා බැංකුවේ කල්මුණේ ශාඛාවේ කළමනාකරු මොහොමඩ් සමීම් යන මහත්වරුන් මෙන්ම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්වූහ.

මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය අංක 20A, අක්කරේපත්තු පාර, සයින්දමරුදු යන ස්ථානයේ පිහිටා ඇති අතර, ඉන් සතියේ සෑම දිනකම පැය 24 පුරා මුදල් ආපසු ලබාගැනීම, මුදල් තැන්පත් කිරීම සහ චෙක්පත් තැන්පත් කිරීම යන සේවාවන් ලබාගත හැකි වේ. එමෙන්ම අමානා බැංකුවේ කල්මුණේ ශාඛාව සහ AB Securitas (පුද්.) සමාගම එක් වී මෙම මධ්‍යස්ථානයේ දෛනික කටයුතු කළමනාකරණය කිරීම සඳහා පාරිභෝගික සේවා නියෝජිතයන් යොදවා ඇති අතර, ගනුදෙනුකරුවන්ට ඔවුන් හරහා තවත් සේවාවන් රාශියක් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම සම්බන්ධයෙන්, අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා මෙසේ අදහස් දැක්වී ය. “සයින්දමරුදු ප්‍රදේශයේ අපගේ ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථානයක් විවෘත කරමින්, එම ප්‍රදේශයේ ජනතාවට අපගේ මානුෂ හිතවාදී බැංකු සේවාවන් ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්. රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීම සහ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම අරමුණු කරගෙන අප මේ ආකාරයට ක්‍රමෝපායික වශයෙන් අපගේ සේවාවන් රට පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සිටිනවා. එමෙන්ම ගනුදෙනුකරුවන්ට වෙනත් බැංකු සේවාවන්ද ලබාගනිමින් වඩාත් තෘප්තිමත් සේවා අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා මෙම ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථානවල පාරිභෝගික සේවා නියෝජිතයන් සේවයේ යෙදවීමටත් අප කටයුතු යොදා තිබෙනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන, IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව