අන්තර්ජාලය නිසා කුඩා ව්‍යාපාරිකයන්ට දැවැන්ත අලෙවියක්

DEX image (1)

COVID–19 සමග ගතවූ පසුගිය මාස 2 ක සිට නිර්මාණය වූ අනපේක්ෂිත ගැටළුකාරී වාතාවරණය හමූවේ දැවැන්ත සුපිරි වෙළෙඳසැල් ජාලයන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් රැසකට සිය සුපුරුදු ව්‍යාපාරික ක්‍රමවේදයන්ගෙන් බැහැරවෙමින් අන්තර්ජාලගත ඇනවුම් විකුණුම් සංස්කෘතියකට හුරුවන්නට සිදුවිය. ඒ නිසාම ඇඳිරි නීති සමයට පෙර 1% ක්ව පැවැති මෙරට අන්තර්ජාලගත විකුණුම්
සංස්කෘතිය අදවනවිට ඉතා සීඝ්‍රයෙන් ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් යන දෙපාර්ශවයම අතර වඩාත් ප්‍රචලිත ක්‍රමවේදයක් බවට පත්වෙමින් පවතියි. අන්තර්ජාලගත විකුණුම් සංස්කෘතියේදී වැඩිවශයෙන්ම අභියෝගයන්ට මුහුණ පාන්නට සිදු වූයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවටය. ප්‍රාග්ධනය හිඟකම, ගබඩා කිරීමේ ගැටළු, ඛෙදාහැරීමේ අපහසුතා සහ අන්තර්ජාලගත අලෙවි සාක්ෂරතාවය
නොමැතිකම එහිදී මතුව පෙනෙන්නට විය.

රටේ පවතින මෙම අවාසනාවන්ත තත්ත්වය සැලකිලට ගත් Daraz විසින් මේ වනවිට විවිධ අසීරුතාවයන්ට මුහුණපා ඇති ව්‍යවසායකයන් දිරිගැන්වීමක් ලෙස, Daraz සමග එක්වන නව ව්‍යවසායකයන් සහ පැර‚ සාමාජික ව්‍යවසායකයන් සඳහා මැයි සහ ජූනි මාස වෙනුවෙන් අලෙවි පහසුකම් සේවා ගාස්තු අයකිරීමක  නොකෙරේ. මෙම Daraz ව්‍යවසායක පහසුකම් සැලසීමේ වැඩසටහන යටතේ මූල්‍යමය හා ව්‍යාපාරික දීමනාවන්ට අමතරව විකිණුම් හා ප්‍රවර්ධන සහයද පිරිනැමේ.  ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර අන්තර්ජාල වෙළෙඳපොළ වෙත රැගෙන එන්නට ආරාධනා කර සිටින Daraz ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන 30 ක වටිනාකමකින් යුතු පහසුකම් රැසක් පිරිනමයි. මෙම වැඩසටහනට එක්වන ව්‍යවසායකයන්ට මූල්‍යමය ගැටළු ඇතිනොවනු පි‚ස, දින 2/3ක් ඇතුලත මුදල් ලබාගත හැකිවන පරිදි Daraz විසින්  වේගවත් මුදල් ගෙවීමේ සේවාවක් ක්‍රියාත්මක කර ඇත. ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික කුසලතා වැඩිදියුණු කිරීම උදෙසා අධ්‍යාපනය හා පුහුණු අවස්ථා සැලසීම වෙනුවෙන්  Daraz University වෙතින් නොමිලේ අවස්ථාව හිමිවේ. එමෙන්ම මෙම කාලසීමාව තුල ව්‍යවසායකයන්ගේ වියදම් පාර්ශ්වය අඩුකරලීම උදෙසා Daraz විසින් ඇසුරුම්කරණ ගාස්තු අයකිරීමක්ද නොවේ.

Daraz විසින් ව්‍යසායකයන් දිරිගැන්වීමක් ලෙස අසීමිත අන්තර්ජාල අලෙවි සහයක් ලබාදෙයි. ගබඩා  පහසුකම් සපයා දෙමින් දිවයින  පුරා කඩිනමින් හා සුරක්ෂිතව එක් දිනක් ඇතුලත 10,000 ක පාරිභෝගික භාණ්ඩ ප්‍රමාණයක් ඉතා පහසුවෙන් ඛෙදාහැරීමේ හැකියාවද Daraz සතුය. සිය නිෂ්පාදන දීපව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට Daraz සේවාව මහඟ අත්වැලකි.

ලංකාවේ හොඳම අන්තර්ජාල වෙළෙඳපොල සේවාවක් ලෙස ජනප්‍රිය Daraz App හරහා පාරිභෝගිකයන් ඉතා පහසුවෙන් භාණ්ඩ ඇනවුම් කිරීමේ හැකියාව ඇත. අලෙවිකරුවා සහ ගනුදෙනුකරුවා අතර ශක්තිමත් විශ්වාසනීය සබඳතාවක් ගොඩනැගෙනසේ එය සැලසුම්කොට තිබේ.

https://blog.daraz.lk/  වෙතින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.
https://sellercenter.daraz.lk හරහා සැණෙකින් ඉතා පහසුවෙන් Daraz සමග එක්ව ඔබේ අලෙවි කටයුතු අදම අරඹන්න.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව