හින්ඩන්බර්ග් පර්යේෂණ නවතා දැමූ අදානි සමූහයේ තහවුරුව ආයෝජක විශ්වාසය වැඩි කරමින් කොටස් මිල ඉහළට

Gautam Adani, Chairman of Adani Group

18 ජනවාරි 2025 : මතභේදයට තුඩු දුන් එක්සත් ජනපදයේ කෙටි කාලීන විකුණුම් සමාගමක් වන හින්ඩන්බර්ග් සමාගමේ පරීක්ෂණ කටයුතු නවතා දමන බවට නිවේදනය කිරීමත් සමඟ, 2025 ජනවාරි 16 දින මුල් අදියරේදීම අදානි සමූහයේ සමාගම් කොටස්වල අගයන් 7%ක් දක්වා සැලකිය යුතු අයුරින් ඉහළ යාමක් වාර්තා විය. 2023 වසරේ මුල් භාගයේදී හින්ඩන්බර්ග්ගේ ඉලක්කගත වාර්තාවෙන් පසු කැපී පෙනෙන අයුරින් වෙළඳපොළ අවපාතයකට මුහුණ දීමට සමාගමට සිදු වූ අතර, මෙම පුවත තීරණාත්මක සන්ධිස්ථානයක් සලකුණු කරන්නට සමත් විය.

 



 
හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනයේ නිර්මාතෘ නේට් ඇන්ඩර්සන්, සමාගම වසා දැමීම පිළිබඳ ඔවුන්ගේ වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින්, “මම හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනය විසුරුවා හැරීමට තීරණය කළා. අප විසින් දැනට සිදු කරමින් සිටි කාර්යයන් අවසන් වූ වහාම මෙය නවතා දැමීම තමයි සැලැස්ම වුණේ.” යනුවෙන් සඳහන් කර ඇත.

කෙටි කා ලීන විකුණුම්වලදී සිදු වන්නේ ආයෝ ජකයා  කො ටස් මිල, කා ලයත් සමඟ පහළ වැ ටෙනු ඇතැ යි අපේක්ෂා වෙන්, වත්මන් මිල ගණන් යටතේ ණයට ගත් කො ටස් එම මිලටම අලෙවි කර, මිල පහළ ගිය පසු එම කො ටස් නැ වත මිලට ගෙන තැ රැව්කරුවන් වෙත ලබා  දී මිල වෙනස තමන්ගේ ලා භය ලෙස ලබා  ගැ නීමේ ‘කෙටි ස්ථානීය’ ගනුදෙනුවකි.

ඇන්ඩර්සන්ගේ සටහන පළ කෙරෙන්නේ, සමාගම මූල්‍ය වෙළඳපොළේ සිය කාර්යයන් අවසන් කරමින් සිටින අතරතුර වන අතර, මෙම කාලසීමාව තුළ ඔවුන් විසින් ඉදිරිපත් කළ වාර්තා අතර, EV නිෂ්පාදන සමාගමක් වන Nikola Crop, Block Inc. (Twitter නිර්මාතෘ ජැක් ඩෝර්සි විසින් ප්‍රවර්ධනය කරනු ලැබූවකි) සහ Icahn Enterprises මෙන්ම අදානි සමූහය යන සමාගම් විශේෂ වැදගත්කමක් උසුලනු ලැබීය.

අදානි සමූහයේ සියලුම කොටස් සඳහා වෙළඳපොළ ප්‍රතිචාරය ඉක්මන් සහ යහපත් එකක් විය. Adani Green Energy 6%කට ආසන්න වැඩි වීමක් වාර්තා කළ අතර Adani Ports සහ Adani Power ඇතුළු අනෙකුත් සමූහ සමාගම් 4%කට වඩා වැඩි ප්‍රතිශතයක් අත්කරගනු ලැබීය. Adani Enterprises, Adani Energy Solutions, ACC, Ambuja Cements, සහ NDTV සමාගම් ද 3-4% අතර ලාභයක් වාර්තා කළේය.

2023 ජනවාරි මාසය සමග සසඳන විට මෙම වර්ධනය සැලකිය යුතු වෙනසක් පෙන්නුම් කළ අතර, හින්ඩන්බර්ග් වාර්තාව මඟින් සමාගමට චෝදනා කර තිබුණේ කොටස් මිල වෙනස් කිරීම මඟින් ‘ආයතනික ඉතිහාසයේ විශාලතම වංචාව’ සිදු කළ බවට සඳහන් කරමිනි. මෙම වාර්තාව මඟින් අදානි සමූහයේ කොටස්වල දැවැන්ත ලෙස විකුණුම් වෙනස්කම් සිදු විය. අදානි සමූහය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, මෙම චෝදනා පදනම් විරහිත වූ බැවින් සමාගමට සිදු වූ පාඩු බොහෝමයක් පියවා ගැනීමට ද හැකි විය.

අදානි සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි ජුගේෂින්දර් ‘රොබී’ සිං, X සමාජ මාධ්‍ය ජාලයේ මේ සඳහා පිළිතුරු සටහනක් පළ කළ අතර එය මතභේදයට තුඩු දුන් කාලය පුරා සමූහයේ ස්ථාවරය සනාථ කිරීමට ද ඉවහල් විය.

හින්ඩන්බර්ග් විසින් ඉලක්ක කළ සමාගම් බොහෝමයක් වසා දැමීමට හෝ නියාමන දඬුවම්වලට යටත් වීමට සිදු නමුත්, අදානි සමූහය ඉන්දියානු නියාමන ආයතන හා අධිකරණ මඟින් නිදොස් බවට තහවුරු කෙරුණු අතර, සමූහයේ මූල්‍ය ශක්තිය වර්ධනය වූ ආකාරය පහත වගුවෙන් දැකිය හැකිය.

මූලික අගයන්

  (සැප්තැම්බර් වන විට – ₹ කෝටි) වර්ධනය (%)
2022 2024
වෙළඳපොළ ප්‍රාග්ධනය # (Market Cap) 19,19,889 12,62,744 -34.23
දේපළ අගය (Gross Assets) 3,71,255 5,53,414 49.00
පළමු අර්ධ වාර්ෂික EBITDA (H1 EBITDA) 29,654 44,212 49.00
අවසාන 12 මාස EBITDA (TTM EBITDA) 56,838 83,440 47.00
ශුද්ධ ණය (Net Debt) 1,96,276 2,05,252 5.00
කොටස් (Equity) 1,74,979 3,48,162 99.00
ශුද්ධ ණය / EBITDA අනුපාතය (Net Debt to EBITDA) 3.8x 2.4x
මුදල් සංචිත (Cash Reserves) 29,754 53,024 78.00

# වෙළඳපොළ ප්‍රාග්ධන අගය 2023 ජනවාරි 24 වන විට | මූලාශ්‍රය: ආදානි ප්‍රකාශන

වෙළඳපොළ විශ්ලේෂකයන් සඳහන් කරන ආකාරයට හින්ඩන්බර්ග් වසා දැමීම සිදු වන්නේ ගෝලීය වශයෙන් කෙටි විකුණුම් පිළිවෙත් පිළිබඳ වැඩි අවදානයක් යොමු වෙමින් පවතින වකවානුවකය. එම ආයතනය මූල්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත්වීම සිදුවන්නේ, සමූහයේ ශක්තිමත් වෙළඳපොළ ස්ථාවරයත්, ප්‍රතිෂ්ඨාපනයත්, ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනය තුළින් යළි ළඟා කරගත් ආයෝජක විශ්වාසය ද සමගයි.

හින්ඩන්බර්ග් ආයතනය වසා දැමීමේ සිද්ධිය ඉන්දියානු මූල්‍ය වෙළඳපොළට ආන්දෝලනාත්මක පරිච්ඡේදයක් එකතු කරන්නක් වූ අතර, ජාත්‍යන්තර කෙටි විකුණුම්කරුවන්ගේ නැඟී එන සමාගම්වල කාර්යභාරය හා බලපෑම ප්‍රශ්න කරන්නට සමත් සිදු වීමක් ද විය. වෙළඳපොළ විසින් සංවර්ධනය උකහා ගන්නා විට, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළවල ආයතනික පාලනය හා වෙළඳපොළ අධීක්ෂණය වැනි පුළුල් කාරණා වෙත ද අවදානය යොමු වන බව මේ තුළින් මනාව පෙනී ගිය කරුණකි.

අදානි සමූහය දිගින් දිගටම හින්ඩන්බර්ග් චෝදනාවන් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, කෙටි විකුණුම් ආයතනය වසා දැමීම සහ ඉන්පසු වෙළඳපොළ තුළ ආයෝජකයන්ගේ විශ්වාසය මෙන්ම අනාගත අපේක්ෂාවන් වර්ධනය වීමේ ප්‍රවණතාවක් ද පැහැදිලිවම දැකගත හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව