අනාගත තාක්ෂණික සහ ඩිජිටල් පුරෝගාමීන් සවිබල ගැන්වූ SLT-MOBITEL Nebula Institute of Technology හි 2024 උපාධි ප්‍රදානෝත්සවය

Newspaper 1 (1) (LBN)

SLT-MOBITEL හි අධ්‍යාපනික සේවා අංශයවන SLT-MOBITEL Nebula Institute of Technology ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේ ප්‍රධාන ශාලා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී එම ආයතනයේ පාඨමාලා සාර්ථක ලෙස සම්පූර්ණ කළ විශාල පිරිසක් තමන් මෙතෙක් දුටු සිහින මල්ඵල ගන්වමින් උපාධි හා සහතික පත් හිමිකර ගත්හ. මෙය SLT-MOBITEL Nebula Institute of Technology ආයතනික සන්නාමය යළි දියත් කිරීමෙන් අනතුරුව පැවති ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය වූ බැවින් එය ආයතනයේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
 



 
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්සත් රාජධානියේ University of Hertfordshire හි භෞතික විද්‍යා, ඉංජිනේරු සහ පරිගණ විද්‍යා විද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය ඩැනියෙල් මැක්ක්ලස්කි සහභාගී වූ අතර, එහිදී ඔහු ප්‍රධාන දේශනය සිදුකළේ ය.

මෙම උත්සවය, SLT-MOBITEL Nebula Institute of Technology ආයතනය මගින් පිරිනමනු ලබන ලොව පිළිගත් ඉංජිනේරු හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඨමාලා සාර්ථක ලෙස අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිතවල වැදගත් සන්ධිස්ථානයක් විය. එක්සත් රාජධානියේ University of Hertfordshire මගින් පිරිනමනු ලබන BEng (Hons) උපාධි පාඨමාලාව මෙන්ම එරට Pearson ආයතනය මගින් පිරිනමනු ලබන BTEC Higher National Diploma (HND) in Electrical and Electronic Engineering සහ BTEC Higher National Diploma (HND) in Digital Technologies යන පාඨමාලා හැදෑරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එලෙස උපාධි හා සහතික පත් හිමිකර ගත්හ. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ තාක්ෂණ විශේෂඥයන් නිර්මාණය කිරීම සඳහා ආයතනය ලබා දී ඇති ප්‍රතිඥාව තවදුරටත් තහවුරු කළ අවස්ථාවක්ද විය.

උත්සවයේදී 159 දෙනෙකු උපාධි හා සහතික පත් හිමිකරගත් අතර, තම වෘත්තීය ජීවිතයේ නව පරිච්ඡේද සනිටුහන් කිරීමට බලාපොරොත්තු වන SLT-MOBITEL කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් 23 දෙනෙක්ද ඒ අතර වූහ. එමෙන්ම මෙම උත්සවය, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉංජිනේරු සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයන්හි රැකියා වෙත යොමුවීමට අවස්ථාව උදාකර දෙමින් එම ක්ෂේත්‍ර දියුණු කිරීම උදෙසා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පෙන්නුම් කළ අවස්ථාවක්ද විය. ශ්‍රී ලංකාව කලාපීය තාක්ෂණික කේන්ද්‍රයක් බවට පත්වීමට උත්සාහ කරමින් සිටින මොහොතක, ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා SLT-MOBITEL Nebula Institute of Technology වැනි ආයතන මගින් ඉටුවන මෙහෙවර අතිශයින් වැදගත් වේ.

සිය පාඨමාලා තුළදී පෙන්නුම්කරන ලද විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3 දෙනෙකුට විශේෂ ඇගයුම් හිමි විය. ඒ අතරින් එක්සත් රාජධානියේ University of Hertfordshire හි Bachelor of Engineering (Honours) in Electrical and Electronic Engineering පාඨමාලාවේ විශිෂ්ටතම ශිෂ්‍යයා/ශිෂ්‍යාව සම්මානය හබරකඩගේ ජනක චතුරංග අබේවර්ධන වෙත හිමි විය.  Pearson BTEC පාඨමාලා හදාරූ අය අතරින් Level 5 Higher National Diploma in Engineering (Electrical and Electronic Engineering) පාඨමාලාවේ විශිෂ්ටතම ශිෂ්‍යයා/ශිෂ්‍යාව සඳහා වූ රන් සම්මානය හෙට්ටිආරච්චිගේ දිලීෂ ෂෙනාල් අහිංසා පෙරේරා වෙත හිමි වූ අතර, Level 5 Higher National Diploma in Digital Technologies පාඨමාලාවේ විශිෂ්ටතම ශිෂ්‍යයා/ශිෂ්‍යාව සම්මානය උඩවල හේවයලාගේ ඉරේෂා දිල්රුක්ෂි ද සිල්වා වෙත හිමි විය.

උපාධි ප්‍රදානෝත්සවය PEO TV චැනල් අංක 20 ඔස්සේ මෙන්ම YouTube හා Facebook ඔස්සේ සජීවීව විකාශයකරන ලදී. ඒ නිසා වැඩි පිරිසකට එය නැරඹීමේ අවස්ථාව උදා විය. මෙම උත්සවය SLT-MOBITEL Nebula Institute of Technology ආයතනයේ පාඨමාලා හැදෑරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්ෂතා මෙන්ම, ඔවුන්ගේ ඉංජිනේරු සිහින සැබෑ කරමින් ඔවුන්ගේ අනාගත සිහින යථාර්ථයක් බවට පත්කිරීම සඳහා එම ආයතනය සතු හැකියාව මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් විය.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ඉදිරියෙන්ම සිටින SLT-MOBITEL Nebula Institute of Technology ආයතනය, තාක්ෂණික ක්ෂේත්‍රයේ වෙනස්වන අවශ්‍යතාවලට අනුකූලව සැලසුම්කරන ලද පාඨමාලා රැසක් හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙයි. වේගයෙන් වෙනස්වන තාක්ෂණික ක්ෂේත්‍රය තුළ සාර්ථක වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීමට උපකාරීවන න්‍යායික හා ප්‍රායෝගික දැනුම හා කුසලතා වැඩිදියුණුවන ආකාරයට මෙම පාඨමාලා සියල්ල සැලසුම්කර තිබේ. විශේෂයෙන්ම රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, දත්ත විද්‍යාව සහ ඩිජිටල් තාක්ෂණය යනාදී විෂයන්ට අදාළව අනාගත රැකියා වෙළඳපොළ ජයගැනීමට උපකාරීවන පාඨමාලා රැසක් SLT-MOBITEL Nebula Institute of Technology ආයතනය මගින් මේ වනවිට හඳුන්වා දී ඇත.

SLT-MOBITEL Nebula Institute of Technology ආයතනයේ පාඨමාලා පිළිබඳව උනන්දුවක් දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා දෙමාපියන්ට ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු, වෙබ් අඩවිය, Info@nebula.edu.lk ඊමේල් ලිපිනය හෝ 0112956633 දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකි වේ.

www.nebula.edu.lk
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව