අමානා බැංකුවෙන් අලුත උපන් බිළිඳුන්ට නැවතත් ඉතුරුම් ගිණුම් තෑගි

New Borns

 




 

 

දරු උපතක් යනු දෙමාපියන්ගේ ජීවිත වල සුවිශේෂී සන්ධිස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. දරුවෙකු උපත ලැබූ පසු සෑම මවකගේ හෝ පියෙකුගේම උත්සාහය වන්නේ එම දරුවාගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් මූල්‍ය පදනමක් නිර්මාණය කිරීම ය. එම උත්සාහයට අතදීමක් වශයෙන් අමානා බැංකුව නැවත වරක් රු. 1,000 ක තැන්පතුවක් සහිත ළමා ඉතිරි කිරීමේ ගිණුම් තෑගි කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙම ත්‍යාග වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ තැන්පතු ප්‍රවර්ධන අංශයේ  ප්‍රධානී අර්ශඩ් ජමාල්ඩීන් මහතා මෙසේ පැවසී ය. “මෙම වැඩසටහන අප මුලින්ම ආරම්භ කළේ 2018 වසරේදී යි. මෙමගින් උපතේ සිටම දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීම සඳහා පදනමක් ලැබෙන නිසා මෙය දෙමාපියන් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්වුණා. තිළිණ කරන තැන්පතුව රු. 1,000 දක්වා වැඩි කරමින් මෙම වැඩසටහන නැවතත් ආරම්භ කිරීමට ලැබීම අපට මහත් සතුටක්. මෙය ඉදිරියේදී ස්ථාවර නියෝග ඔස්සේ තම දරුවන්ගේ ඉතුරුම් ගිණුම් වලට මුදල් බැරකිරීමට අපේක්ෂා කරන දෙමාපියන්ට ඉතා හොඳ ආරම්භයක් වේවි.”

වයස අවුරුදු 2 ට අඩු දරුවන් සිටින දෙමාපියන්ට, තම දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් රැගෙන අමානා බැංකුවේ ශාඛාවක් වෙත පැමිණීමෙන් දරුවා වෙනුවෙන් රු. 1,000 ක තැන්පතුවක් සහිත නව ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකි වේ.

අමානා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, පොලී රහිත සහ මානුෂ හිතවාදී  බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක්’ ඉලක්ක කරගත් එම බැංකුව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වන ශාඛා හා ස්වයං බැංකුකරණ සේවා ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 4500 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. 2020 ඔක්තෝබර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව