අධ්‍යාපන ණය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව ඔස්ඒෂියා අධ්‍යාපන ආයතනය සමඟ හවුල් වෙයි

AusAsia Education MoU (LBN)

කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය ස්ථානගත කිරීමේ නියෝජිතායතනයක් වන ඔස්ඒෂියා අධ්‍යාපන උපදේශක පුද්ගලික සමාගම (AusAsia Education) සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ විදේශයන් හි අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන්හට විශේෂ ණය යෝජනා ක්‍රම ඔස්සේ ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි කර දී ඇත.

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය මගින් බැංකුවේ අධ්‍යාපන ණය ප්‍රවර්ධනය වෙනුවෙන් ශිෂ්‍ය ලිපිගොනු සහ විදේශ අධ්‍යයන මුල්‍යකරණයට පහසුකම් සපයනු ලබයි. සිසුන්ට ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය, කැනඩාව, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල උසස් අධ්‍යාපනය හැදෑරීමට ආකර්ෂණීය කොන්දේසි සහිතව මූල්‍ය සහය සදහා ප්‍රවේශය ලබා දෙයි.

 



 

කීර්තිමත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සහ ආයතන පුළුල් ජාලයක් සමඟ අනුබද්ධිත ඔස්ඒෂියා ආයතනයෙහි සේවාදායකයින්ට කොමර්ෂල් බැංකුව සමඟ ශිෂ්‍ය ලිපිගොනු විවෘත කර රුපියල් මිලියන 10 ක උපරිමයකට යටත්ව පාඨමාලා ගාස්තුවෙන් 75% ක් දක්වා අධ්‍යාපන ණය සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම ණය පහසුකම් නම්‍යශීලී නැවත ගෙවීමේ නියමයන් සහ වසර දෙකක් දක්වා සහන කාලයක් සහිතව වේ. අයදුම්කරුවන්ට ලියකියවිලි ගාස්තු සහ ඔවුන්ගේ පළමු ටෙලිග්‍රැෆික් හුවමාරු ගාස්තුවෙන් 50% ක නිදහස් කිරීමක් ද ලබා දෙනු ඇත.

කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි ‐ පුද්ගලික බැංකුකරණය කපිල ලියනගේ මහතා සහ ඔස්ඒෂියා අධ්‍යාපන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් රණවීර මහතා විසින් ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුම සදහා අත්සන් තබන ලදී.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කළ කොමර්ෂල් බැංකුව, ඒ සමඟ බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව