හේලීස් පවර් සමාගම (Hayleys Power Limited) සහ මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් (Mitsubishi Heavy Industries Engine System Asia Pvt. Ltd.) හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් අරඹයි

Hayl (LBN)

සමුද්‍රීය ප්‍රචාලන සහ බල ශක්ති විසඳුම් සඳහා හවුල්කාරිත්වයක් අත්සන් තැබීම .

 

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්’ සමාගම සහ ලොව ප්‍රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගමක් වන ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස්’ අතර  හවුල්කාරිත්වයක් පසුගිය දා ආරම්භ කෙරිණි.මෙම හවුල්කාරිත්වය ඔස්සේ, ‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා බවට ‘හේලීස් පවර්’ සමාගම පත්විය.මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අංශය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර ලොව පිළිගත් සමුද්‍රීය ප්‍රචාලන සහ බලශක්ති විසඳුම් ලාංකීය වෙළෙඳපලට ලබාදෙන්නේ ජපානයේ උසස් ඉංජිනේරු තාක්ෂණය මෙන්ම ‘හේලීස් පවර්’ විශ්වසනීයත්වය සහ ඉංජිනේරු  විශේෂඥතාවයද සමගිනි.රාජ්‍ය අංශය, සමුද්‍රීය කර්මාන්ත අංශයන් සහ අනෙකුත් අදාළ රාජ්‍ය අංශයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූහ.
 



 
සුවිශේෂී ඉන්ධන කාර්යක්ෂමතාවය, ශක්තිමත් (robust) ක්‍රියාකාරිත්වය සහ දිගුකල් පැවැත්ම සඳහා ‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් ලොව පුරා ඉතා ඉහළ පිළිගැනීමක් සහ ප්‍රසිද්ධියක් ලබා සිටියි. සෑම ගමන්වාරයක්ම විශ්වසනීයත්වය මත රඳා පවතින සමුද්‍ර කර්මාන්තයන්හිදී ඕනෑම දරුණු සමුද්‍ර පාරිසරික තත්ත්වයකට ගැළපෙන ආකාරයෙන් මෙම එන්ජින් නිමවා ඇති අතර, ප්‍රශස්ත බල ප්‍රතිදානයක් සනාථ කරයි. වාණිජ යාත්‍රා,ධීවර යාත්‍රා සිට ටග් යාත්‍රා (Tug Boats  ) සහ ගැඹුරු මුහුදේ සිදු කෙරෙන මෙහෙයුම් දක්වා විහිදුණු පුළුල් පරාසයක අවශ්‍යතාවන් මෙම නිෂ්පාදන පෙළ මගින් සපුරාලනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ඉහළ දායකයත්වයක් දක්වන ගැඹුරු මුහුදු  ධීවර කර්මාන්තය, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත ‘මිට්සුබිෂි’ එන්ජින් මගින් විශාල  ප්‍රතිලාභ රැසක් ලබනු ඇත. අඩු මෙහෙයුම් පිරිවැය , එන්ජිමේ දිගුකල් පැවැත්ම සහ යාත්‍රාවේ සමස්ත කාර්ය සාධනය සහ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වීම ‘මිට්සුබිෂි’ එන්ජින් භාවිතයෙන්  යාත්‍රා හිමියන්ට අත්විඳිය හැකි වාසි අතර වේ.

මෙම සහයෝගීතාවය හරහා ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කරන අතර  ආයෝජකයන්ගේ විශ්වාසය ශක්තිමත් කරමින් ප්‍රධාන කර්මාන්ත නැවත නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකාව සතු හැකියාවන් මෙමඟින් පිළිබිඹු කරයි.මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වෙමින් වර්ධනය කරා ගමන් කරන මෙම අවස්ථාවේදී ‘මිට්සුබිෂි’ ශ්‍රී ලංකා ආගමනය තව තවත් විදෙස් ආයෝජන සහ ව්‍යාපෘති සඳහා මඟ විවර කරනු ඇත. ‘හේලීස් පවර්’ සතු පුළුල් සේවා ජාලය සහ ‘මිට්සුබිෂි’ සුප්‍රසිද්ධ ඉංජිනේරු තාක්ෂණයේ සුසංයෝගය, ශ්‍රී ලංකාවේ සමුදුර ආශ්‍රිත කර්මාන්ත සඳහා නව මිනුම් සහ ප්‍රමිතීන් සකස් කරනු නොඅනුමානය. පුළුල් පරාසයක විහිදුණු අභ්‍යන්තර ප්‍රචාලන එන්ජින් සහ සමුද්‍ර ජෙනරේටර් යන්ත්‍ර, යාත්‍රා මෙහෙයුම්කරුවන්, යාත්‍රා නිපදවන්නන් සහ නාවික ඉංජිනේරුවන් අතට පත්වන්නේ, ‘හේලීස් පවර්’ විශේෂඥ මෙහෙයුම් සහ නඩත්තු සේවාවන්, අලුත්වැඩියාවන්, නැවත බලගැන්වීම් සහ නියම අමතර කොටස් ලබා ගැනීමේ පහසුව ද සමගිනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රීස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා’ පෞද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ, නොරියෝ මුරකමි මහතා පැවසුවේ, “හේලීස් පවර් සහයෝගීතාවයෙන්  අපගේ සමුද්‍ර එන්ජින් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා වෙළෙඳපල  වෙත හඳුන්වාදීමට  ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම සහයෝගීතාවය ඔස්සේ යාත්‍රා මෙහෙයුම්කරුවන්ට ඉහළ මට්ටමේ ප්‍රචාලන විසඳුම් පමණක් නොව, දිගුකාලීන කාර්ය සාධනය සහ කාර්යක්ෂමතාවය සඳහා අවශ්‍ය විශේෂඥතාවය සහ තාක්ෂණික සහය ද සහතික වෙනවා.” යනුවෙනි.

‘හේලීස් පවර්’ කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර සිය අදහස් එකතු කරමින් මෙසේ සඳහන් කළේය.” මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සිදුකරනු නොඅනුමානයි. ‘මිට්සුබිෂි’ ලොව සුපතල, උසස් සමුද්‍ර එන්ජින් මෙරට නෞකා සහ යාත්‍රා මෙහෙයුම්කරුවන්ට ලැබෙන්නේ, විශිෂ්ට, ඉන්ධන කාර්යක්ෂම තාක්ෂණයෙන් පමණක් නොව, ‘හේලීස් පවර්’ අනර්ඝ අලෙවියෙන් පසු සේවාවන් ද සමඟයි. සෑම මුහුදු ගමන් වාරයකම විශ්වාසනීයත්වය තහවුරු කිරීමට එය ඉතා වැදගත්. තාක්ෂණයෙන් උසස් මෙන්ම තිරසාර සමුද්‍ර කර්මාන්ත ක්ෂේත්‍රයක් ඇති කිරීම පිළිබඳ අපගේ පොදු දැක්ම ශක්තිමත් කරමින් තව තවත් දියුණු විසඳුම් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”

හේලීස් සමූහ ව්‍යාපාරයෙහි බලශක්ති අංශයට අයත් ‘හේලීස් පවර්’ එහි ඉංජිනේරු සහ බලශක්ති අංශයන් ඒකාබද්ධ කරමින් සිටියි. මෙගාවොට් හතළිස් අටක (48) කුඩා ජල විදුලි , සුළං සහ සූර්ය බලශක්ති  ව්‍යාපෘති සමඟින් මේවනවිටත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා සිටින මෙම සමාගම, එහි සමුද්‍ර ඉංජිනේරු හැකියාවන් සවිමත් කරමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍ර අංශයට වැඩි කාර්යක්ෂමතාවක් සහ වඩාත් තිරසාර ප්‍රමුඛ පෙළේ විසඳුම් ලබා දෙමින් සිටියි.

ඉහළ කාර්ය සාධනයක් සහිත එන්ජින්වලට අමතරව ‘හේලීස් පවර්’ මගින් ස්ථාපන, නඩත්තු සේවාවන් සහ නැවත බලගැන්වීමේ ව්‍යාපෘතීන්ද  සිදු කරනු ලබන්නේ කිසිදු බාධාවකින් තොරව යාත්‍රා මෙහෙයුම් කටයුතු සවිබල ගැනීමටය. මාලඹේ පිහිටා ඇති නවීන තාක්ෂණික පහසුකම් සහ විශ්ලේෂණ මෙවලම්වලින් සමන්විත සේවා මධ්‍යස්ථානය, ‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් සඳහා නිරවද්‍ය නඩත්තු සහ තාක්ෂණික සහාය ලබාදීම සහතික කරයි.

ඡායාරූප සිරස්තලය (වමේ සිට දකුණට) – ‘හේලීස් පවර්’ කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර මහතා,හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා සහ ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රීස් එන්ජින් සිස්ටම්ස් ඒෂියා’ කළමනාකාර අධ්‍යක්ෂ නොරියෝ මුරකමි මහතා, ‘හේලීස් පවර් සහ  ‘මිට්සුබිෂි’ අතර හවුල්කාරීත්වය දියත් කරමින්.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව