ෆැඞ්නා “ඩයබ් ටී සබරගමුව” සමග ජීවිතයට නව ජවයක්

Image1

 



 

 

 

සුපුරුදු තේ පානය, සොබාදහමේ ශාකසාර හා දේශීය ඔසු යහගුණය රසවත් පාන වර්ග ලෙස සකසා දෙස් විදෙස් වෙළෙඳපොළ ජයගත් ඖෂධීය තේ වෙළෙඳපොලේ පෙරගමන්කරුවා වන Fadna Tea (Pvt.) Ltd විසින් “ඩයබ් ටී සබරගමුව” ලෙස අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුතු තවත් නව නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත.

දියවැඩියාව හා බැඳුනු රෝගාබාධයන්ගෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් එදිනෙදා ජීවිතයේදී මුහුණපාන අපහසුතා වටහාගත් ෆැඞ්නා තේ පර්යේෂණ කණ්ඩායම විසින් රෝගීන් වෙත ප‍්‍රතිලාභ රැසක් අත්කරදීමෙහිලා “ඩයබ් ටී සබරගමුව” වෙළෙඳපොළට නිකුත් කොට ඇත. “ඩයබ් ටී සබරගමුව” 100% ක් ස්වභාවික අමුද්‍රව්‍යයන් පමණක් යොදාගනිමින් Fadna Tea (Pvt.) Ltd සහ ආහාර තාක්ෂණය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමෙහිලා ශ්‍රී ලංකාවේ ඉහළම පර්යේෂණාගාර පහසුකම් සහිත විශ්ව විද්‍යාලය වන සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ AHEAD ව්‍යාපෘතිය (Accelerating Higher Education Expansion and Development Operation) එක්ව නිෂ්පාදනය කරනු ලබයි.

 ඩයබ් ටී සබරගමුව පිළිබඳ අදහස් දක්වමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය උදය රත්නායක මහතා “අප විශ්ව විද්‍යාලය මෙවැනි නවෝත්පාදන සංවර්ධනය කිරීමේ කටයුතුවලට දීර්ඝ කාලයක් තිස්සේ දායකත්වය ලබාදෙමින් සිටිනවා. තව තවත් නව නිෂ්පාදන වෙළෙඳපොළට පැමි ර්‍ණමට ඩයබ් ටී සබරගමුව නිෂ්පාදනය දිරිගැන්වීමක් වේවි. සමාජයේ යහපැවැත්මට ෆැඞ්නා සිදුකරන මේ නිෂ්පාදන ක‍්‍රියාවලිය වාගේම තවත් සමාගම් මෙවැනි ගුණාත්මක නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීම කෙරෙහි යොමුවේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.

Fadna Tea කළමනාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග මහතා අදහස් දක්වමින් “සංවර්ධනය වෙමින් පවතින ජන සමාජයන් හා රටවල් තුළ ව්‍යාපාරික කටයුතු සිදු කිරීමේදී නව නිෂ්පාදනයක් ඉදිරිපත් කරමින් ගැටළු විසඳීම යන සංකල්පය වඩාත් සාර්ථකයි. ඩයබ් ටී සබරගමුව හරහා දියවැඩියා රෝගීන්ගේ ජීවන රටාවට නව ජීවයක් එක්කරනවා පමණක් නොවේ, දේශීය ආර්ථිකයත් ශක්තිමත් කෙරෙනවා. මේ කටයුත්තේදී අප ශක්තිමත් කිරීම වෙනුවෙන් AHEAD කණ්ඩායමට මා හදවතින්ම ස්තුතිවන්ත වනවා.” යැයි පැවසීය.

සිය නිෂ්පාදනයන්ගේ උසස් ගුණාත්මක තත්ත්වය පවත්වාගැනීම වෙනුවෙන් අඛණ්ඩ පර්යේෂණ හා සංවර්ධන ක‍්‍රියාවලියක නියැලි Fadna Tea (Pvt) Ltd. ශ්‍රී ලංකාවේ කීර්තිමත් විද්‍යාඥයන්, උසස් අධ්‍යාපන ආයතන හා විශ්ව විද්‍යාල සමග එක්ව කටයුතු කරනු ලබයි. ෆැඞ්නා නවෝත්පාදනයන්ගේ අද්විතීය බව ජාත්‍යන්තර පර්යේෂණ පත‍්‍රිකාවන් හරහා ප‍්‍රචලිතව ඇත. සාම්ප‍්‍රදායික ශ්‍රී ලාංකීය තේ වෙළෙඳපොළට නව්‍යකරණය                 හා නිර්මාණශීලීත්වය එක් කරමින් ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනූ ෆැඞ්නා යහගුණය සමග ඩයබ් ටී සබරගමුව වෙළෙඳපොළට නිකුත් කෙරේ.

මේවනවිට ෆැඞ්නා නිෂ්පාදනයන් ලොව පුරා රටවල් රැසකට අපනයනය කෙරෙන අතර අන්තර්ජාලය හරහා ඇණවුම් කිරීමෙන් ලොවේ කොතැනක සිටියත් පාරිභෝගිකයන් හට ඉතා පහසුවෙන් ෆැඞ්නා නිෂ්පාදනයන් ලබාගැනීමේ හැකියාවද පවතී. සතුට සැහැල්ලූව හා නීරෝගී සුවය රැඳි දිවියකට, පාරම්පරික විශ්වාසය දිනූ හෙළ ඔසු ගුණ මුසු නිෂ්පාදන රැසක් දැයට තිළිණ කළ ෆැඞ්නා යහගුණ රස පිරි නවතම නිපැයුම වන “ඩයබ් ටී සබරගමුව” හා එකමුතු වන්නට ෆැඞ්නා ඔබ සැමට ඇරයුම් කොට සිටියි.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව