හිරුක සහ විදාරා සමස්ත ලංකා Summer Season විවෘත බැඩ්මින්ටන් ශූරතා දිනති

WhatsApp Image 2025-04-30 at 09.33.53_09a618ad (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් නුවරඑළිය වසන්ත සමයට සමගාමීව මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා Summer Season විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි හා කාන්තා ශුරතා දිනා ගැනීමට හිරුක සහන්මිත් සහ විදාරා විදානගේ සමත්වූහ. නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තෙනුක ද සිල්වා ලකුණු 25-23ක් සහ 21-19 කින් පරාජය කිරීමට සහන්මිත් සමත් වූ අතර, විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයේදී නෙත්මි රත්නායක ලකුණු 21-13ක්, 18-21ක් සහ 24-22කින් පරාජය කිරිමට විදාරා සමත් වූවාය.
 



 
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පළමු මට්ටමේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-15ක් සහ 21-19ක් ලෙස රෙසින්ත ද සිල්වා සහ තෙනුක ද සිල්වා පරාජයට පත්කළ ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු විසිනි. සනදි ද සිල්වා සහ විදාරා විදානගේට එරෙහිව ලකුණු 25-23ක්, 16-21ක් සහ 21-19ක් ලෙස ජය වාර්තා කළ ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා විවෘත කාන්තා යුගල ශුරතාව දිනාගත්හ. ඇලන් ක්‍රිස්ටන්ටෝ සහ වරංගනා ජයවර්ධන එක්ව විවෘත මිශ්‍ර යුගල ශුරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 18-21ක්, 23-21ක් සහ 21-10ක් ලෙස මධුක දුලාංජන සහ අනුරංගි මාස්කෝරාල පරාජය කරමිනි.

සමස්ත ලංකා Summer Season විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ කනිෂ්ඨ අංශයේ අවුරුදු 19න් පහළ බාලක ඒකල ශුරතාව හිමිවූයේ හිරුක සහන්මිත් ලකුණු 21-17ක් සහ 21-10ක් ලෙස පරාජයට පත් කළ ජනීෂ ද සිල්වාටය. තිසේජා හේරත් ලකුණු 17-21ක්, 21-15ක් සහ 21-17ක් ලෙස පරාජය කළ අනුත්මි සූරියබණ්ඩාර එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල ශුරතාව දිනාගත්තාය. අවුරුදු 19න් පහළ බාලක යුගල ශුරතාව දිනාගනු ලැබුවේ ලකුණු 21-18ක්, 17-21ක් සහ 21-18ක් ලෙස හනීෂ කුලරත්න සහ ධනුෂ්ක සත්රුවන් පරාජයට පත් කළ නෙතිල් තෙව්මික සහ මනෙත් විජේගුණවර්ධන විසිනි.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් සමඟ රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග බෙදා දුන් සමස්ත ලංකා Summer Season විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා සහභාගි වූ අතර, මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති මහින්ද දොඩම්පේ ගමගේ මහතා ද එම අවස්ථාවට එක්විය. Mobil, Li Ning, McFoil, 3M සහ GAC. අනුග්‍රාහකත්වය යටතේ තරගාවලිය පැවැත්විණි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව