ෆැෂන් බග් බඩල්කුඹුර මූලික රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශය නවීකරණය කරයි

Badalkubura CSR 3

ශ්‍රී ලාංකීය විලාසිතා ක්ෂේත‍්‍රයේ විප්ලවීය නවරැල්ලක පුරෝගාමී විලාසිතා ප‍්‍රදර්ශනාගාර ජාලය වන ෆැෂන් බග්, 25 වසරක අභිමානවත් සංවත්සරය නිමිතිකොටගෙන දිවයින පුරා තෝරාගත් රෝහල් රැසක වාට්ටු පිළිසකර කිරීමේ දැවැන්ත ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස පසුගියදා මොණරාගල බඩල්කුඹුර මූලික රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශය (OPD)  පිළිසකරකොට යළි ජනතා අයිතියට පත් කරන ලදී.

බහු ආගමික හා බහු සංස්කෘතික පසුබිමකින් යුතු ජනතාවක් ඉතා සමගිසම්පන්නව දිවිගෙවන කුඩා නගරයක් වන බඩල්කුඹුර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජනතාවගේ මූලික සෞඛ්‍ය / වෛද්‍ය අවශ්‍යතා සපුරාලන බඩල්කුඹුර මූලික රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශයේ දිනකට රෝගීන් 250 ක පමණ ප‍්‍රමාණයකට ප‍්‍රතිකාර සිදු කෙරේ. රෝහලේ වෛද්‍ය, ප‍්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කාංචනා අබේවික‍්‍රම මහත්මිය සඳහන් කළ පරිදි ඌව පළාත තුළ එක් වෛද්‍යවරයෙකු විසින් ප‍්‍රතිකාර කරනු ලබන වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේද බඩල්කුඹුර මූලික රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශයෙනි.

ෆැෂන් බග් ප‍්‍රධාන විධායක නිලධාරී ශබීර් සුබියන් මහතා බඩල්කුඹුර නගරය හා ෆැෂන් බග් ආයතනය අතර ඇති අතීත සබඳතාවය පිළිබඳ සිහිපත් කරමින් 1994 වසරේදී ෆැෂන් බග් පළමුවන ප‍්‍රදර්ශනාගාරය බණ්ඩාරවෙල නගරයේදී විවෘත වෙද්දී අපගේ කාර්ය මණ්ඩලයට බඩල්කුඹුර ප‍්‍රදේශයෙන් පැමිණි කිහිපදෙනෙක් තවමත් අප සමග රැඳී සිටිනවා. ශ්‍රී ලාංකීය ජන සමාජයේ විශ්වාසය දිනාගත් දේශීය සන්නාමයක් විදිහට ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා ෆැෂන් බග් නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ අතර අපේ ආයතනය හා බැඳුණු පුද්ගලයන් හා ගම් නගර සියල්ල ගැන අප විශේෂයෙන් අවධානය යොමුකරනවා.යැයි පැවසීය.

ෆැෂන් බග් විසින් බඩල්කුඹුර මූලික රෝහලේ පිළිසකර කළ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශය යළි ජනතා අයිතියට පත් කළ අවස්ථාව වෙත රෝහල් කාර්ය මණ්ඩලය, ෆැෂන් බග් නිලධාරීන්, බඩල්කුඹුර ප‍්‍රදේශවාසීන් මෙන්ම මෙම කටයුත්තේ ආරම්භයේ සිට දායකත්වය එක් කළ ෆැෂන් බග් මුල්ම සාමාජිකයින් කිහිප දෙනකු එක්වූහ.

ජාති ආගම් භේදයකින් තොරව සහෝදරත්වයෙන් දිවිගෙවන සාමකාමී ජනතාවකට සෙවණ සලසන මධ්‍යම පළාතේ සුන්දර කුඩා නගරයක් වන බඩල්කුඹුර නගරය, දශක දෙකකට අධික කාලයක් තිස්සේ කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කරගෙන ක‍්‍රියාත්මක වන ෆැෂන් බග් ආයතනික සංස්කෘතිය හා මනාව සැසඳෙයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව