අපනයනකරුවන් සඳහා ප්‍රශස්ත වැට් බදු විසඳුමක් අවශ්‍ය වන්නේ ඇයි

Tax
Tax

ප්‍රශස්ත බදු ක්‍රමයක අවශ්‍යතාව පිලිබඳව ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුලුව සෙසු අපනයනකරුවන් පෙන්වා දුන්නේ වසර ගණනාවක සිටයි. ගෝලීය වෙළෙඳ තරගයට මුහුණදීමේ සාර් ථකත්වය රඳා පවතින්නේ කාර්යක්ෂම බදු ක්‍රමයක් මෙරට තුල ක්‍රියාත්මක වන්නේ නම් පමණකි. බදු ක්‍රමය කාර්යක්ෂම තත්වයට ගෙන ඒමට නොහැකි වූ දීර් ඝ කාලීන ගැටලුවක් අපට ඇත. එනම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංකීර්ණ සහ වැට් බදු ප්‍රතිමූලනයෙහි පවතින ප්‍රමාදයයි.

 



 

මෙම අභියෝගය අලුත් තත්වයක් නොවේ. 2000 වසර තුල අප විසින් අත්විඳි මෙරට විශාලතම වැට් බදු වංචාවත් සමග ලංකාවේ බදු ක්‍රමය පිලිබඳව පවතින විශ්වාසය පළුදු වූ අතර වඩාක් මේ තත්වය පාලනය කිරීම සඳහා කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි. බදු වංචාවන්ට එරෙහිව කටයුතු කළ යුතු වූවත් වඩාත් අනවශ්‍ය ලෙස ප්‍රවේශම් සහගත වීම සහ නිලධාරිවාදි ප්‍රවේශය මත සත්‍ය වශයෙන්ම අපනයන ව්‍යාපාරයන්හි නිරත වූවන්ට සිය වැට්බදු ප්‍රතිමූලනයන් ලබා ගැනීමට මාස ගණනාවක් බලා සිටින්නට සිදු විය. ඇඟලුම් වැනි ක්ෂේත්‍රයකට අරමුදල් සහ නිසි වේලාවට සිය ඇඟලුම් අපනයනය කිරීම අතිශය වැදගත් වන අතර වැට් ප්‍රතිමුලනයෙහි ප්‍රමාදය සමග දිගු කාලීනව පීඩාවන් රැසකට මුහුණ දීමට ඔවුන්ට සිදු විය.

බදු ක්‍රමයෙහි අකාර්යක්ෂමතාවට පිලියමක් ලෙස රජය එකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය වැනි පාර්ෂවකරුවන් සමග එක් වෙමින් අත්හිටවු වැට් යාන්ත්‍රණය 2005 දී හඳුන්වා දෙන ලදි. ඇඟලුම් සඳහා රෙදිපිලි ඇනවුම් මණ්ඩලයේ පරිපාලනය යටතේත් , වෙනත් අපනයනකරුවන් සඳහා අපනයන සංවර්ධන පාලනය යටතේත් මෙම ක්‍රමය යටතේ මීට ඉහතදී ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපූර්නය සඳහා අවශ්‍යවූ ණය වව්චර් පත්‍ර ක්‍රමය ඉවත් කෙරුණි. අලුතින් හඳුන්වාදුන් ක්‍රමය වඩාත් ප්‍රායෝගික විසඳුමක් වූ අතර වගවීම පවත්වාගෙන යෑමට සහ ක්ෂේත්‍රය තුල පැවති මුදල් අවශ්‍යතා ගැටලුවට ද පිලියමක් විය.

2005 හඳුන්වාදුන් මෙම ක්‍රමය 2011 දක්වා ක්‍රියාත්මක වූ අතර වැට් බදු ප්‍රතිමූලනයට අදාල ප්‍රමාදයන් සහ බදු ක්‍රමය පිලිබඳ විශ්වාසයද යලි තහවුරු විය. 2021 වසර තුල මෙම අත්හිටවු වැට් යාන්ත්‍රනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට නතු වූ අතර මෙම ක්‍රමය සරල කරන ලද වැටි බදු ක්‍රමය ලෙස යලි නම් කෙරුණි. ඉන් අනතුරුව සරළ කරන ලද වැටි බදු ක්‍රමයට නතු වන ක්ෂේත්‍රයන් සංඛ්‍යාව පුලුල් කරන ලද අතර දේශීය ඉදිකිරීමේ කර්මාන්තය (ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලය තුල) විශේෂ සංවර්ධන ව්‍යාපෘති ලෙස නම් කොට සරල කරන ලද වැටි බදු ක්‍රමයට ඇතුලු කරන ලදි. එසේ වූවත් සරල කරන ලද වැට් බදු ක්‍රමවේදය ලිපිලේඛන මත පදනම් වූ අතර වංචාවක් ඇති වීමට ඇති ඉඩකඩ අහුරා දැමීම සහ වැට්බදු කලින් ගෙවීමට පැවති අවශ්‍යතාව මෙම නව ක්‍රමය තුල ඉවත් කිරීම ඇඟලුම් කර්මාන්තයට බොහෝ සෙයින් ඵලදායී විය. අවාසනාවකට සරල කරන ලද වැට් බදු ක්‍රමයට නතු වූ ක්ෂේත්‍රයන් සංඛ්‍යාව වැඩි වීමත් ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ කාලසීමාව අවසන් වීමත් සමගම මෙම බදු ක්‍රමයෙන් ඉවත් කල යුතු සමාගම් නිසිලෙස බදු ලැයිස්තුවලින් ඉවත් නොකිරීම , ලියාපදිංචි සහ හඳුනාගත් මිලදී ගන්නන් සහ ලියාපදිංචි හඳුනාගත් සැපයුම් කරුවන් සංඛ්‍යාත්මකව වර්ධනය වීම සිදු විය.

දුර්වලතා මධ්‍යයෙහි වූවද මෙම සමතුලිත තත්වය 2022 වසර තෙක් පැවති අතර ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර් බුදය, ඒ් අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනත් සමගම හඳුන්වාදුන් නව බදු ප්‍රතිසංස්කරණයන් සමග සරල කරන ලද වැට් බදු ක්‍රමය නෙවස් කිරීමට රජයේ අවධානය යොමු විය. රජය විසින් ගෙන එනු ලැබු යොජනාමාලාවන් අතර “ආදායම් වැඩි දියුණු කිරීමේ පියවර ඉහල නැංවීම” යටතේ සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කරන ලද අතර මෙය අහෝසි කිරීමත් සමග ඇති වූ තත්වය තුල ශ්‍රි ලංකාව, ජාත්‍යන්තරය පිලිගත් සම්මතයන් පවත්වාගෙන යෑම අස්ථාවර වීමත් සිදු විය. එහෙත් රජය විසින් ගනු ලැබු මෙම පියවර කිසිදු විටෙක පරීක්ෂාවට ලක් නොවීය.

බංග්ලාදේශය, කෙන්යාව, ඉන්දියාව, වියට්නාමය සහ ඉන්දුනිසීයාව වැනි අප සමග වෙළෙඳ තරගයක නියැලී සිටින රටවල ආර්ථිකයන් එම රටවල අපනයනකරුවන්ට සහාය දැක්වීම සඳහා විවිධ වැඩසටහන් හඳුන්වා දී ඇති අතර යෙදවුම් ගෙන්වීමේදී ඒ සඳහා බදු අය නොකිරීම, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, වැට් බදු සඳහා යම් සහනදායි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම පෙන්වා දිය හැක. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සරල කරන ලද වැට්බදු ක්‍රමය යාන්ත්‍රික නොවූ මිනිස් ශ්‍රමය මත පදනම්ව ක්‍රියාත්මක වන්නකි. එබැවින් කල යුතු වන්නේ මෙම ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම මිස ඉවත් කිරීම නොවේ.

විශ්වසදායි බදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමෙන් තොරව සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීම තුළින් මෙරට අපනයන ක්ෂේත්‍රය දැඩි අර් බුදයකට ලක් වන අතර කර් මාන්ත සඳහා අවශ්‍ය වන කාරක ප්‍රාග්ධන ගැටලුවලට අපනයනකරුවන්ට මුහුණ දෙන්නට සිදු වන්නේය. වැට් බදු ප්‍රතිමූලනය සඳහා දින 45ක් ගත වීම යනු කර් මාන්තකරුවන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා දින 75කින් ප්‍රමාද වනු ඇත. එහි ප්‍රතිපලය වන්නේ නොවැටී කර් මාන්තය පවත්වාගෙන සඳහා අවශ්‍යවන බිලියන සංඛ්‍යාත මුදල් ප්‍රමාණයක් යම් තැනක සිරවී පැවතීමයි. මේ තත්වය ඇඟලුම් ක්ෂේත්‍රය කෙරෙහි බලපාන ආකාරය පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙහි ගණනයට අනුව දැනට ඒකතු වී ඇති මුදල සඳහා වන වාර් ෂික පොලිය රුපියල් බිලියන 2.63ක් පමණ වනු ඇතැයි පැවසේ. මේ අතර වැට් අවශ්‍යතා සංවර්ධනය කිරීමේ යෝජනාවට අනුව සරල කරන ලද වැට් බද්ද අහෝසි කිරීමෙන් අනතුරුව රජය විසින් එකතු කරගන්නා ලද අමතර බදු ප්‍රමාණය රුපියල් බිලියන 191ක් වී ඇති නමුත් වැට් ප්‍රතිමූලන දිනයක් පිලිබඳ නිෂ්චිත සඳහනක් මෙහි නැත. මේ අවිනිශ්චිත බව මගින් බදු ප්‍රශස්තකරණය පිලිබඳ රජයේ සැබෑ අවශ්‍යතාව පිලිබඳව ප්‍රශ්න ගණනාවක් පැව නගී.

මෙය සුලුපටු අපහසුතාවක් නොව මේ තත්වය අපනයන නිෂ්පාදනයන්හි කාලරාමුවලට දැඩි බලපෑමක් ඒල්ල කරන අතර තරගකාරීත්වය සහ දිගුකාලීන වර්ධනය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි. විශේෂයෙන් සුලු හා මධ්‍ය පරිමාණයේ අපනයන සමාගම් වලට මෙහි ඇති බලපෑම අති මහත් වන අතර ඔවුන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ගැටලුව මෙමගින් උත්සන්න වනු ඇත. තවදුරටත් මේ හරහා සමස්ත අපනයන ක්‍රියාවලියේ සැපයුම් දාමයට එනම් යෙදවුම් , සැපයුම්කරුවන්ගේ සැපයුම්, සහ සහායක සේවා සඳහා දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

මේ හේතුන් මත වඩාත් ප්‍රශස්ත බදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන තුරු සරල කරන ලද වැට් බදු ක්‍රමය යලි ක්‍රියාත්මක කල යුතු බව අපනයනකරුවෝ සියලු දෙනාම ඒක හඬින් පවසන අතර වැට් බදු ප්‍රතිමූලනය කිරීමේ ක්‍රමවේදය ඩිජිටල්කරණය ලක් කරන බවට වූ රජයේ පොරොන්දුව ඉටු කරන තුරු හෝ සරල කරන ලද වැට් බදු ක්‍රමය පවත්වාගෙන යෑම රජය කෙරෙහි අලනයනකරුවන් දක්වන විශ්වාසය රඳවා ගැනීමට හේතුවක් වනු ඇත.

කෙසේ වෙතත් බෙහෝ ක්ෂේත්‍රයන් හි පිරිස් වත්මන් RAMIS ක්‍රමවේදය අපනයන ක්සේත්‍රයට නොගැලපෙන හා ගෝලීය තරගකාරීත්වය මුහුණ දීමට නොහැකි තත්වයක් නිර් මාණය කරන බව කියා සිටී. නව බදු ක්‍රමය මගින් පෙර පැවති බදු ක්‍රමයෙහි ආකාර් යක්ෂම බවට පිලියමක් නොලැබේ නම් නව බදු ක්‍රමයෙන් අපේක්ෂිත ප්‍රතිපල ඉටු නොවනු ඇත. වෙනස්කම් සඳහා අපනයනකරුවන් තුළ අකමැත්තක් නොමැති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ ප්‍රශස්ත යාන්ත්‍රණයක් පමණි.

මේ සඳහා අපනයනකරුවන් විසින් පහත විසඳුම් යෝජනා කරයි

  1. 2005 සහ 2011 අතර ක්‍රියාත්මක වූ සරල කරන ලද වැට් බදු ක්‍රමය යලි ස්ථාපිත කල යුතුවෙයි. මෙමගින් ව්‍යාපාර මත වන පරිපාලනමය ගැටලු , අවම කිරීමත්, වැට් බදු ප්‍රතිමූලන ක්‍රියාවලිය වේගවත් කිරීමත් සිදු වනු ඇත.
  2. විද්‍යුත් ලදු පත් නිකුත්කිරීමේ ක්‍රමය වේගත් කිරීම – ලදුපත් නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙගවත් කිරීම සහ ඒය එසැනින් කිරීම තුලින් වැට් බදු ඒකතු කිරීමේ යාන්ත්‍රණය වේගවත් වීම, විගණණ ප්‍රමාදයන් වැලැක්වීම, බදු ගෙවන්නන් සහ දේශීය ආදායම් දෙපාර් තමේන්තුව අතර විවිවිද බවක් ද ඇති වනු ඇත. විද්‍යුත් ලදු පත් නිකුත්කිරීමේ ක්‍රමය මගින් මුදල් වංචාවන්ට ඇති අවස්ථාවන් වළවා ලන අතර පරිපාලනමය පිරිවැය අහෝසි කෙරේ. වඩාත් වැදගත් කරුණක් වන වැට් බදු ප්‍රතිමූලය කෙරෙහි පවතින විහ්වාසය මෙමගින් වැඩිදියුණු කෙරේ.
  3. විද්‍යුත් ලදු පත් නිකුත්කිරීමේ ක්‍රමය මුලුමනින්ම ක්‍රියාත්මක වන තුරු සරල කරන ලද වැට් බදු ක්‍රමය හෝ ඊට සමාන යාන්ත්‍රණයක් පවත්වාගෙන යෑම
  4. ප්‍රතිපත්ති හුවමාරුවේදී සිදුවිය හැකි ගැටලු වඩාත් ප්‍රවේශම්සහගත ලෙස නිරාකරණය කල යුතු අතර ආර් ථික අර් බුදය හමුවේ මුලුමනින්ම යථාතත්වයට පත් නොවූ අපනයනකරුවන් කෙරෙහි මෙම ප්‍රතිසංස්කරණ අයහපත් ලෙස බලපෑ හැකි බැවින් ඔවුන් කෙරෙහි දැඩි සැලකිල්ලක් මෙහිදී දැක්විය යුතුව ඇත.

ගෝලීය තරගකාරීත්වය, ගැණුම්කරුවන්ගේ වෙනස්වන අපේක්ෂාවන්, සහ දේශීය අභියෝගයන් මධ්‍යයේ වූවද මෙරට අපනයන ක්ෂේත්‍රය ඒ සියලු අභියෝගයන්ට වඩාත් සාර් ථකව මුහුණ දී කටයුතු කරයි. එහෙත් මේ ඔරොත්තු දීමේ ගුණය යනු ප්‍රශස්ත ප්‍රතිපතීන්ට අදේශයක් නොවේ. ප්‍රශස්ත බදු රාමුවක් තුළින් අපනයනකරුවන්ගේ ද්‍රවශීල අවශ්‍යතා, පැහැදිලි බව, නිසි කාලයට නිෂ්පාදන ඇනවුම් ලබා දීම, ඉදිරි වර් ධනය සඳහා අත්‍යාවශ්‍ය වනු ඇත.

මෙය හුදෙක්ම බදු පරිපාලනයම ගැටලුවක් නොව, ජාත්‍යන්තර වෙළෙඳපොලේ දී ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය පවත්වාගෙන යෑමේ හැකියාව ලෙස හඳුන්වා දිය හැක. අපනයනකරුවන් සහනයන් ඉල්ලා සිටින්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කාර් යක්ෂමතාව, නිශ්චිතබව, යන වත්මන් වෙළෙඳාම සඳහා අත්‍යාවශ්‍ය සාධක සපුරාලීමට රජයේ අවධානය යොමු කරවනු ලබයි.

අපනයනකරුවන් සඳහා ක්‍රියාත්මක වන වැට් බදු ක්‍රමය ආර් ථිකයෙහිම කොටසකි. අපනයන ක්ෂේත්‍රය තුළින් ශ්‍රී ලංකාව ඉදිරියට යෑමට නම් රජයේ අවධානය පාලනයට වඩා සහයෝගීතාව විය යුතු අතර බදු ක්‍රමය අපනයනයට මාර් ග බාධකයක් නොව ගෝලීය අවස්ථාවන් මෙරට අපනයනකරුවන්ට විවර කරන පාලමක් විය යුතුය.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව