සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාවේ 7වන වඩාත් විනිවිදභාවයෙන් යුතු සමාගම ලෙස ශ්‍රේණිගත වෙයි

Image (1)

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රක්ෂණ සමාගම ලෙස Transparency International Sri Lanka විසින් ශ්‍රේණිගත කරයි

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනතය විසින් මෙරට ලැයිස්තුගත හොඳම සමාගම් 50ක් ඇගයීමට ලක් කොට එහි නවතම ‘Transparency in Corporate Reporting (TRAC) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වලින් 7වන වඩාත් විනිවිදභාවයෙන් යුතු සමාගම මෙන්ම වඩාත් විනිවිදභාවයෙන් යුතු ජීවිත රක්ෂණ සමාගම ලෙස ද ශ්‍රේණිගත කර ඇත. ඒ අනුව TRAC ලකුණු 7.9ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් 10 ලැයිස්තුවට පැමිණි එකම රක්ෂණ සමාගම වන්නේ ද සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමය.

ආයතනික වාර්තාකරණයට අදාල අයතා කටයුතු, සමාගම් හිමිකාරීත්වය පිළිබඳ විනිවිදභාවය සහ අභ්‍යන්තර මෙහෙයුම්වල ප‍්‍රධාන මූල්‍ය තොරතුරු අනාවරණය කිරීම යන විවිධ වූ තේමා තුනක් යටතේ TISL වාර්තාව සමාගම් ශ්‍රේණිගත කිරීම සිදු කරයි. ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත හොඳම සමාගම් 50ක් උපරිම ලකුණු 10න් 6.73ක සාමාන්‍යයක් ලබා ගෙන මධ්‍යස්ථ විනිවිදභාවයෙන් යුක්ත බව මෙම වාර්තාවෙන් සොයා ගෙන ඇත. සැලකිය යුතු විනිවිදභාවයක් ලෙස සැලකෙන, 86%ක සාමාන්‍යයක් සහිත ලකුණු ප‍්‍රමාණයක් සමාගම්වල හිමිකාරීත්වය පිළිබඳ වාර්තා කිරීමේදී සමාලෝචනය කරන ලද සමාගම් ලබා ගෙන තිබීම මෙම තක්සේරුකරණයේ ප‍්‍රධාන සොයාගැනීම් අතර වඩාත් දිරිගැන්වෙන සුළු කරුණකි. තවද, ඔවුන්ගේ දේශීය මූල්‍ය වාර්තාකරණයට අදාලව සමාගම් 31ක් පූර්ණ විනිවිදභාවයකින් යුක්ත බව සොයා ගෙන ඇත.

සිය වාර්ෂික වාර්තාව මඟින් සොෆ්ට්ලොජික් ලයිෆ් එක් එක් මූල්‍ය වර්ෂය සඳහා තම පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කර ඇති ආකාරය පිළිබඳව සවිස්තරාත්මක සහ කෙටි විස්තරයක් සපයයි. ඒකාබද්ධ චින්තනයේ (integrated thinking) මගපෙන්වීම යටතේ ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සලයේ (IIRC) රාමුවට අනුකූලව වාර්ෂික වාර්තා එළි දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය ඒකාබද්ධ වාර්තාකරණය 2013 දී ආරම්භ කරන ලද අතර එමඟින් සමාගමේ නිත්‍ය මූල්‍ය වාර්තා සමඟ මූල්‍ය නොවන තොරතුරු සම්බන්ධ කර ඇත.

‘‘අපගේ ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා අප ගෙන ඇති අඛණ්ඩ ක‍්‍රියාමාර්ග උදෙසා TISL ආයතනයේ පළමු ‘ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය’ පිළිබඳ සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ හොඳම රක්ෂණ සමාගම ලෙස ශ්‍රේණිගත වීමට ලැබීම අප අතිශයින්ම ගෞරවයක් කොට සලකනවා,’’ යනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂක, ඉෆ්තිකාර් අහමඞ් මහතා පැවසුවේය. ‘‘ආයෝජකයින්ගේ සහ අනෙකුත් කොටස්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ප‍්‍රධාන වෙනවා. ඒවගේම සමාගම් දත්තවලින් වඩ වඩාත් විනිවිදභාවය හා ක‍්‍රියාකාරී අවබෝධය සඳහා වන අයෝජකයින්ගේ උනන්දුව වර්ධනය වන ගෝලීය දත්ත ඉස්මතු කර පෙන්වනවා. එසේම මූල්‍ය ප‍්‍රධානීන්ගේ අදහසට අනුව ආයෝජකයින් තම තීරණ ගැනීමේදී සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීමට සහාය වීම සඳහා මූල්‍ය නොවන තොරතුරු වැඩියෙන් සලකා බලන බව ද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

අනාගතය සඳහා නවෝත්පාදනයන් හි විශේෂිත හැකියාව පිළිබඳ විවෘත සංවාදයක් ආරම්භ කිරීම සඳහා සමාගමට දැනට පවත්නා අනාවරණ පිළිවෙත් දෙස නැවත බැලීමට TISL වාර්තාව වැදගත් අවස්ථාවක් බව සොෆ්ට්ලොජික් ලයිෆ් විශ්වාස කරයි. විනිවිදභාවයෙන් යුතු ආයතනික වාර්තාකරණය තුළින් විවෘතභාවය, අව්‍යාජත්වය හා වගවීම පිළිබඳ සංස්කෘතියක් කරා ගමන් කිරීමට සමාගම බලාපොරොත්තු වන අතර යහපත් ආයතනික සංස්කෘතියක් තුළින් විශ්වාසය ගොඩ නැගීමට ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රය මෙහෙය වනු ඇත.

ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත හොඳම සමාගම් 50ක් ඇගයීමට ලක් කොට සකසා ගත් TRAC වාර්තාව සඳහා තොරතුරු එක් රැස් කරන ලද්දේ එක් එක් සමාගම්වල වාර්ෂික වාර්තා හොඳින් අධ්‍යයනය කළ TISL ආයතනයේ පර්යේෂක කණ්ඩායමක් විසින්ය. සිදු කරන පර්යේෂණ පිළිබඳව තෝරා ගත් සමාගම් ඔවුන් විසින් දැනුවත් කර ඇති අතර මූලික සොයාගැනීම් පිළිබඳව ප‍්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු මූලාශ‍්‍ර සමඟ මේ පිළිබඳව ප‍්‍රතිචාර ලබා දෙන මෙන් ඉල්ලා ඇත. TRAC වාර්තාව පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා  www.tisrilanka.org/TRAC  යන වෙබ් අඩවියට පිවිසිය හැකිය.

 

One Galle Face Tower  හි පිහිටි සොෆ්ට්ලොජික් ලයිෆ් ප‍්‍ර‍්‍රධාන කාර්යාලය

සොෆ්ට්ලොජික් ලයිෆ් පිළිබඳව

සොෆ්ට්ලොජික් ලයිෆ් රක්‍ෂණ සමාගම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය, අලෙවි, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සංචාරක, මෝටර් රථ සහ මූල්‍ය සේවා යනාදී ක්ෂේත‍්‍රවල දැවැන්ත වර්ධනයක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් හිමි සොෆ්ට්ලොජික් සමූහයේ සාමාජිකයෙකු වන සොෆ්ට්ලොජික් කැපිටල් පී.එල්.සී හි හිමිකාරීත්වය යටතේ පවතී. සමාගමේ සැලකිය යුතු කොටස්හිමි සමාගමක් ලෙස එක්සත් රාජධානියේ LeapFrog ආයෝජන සමාගම පෙන්වා දිය හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව