හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වන සංරක්ෂණය හරහා මෙරට වන ගහණය වර්ධනය කිරීම සඳහා කැපවෙයි

Image-2 (1) (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාරක නිපැයුම් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම නිෂ්පාදනායතනයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  නැවතත්  මෙරට වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සමඟ එක්ව, වන වගාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ශ්‍රී ලංකාවේ  වනාන්තර සංරක්ෂණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.

2021 වසරේ දී බළන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කළ වන වගා ව්‍යාපෘතිය බේබි ෂෙරමි හා කුමාරිකා යන සන්නාමයන්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙරට වනාන්තර ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාත්මක වන සංවිධාන සමඟ එක්ව ක්‍රියාත්මක කෙරිණි. මෙම ව්‍යාපෘතියේ දී හේමාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සියලු ම ව්‍යාපාරික ඒකක, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් හා අවට ගම්මානවල ජනතාව සමඟ එක් ව නැවත වන වගා ක්‍රියාන්විතයට දායක විය.

මෙම ව්‍යාපෘතිය මගින් වනාන්තර සංරක්ෂණය කිරීම,  ගස් වැල්වලින් පුරවාලීම, පවතින වනාන්තර ප්‍රදේශ සහ ඒ ආශ්‍රිත ශාක හා සත්ත්ව විශේෂ රැකගැනීම මෙන් ම ලැව්ගිනි අවදානම වැළැක්වීම ද අරමුණු කරයි. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම බලංගොඩ වන වගා ව්‍යාපෘතිය වැනි වැඩසටහන් හරහා මෙරට වනාන්තර ආරක්ෂා කරගැනීම සඳහා රටේ පුරවැසියන් හා බලධාරීන් එකසේ දිරිමත් කිරීමට කටයුතු කිරීම ද විශේෂිතය.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්,  මෙවැනි ව්‍යාපෘති ඔස්සේ හේමාස් සමූහයේ දායකත්වය  ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන අතර, ඉදිරියේදීත් මෙරට වනාන්තර ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සමඟ එක්ව මෙවැනි  දිගුකාලීන ව්‍යාපෘති හරහා  ශ්‍රී ලංකාවේ වනාන්තර සහිත ප්‍රදේශ සංරක්ෂණය කිරීමට නිරන්තරයෙන් නායකත්වය ගෙන ක්‍රියා කරන බව ද සහතික කරයි.

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව