ලොව පුරා කීර්තිය දිනූ ටෝනි රොබින්ස්ගෙන් ශී‍්‍ර ලාංකික පේ‍්‍රක්ෂකයන්ට නායකත්ව පුහුණු අවස්ථාවක්

Tony Robins 2 (1)

 




ලොව පුරා කීර්තිය දිනූ උද්යෝගීමක් පුහුණුකරුවෙකු ටෝනි රොබින්ස් සමඟ දින තුනහමාරක පමණ නායකත්ව පුහුණුවක් අන්තර්ඡාලය හරහා ලබා ගැනීමට දුර්ලභ අවස්ථාවක් ශී‍්‍ර ලාංකිකයින්ට උදා වී ඇත.

විශිෂ්ට පෞරුෂත්වය, නායකත්වය හා ව්‍යාපාර යන කේෂ්ත‍්‍ර තුළ ටෝනි රොබින්ස් විශාල ජනපි‍්‍රයත්වයක් ගොඩ නගා ගෙන ඇත. පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ වසර 40 ක කාලය පුරා නෙල්සන් මැන්ඩෙලා, මිකායිල් ගෝ(ර්)බචෝ, තෙරේසා මව්තුමිය, ඩයනා කුමරිය වැනි අතීත පරම්පරාවේ සිට වර්තමානයේ ජනපි‍්‍රය පුද්ගලයන් වන සෙරීනා විලියම්ස්, ඔප්රා, ලියනාඩෝ ඩිකැප්රියෝ, බිල් ක්ලින්ටන්, කිම් කාඬේෂියන් සහ හියු ජැක්මන්, මාක් බෙනිඔෆ් සහ පිට්බුල් වැනි ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය පුද්ගලයින් සමඟ ඔහු කටයුතු කර ඇත. තමාව සීමාකරනු ලබන විශ්වාසයන්ගෙන් ඈත් වන ආකාරය සහ තමන්ගේ හොදම අනුවාදය වන්නේ කෙසේදැයි හඳුන්වා දුන් ඔහුගේ කි‍්‍රයාකාරකම් සහ වැඩසටහන් මිලියන 50 කට අධික පුද්ගලයන් සඳහා පිටුවහලක් වී ඇත.

ශී‍්‍ර ලාංකිකයින්ට ටෝනි රොබින්ස්ගේ නායකත්ව පුහුණුවක් වන “Unleash the Power Within” සඳහා සහභාගී වීමේ දුර්ලභ අවස්ථාවක් උදා කරමින් අන්තර්ජාලය හරහා දින තුනහමාරක පමණ මනෝවිහිත පරිණාමනයක් හා නායකත්ව පුහුණුවක් ලබා ගැනීමට පේ‍්‍රක්ෂකයින්ට වී උදා ඇත.

ලොව පුරා සාමාජිකයින් එකතු කරගනිමින් 2021 ජුනි මස 3-7 කාලයන් හී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන රාජීව් ටල්රෙජා, රොබට් කියෝසාකි, ටී හාව්, ඊකර්, නාස් ඩෙයිලි, ජෝන් ඩි මාර්ටිනි වැනි ජාත්‍යන්තර පුහුණුකරුවන් හා දේශකයන් වෘත්තීය හා නායකත්ව පුහුණුව ලබා දෙන Success Zante Pvt Ltd මඟින් දේශීයව සිදු කරනු ලබයි.

“Unleash the Power Within” (UPW) යනු ටෝනි රොබින්ස් විසින් පවත්වනු ලබන යහපත් සෞඛ්‍ය, මූල්‍යමය නිදහස ලඟා කරගැනීම, වෘත්තීයමය හා පෞද්ගලික ජීවිතයේ ශක්තිමත් හා ගැඹුරු සබඳතාවයක් ගොඩ නගා ගැනීම පාදක කරගත් වැඩසටහනකි.

සාමාන්‍යයෙන් ඇමරිකාව, එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව වැනි රටවල පවත්වනු ලබන UPW සඳහා  තම ජීවිත වෙනස් කර ගැනීමේ අරමුණින් අවම වශයෙන් රටවල් 126 කින් 12000- 15000 ක පමණ පිරිසක් ආකාර්ෂණය කර ගනු ලැබේ. මෙම අවුරුද්දේ වසංගත තත්වය හේතුවෙන් ප‍්‍රායෝගිකව නොපැවත් වූවද බොහෝ පිරිසකට දොරටු විවර කරමින් දුරස්ථව මෙම වැඩසටහන පවත්වනු ලබයි. මේ සඳහා පහසුකම් සැපයීම සඳහා නිරන්තරයෙන් භාෂා 15කට වඩා මෙය පරිවර්තනය වී ඇත.

සැප පහසුව ගැන නොතකා වැඩ කටයුතු කරන්නේ නම් නොසිතූ වර්ධනයක් ඇති කරගත හැකි බව ටෝනි රොබින්ස් සඳහන් කරනු ලබයි. අමාරු කාලයන් ආතතිය ඇති කළ ද විඳ දරා ගැනීම ගොඩ නඟන අතර එය ටෝනි රොබින්ස් විසින් ”මානසික නිරෝගීභාවය” ලෙස හදුන්වනු ලබයි. ඔහුට අනුව මානසික නිරෝගීභාවය යනු ඉගෙන ගැනීම හා පුහුණුව තුළින් ලබා ගත හැකි නම්‍යතාවයකි. එය සාර්ථක පුද්ගලයන් තුළ දැක ගත හැකි ලක්ෂණයක් වන අතර  ඕනෑම බාධාවකට මුහුණ දී එය දියුණුව හා වර්ධනය උදෙසා හේතුවන උත්තේජකයක් බවට හරවා ගනී.

මෙම වසරේ වසංගත තත්වය හේතූවෙන් ඉම්රසිව් ඩිසයින් ස්ටුඩියෝ හි CANVAS වේදිකාව මඟින් අනුග‍්‍රහය දක්වන ලද ගේම් එන්ජින් තාක්ෂණයට මෙම වැඩසටහන මාරු වී ඇත. රට වසා තැබූ කාලය තුළ ජීවත් වීමට හැඩගැසුණු ලොව පුරා විසිර සිටින පේ‍්‍රක්ෂකයින්ගේ ප‍්‍රධාන අවශ්‍යතා සලකා බලන කල ලියාපදිංචි වීමේ පිරිවැය හැරුණු කොට මනා WiFi සබඳතාවක් ද වැදගත්ය. මෙය ටෝනි රොබින්ස් මුල් කරගත් 3600පුරා විහිදී සිටින හවුල්කරුවන් එකතු කර ගැනීම සඳහා අවස්ථාව උදා කර ඇත. මෙම වැඩසටහනේ තවත් අංගයක් ලෙස අනන්‍ය වූ ෆේස්බුක් සහායක කණ්ඩායම සඳහා ඇතුඵ වීමටද පෞරුෂය වර්ධනය සඳහා දින 10 ක අභියෝගයක් ද ඇතුළත්ය.

ටෝනි රොබින්ස් යනු ජීවිතය පිළිබඳ සාමාර්ථකයෙක් බැව් ප‍්‍රමුඛ පෙළේ පුහුණු හා පෞරුෂය වර්ධන කි‍්‍රයාකාරකම් සපයන්නා වූ සමාගමක් වන සක්සස් සන්ටේ හි අධ්‍යක්ෂක ෂුවෝ රිඩයිෂ් විසින් පවසනු ලබයි. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ”මනස පාලනය කරනු ලබන විවිධ ක‍්‍රම” හා ‘‘ජීවිතේ මොනයම් මට්ටමක සිටියද මිනිසුන් හට උපකාර කිරීම” ටෝනි රොබින්සන් ඔහුගේ හවුල්කරුවන් හට පෙන්වා දෙනු ලබයි. එමඟින් අදහස් කරනුයේ මොනයම් සීමාවක වුවද ජීවිතයේ අභිලාෂයන් කරා යෑමට ඇතුලාන්තයේ බලපෑම් සඳහා ඉඩ ලබා දීමයි. ලොව විශාලම අධ්‍යාපන මට්ටම් හා ඒ සමඟ හවුල්කරුවන් වෙමින් සක්සස් සන්ටේ තුළින් ශී‍්‍ර ලාංකිකයින් හට ලබා දීමට අදහස් කළ අවස්ථාව ද මෙයයි.

UPW වෙබ් පිටුව හරහා ටිකට් හා මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය. එමෙන්ම ඔබට Success Zante කණ්ඩායම සමඟ 94768477700 යන දුරකථන අංකය හෝ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ විය හැකිය.

 

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව