හරිත බලශක්ති නවෝත්පාදකයින් හට සීඝ්‍රගාමී ව්‍යාපාර වර්ධන වැඩසටහනක් සඳහා සුවිශේෂී ආරාධනාවක්

GEC 2021

 




 

 

කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකා හරිත බලශක්ති ශූරතාවෙහි (Green Energy Champion) සිව්වන සැසිය අප්‍රේල් මස 15 දින ආරම්භ වූ  අතර දිවයින පුරා සිටින සියලුම පුනර්ජනනීය බලශක්ති නවෝත්පාදකයින්ට සීඝ්‍රගාමී ව්‍යාපාර වර්ධන වැඩසටහනකට සුවිශේෂී ප්‍රවේශයක් ලබා ගැනීමේ අවස්ථාවක් සඳහා ආරාධනා කෙරේ. මෙම වැඩසටහන නමින් ග්‍රීන් එනර්ජි චැම්පියන් ඇක්සලරේටර් 2021 (Green Energy Champion Accelerator 2021) වන අතර, සහභාගී වන්නන් හරිත බලශක්ති පරිසර පද්ධතියේ දේශීය හා ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සඳහා වැඩිදුර සූදානම් කරනු ලැබේ.

ග්‍රීන් එනර්ජි චැම්පියන් ඇක්සලරේටර් (Green Energy Champion Accelerator 2021) වැඩසටහන මඟින්: ව්‍යාපාරික හා අලෙවිකරණ ඥාණය ඇති සහභාගිවන්නන්ට ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාපිත කිරීමට හා වර්ධනය කිරීමට සක්‍රීයව සහාය වීම, අවස්ථාවන් හදුනා ගැනීමට සහ පහසු වෙළඳපල ප්‍රවේශය සඳහා තක්සේරුගත අවදානම් ගැනීමට ඉඩ සැලසීම සහ හවුල්කරුවන්, බෙදාහරින්නන්, ආයෝජකයින්, ගනුදෙනුකරුවන් සහ මාධ්‍ය හවුල්කරුවන් හමුවීමේ අවස්ථා සැලසීම සමඟම පරිසරය, ප්‍රජාව සහ ආර්ථිකය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අවස්ථාව ලබා දීමද සිදු කෙරේ.

සියලුම ආරම්භක සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට, තිරසාර සංචලතාව (sustainable mobility), බලශක්ති කාර්යක්ෂමතාව (energy efficiency) සහ පුනර්ජනනීය බලශක්තිය (renewable energies) යන ක්ෂේත්‍රයන්හි සිය නිර්මාණාත්මක හා නව්‍ය නිෂ්පාදන, ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට මෙමගින් ආරාධනා කෙරේ. වඩා කැපී පෙනෙන අපේක්ෂකයින් හට ග්‍රීන් එනර්ජි චැම්පියන් ඇක්සලරේටර් (Green Energy Champion Accelerator 2021) වැඩසටහන තුළින් තම ව්‍යාපාරය මනාව සකස් කර ගැනීමට සහ සංවර්ධනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

සියළුම අයදුම්කරුවන්ට පවත්වා ගෙන යා හැකි හා පරිමාණය කිරීමේ හැකියාව සහිත අවම ශක්‍ය නිෂ්පාදනයක් හෝ  මූලාකෘතියක්  (minimum viable product/prototype) තිබිය යුතු අතර, අදහස, නවෝත්පාදනය හෝ නිෂ්පාදනයේ තාක්‍ෂණික ශක්‍යතාව සහ වෙළඳපල යෝග්‍යතාවය පිළිබඳවද මෙමගින් සමාලෝචනය කරනු ලැබේ. සති දෙකක ඇගයීම් හා තේරීම් ක්‍රියාවලියකින් පසු, තෝරාගනු ලබන අයදුම්කරුවන් ග්‍රීන් එනර්ජි චැම්පියන් ඇක්සලරේටර් (Green Energy Champion Accelerator 2021) වැඩසටහනට ඇතුළත් කරනු ලැබේ. එහිදී ඔවුන්ට මාස 6 ක තීව්‍ර හා මනා පුහුණුවක් ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ උපදේශනයන්ද ඇතුලුව ලබා දෙනු ඇත.

මෙම සීඝ්‍රගාමී ව්‍යාපාර වර්ධන වැඩසටහනෙන් පසුව හරිත බලශක්ති පරිසර පද්ධතියේ දේශීය හා විදේශීය හවුල්කරුවන් ගැලපීම උදෙසා විධිමත් හවුල්කරුවන් ගැලපීම් සැසියක් (formal Partner Matchmaking Event)  සහ වැඩසටහන සම්පූර්ණ කරන සමාගම් ප්‍රදර්ශනය කිරීම සඳහා ආදර්ශන දිනයක් ද (Demo Day)  පැවැත්වේ. හරිත බලශක්ති ව්‍යාපෘතිය හට විදුලිබල අමාත්‍යාංශය, සහ සූර්ය, සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය වැනි ප්‍රධාන දේශපාලන පාර්ශ්වකරුවන් ගේ අවධානය ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු සංසදය හරහා ගෝලීය වෙළෙඳපොළ විනිවිද යාමේ අවස්ථා ද පුළුල් කරදෙනු ඇත.

අයදුම් කිරීම ඍජුවම අන්තර්ජාලය හරහා හෝ www.greenenergychampion.lk හරහා සිදු කල හැක. මැයි මස 14 දින තෙක් සියලුම අයදුම් පත් භාරගනු ලබන අතර වැඩි විස්තර සඳහා ඔබට www.greenenergychampion.lk  වෙබ් අඩවියට පිවිසිය හැක.

හරිත බලශක්ති ශූරතාව පිළිබඳව :

ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය වෙනුවෙන්, GIZ කොළඹ කාර්යාලය / Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වේ විදුලිබල අමාත්‍යාංශය, සහ සූර්ය, සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට සහාය දක්වයි. ග්‍රීන් එනර්ජි චැම්පියන් ඇක්සලරේටර් (Green Energy Champion Accelerator 2021) අරමුණු කර ඇත්තේ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන සංකල්ප ප්‍රවර්ධනය කිරීම සහ විශේෂයෙන් මහජනයාගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම සඳහා පුනර්ජනනීය බලශක්ති විසඳුම් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහාය.

මෙහෙයුම් හවුල්කරුවන් වන හැච් වර්ක්ස් (Hatch Works) සහ ගුඩ් ලයිෆ් එක්ස් Good Life X (GLX) සමඟ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතයින්ගේ (Delegation of German Industry and Commerce in Sri Lanka) සහයෝගයෙන් මෙම වැඩසටහන හරිත බලශක්ති විප්ලවයට නායකත්වය දෙන නවෝත්පාදකයින් පෝෂණය කරනු ලැබේ. මෙහි අපේක්ෂිත ප්‍රතිපලය වන්නේ ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති විසඳුම් ක්‍රියාත්මක කිරීම දිරිමත් කිරීමයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව